-->

Wednesday, October 6, 2010

"මීදුම"

මීදුම ....... !!!  විසිරිලා ඇත හැමතැන
සුදුම සුදු පාටින්
ඉතා සොඳුරුව මිහිමත
වසඟවී යයි නෙත සිත

මීදුම ........ !!! ගැඹුර නොපෙනී යන
මායාවක්ව පාවෙන
නොපෙනෙනා ඉදිරිය
කලුවර හෙමින් හිනැහෙන

දකින්නට පෙර මග
හිරුඑලිය අද ලඟ නැත
ඝනදුර එන්න පෙර
දල්වා දෙ ඇස් යා යුතු

මීදුම ...... !!! සොඳුරු බව වෙත වසඟව
මායා දැලෙහි පැටලී
මඟ වැරදුනෝතින්
අතරමං වනු නියතය

බොරු වලවල්ද නෙක
නොපෙනී පෙනී සැඟවෙත
සැඟවුන හිරු කිරන
වඩිනු මැන යලි හනිකට

1 comment:

  1. මේ ලෝකෙ හැම දෙයක්ම මීදුමක් වගේ තමයි. ඒ තුල ඇත්තටම පවතින දෙයකුත් නෑ. නිකන්ම මායාවක් විතරයි.
    මීදුමක් නොවන කිසිවක් වේනම් තමා අභ්‍යන්තරයෙන්ම හමුවිය යුතුයි.

    ReplyDelete