අතිශයින් සුන්දරව නුඹේ හැම අතු රිකිලි
මලින් පිරුනා එදා වසන්තය හිනැහෙමින්
සුවඳ දුන් හැම සිතට සිනාවන් ගෙන එමින්
දෙවියන්ගෙ තිලිනයද වුනේ මනුසත් බවට
අහස සැඩවී කලෙක නොපැතු ලෙස බිහිසුනුව
අනෝරා වැසි වැටිනි ගිගුම් දී දස අතම
සැඩ සුළඟ නුඹ ඇවිත් නපුරු කුමරෙකු ලෙසින
කෙලෙස ඇගෙ අතු රිකිලි මල් කැකුලු වැනසුවෙද.... ?
නිශ්චලව හිඳී ඇය පරව ගිය විලාසෙන්
කඳුළු නොම දකින මුත් රිදුනු අතු පතර ඇති
ගිම්හානයේ හිරුද අනවරත වේගයෙන්
දවයි නිති අතු පතර යලි රිකිලි නො එන ලෙස
සඳ සිසිල ගලාවිත් හදවතම පිරිමදිනු
දැනෙන මුත් නිහඬ ඇයි නුඹ අනේ මේ තරම්
නොහැකි වෙද එකම එක අතු රිකිල්ලක යලිත්
සොඳුරු පරසතු මලක් සුවඳ දී පුබුදන්න

Very deep and touching. Words in this poem have lots of meanings and aspects. Best of luck for your writing career!
ReplyDeleteදුක සැප නිති පෙරළෙයි ලෝකේ...
ReplyDeleteඉතින් ආයිත් දල්ලක් හරි ඒවි...ටික කලකින් ම කලින් තිඹුණා වගේ ම වෙන්නත් පුළුවන්...මුළු ගහම දිරලා යන්නත් පුළුවන්..
සමහර වෙලාවට වෙනකම් බලා නොයිද මොනාහරි කරන්න වෙනවා
ජයවේවා!!!