-->

Wednesday, September 1, 2010

"ස්ත්‍රීත්වය නුඹ"



සමනල් සිහින යායක
පාවී සිහින් සුළඟක
පුංචිම පුංචි වයසේ
ළදැරියක වුන සමයක
"ස්ත්‍රිත්වය" නුඹව මට
වෙනසක් ලෙසින් නොපෙනිනි
බාධකයෙකැයි නුඹ මට
කිසිම ලෙසකින් නොහැඟිනි



සුන්දර යොවුන් විය
කුමරියක වී ‍රැඟුවෙමි
බඹර ගුමු නද මැද
සසල බවකින් පෙලුනෙමි
"ස්ත්‍රිත්වය" නුඹ මට
ආකස්මිකව හිනැහුනි
‍රැකවරණය ඇවැසි බව
පසක් කොට දුන්නෙහි නුඹ
 
තුරුණු විය අවසන
දකිමි ලෝකය නිසි ලෙස
වෙනස් කම් හා සීමා
කෙතරම්ද යැයි තිර කොට
"ස්ත්‍රීත්වය" නුඹ දැන්
සැබෑ ලෙස මට පෙන්වයි
දෙවන පෙල හිඳ දක්නට
කරුමයක්වූ උරුමය

6 comments:

  1. ස්ත්‍රීත්වය තවමත් අපේක්ෂා කරන්නේ දෙවන පෙලම පමණක් බව ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය තහවුරු කරයි.

    ReplyDelete
  2. ``` Outsider``` සමග එකඟ වෙමි....:(.

    ReplyDelete
  3. ඔබ දියණියට උරුම කරන්නෙත් මේ කරුමයමද?

    ReplyDelete
  4. ස්ත්‍රීත්වය ...මෙයම නොවෙද ......
    අපූරු පද ටිකක් මැණික්

    ReplyDelete
  5. සියක් වූ බලාපොරොත්තු
    දහක් වූ සිතිවිලි
    පිනවන්නට සැවොම
    ආදරයෙන් හිමීට
    රිද්දමින් අග කොනකින්
    සනසවමින් ඔවුන්
    නොව නුඹ
    වෙර දරමින් සිනාසෙන්නට
    මහ මෙර උසුලන
    ස්ත්‍රීත්වය
    පසක් නොවේ කිසිදාකට
    මා නුඹට නොව
    නුඹ මටම...

    ReplyDelete