-->

Tuesday, September 7, 2010

"ප්‍රේමයයි නුඹ"

ප්‍රේමයයි නුඹ ත‍ටු ලැබී නිල්
අහස් කුස සිට මට සිනාසුන
කුරුලු ගීයක තනුව සිහිකල
සුවඳ ගෙන ආ මල් පියල්ලක
අහිමි වූ සඳ නුඹ එදා මට
කඳුළු වැස්සෙන් දියව මා සිත
අතරමං වුන කිරිල්ලිය වුනි
යනෙන මඟ නැති මංමුලා වුන

ප්‍රේමයයි නුඹ කිසිත් නොපතන
විශ්වයම වී මට සිනාසුන
පන්සිළුගෙ වෙන නදට සමවුන
සඳ පහන් ‍රැය සේ උදාවුන
අහිමි වූවද නුඹ මෙදා මට
සිනාසෙන්නෙමි සිතින් අද මම
විශ්වයම මට අයත් වූ සඳ
හඬනු කුමටද මුලාවී සිත

3 comments:

  1. මලානික සඳ කලාවට පෙනුනෙ ඔබ නිසා....
    ගලායන ඇලි වලාවන් වාගෙ උනේ ඔබ නිසා...
    සලායන රැලි රටාවන් දුන්නෙ ඔබ නිසා....
    කොටින්ම ලෝකෙම ලස්සන අවබෝධ උනේ ඔබ නිසා...
    ඔබ ගියා...ඒත් ඒ දැක්ක ලස්සන කිසිදා යන එකක් නෑ...

    ReplyDelete
  2. කිසිත් අහිමිව ගිහිං නැති වග
    නොතේරුම් කම මිස කුමක් වද..?

    ReplyDelete