පිච්ච මල් පිහාටුව උඩ
සප්ත ගිරි ශිඛර පාමුල
චන්ද කින්නරී කුමරිය
මන්ද වළපිනේ
වංක ගිරි හිමව් කුස තුල
සිද්ද වුන විපත් දැක දැක
සක්‍ර දෙවියනුත් අද නැත
කිම්ද මේ වුනේ
අන්න අර බලන් සකිසඳ
කින්නරා හිඳියි නුබ කුස
වන්දනා කරන සිත ලඟ
සුර්ය දෙවි ලෙසේ
අන්ධ වූ අතිර සසරෙහි
වින්ද දුක් ඉතින් නම් ඇති
යන්න එතෙර වී සසරින්
කින්නරී මගේ
සප්ත ගිරි ශිඛර පාමුල
චන්ද කින්නරී කුමරිය
මන්ද වළපිනේ
වංක ගිරි හිමව් කුස තුල
සිද්ද වුන විපත් දැක දැක
සක්‍ර දෙවියනුත් අද නැත
කිම්ද මේ වුනේ
අන්න අර බලන් සකිසඳ
කින්නරා හිඳියි නුබ කුස
වන්දනා කරන සිත ලඟ
සුර්ය දෙවි ලෙසේ
අන්ධ වූ අතිර සසරෙහි
වින්ද දුක් ඉතින් නම් ඇති
යන්න එතෙර වී සසරින්
කින්නරී මගේ
මෙය අප රටේ වෙසෙන සියළුම චන්ද කින්නරියන් වෙනුවෙනි. යුද්ධය සහ වෙනත් නොයෙකුත් හේතුන් නිසා සඳ කිඳුරියන් සේ සිතින් වැලපෙන සිය දහසක් ළඳුන් අපට අමතකය. තම ලබැඳියන්ගේ ජීවිතය ඉල්ලා හැඬූ ඔවුන් සැනසීමට එදා මෙන් සක් දෙවිඳු නාවේය. එහෙත් ඉර පායන සෑම දිනයකම තම කඳුළු සිත තුල සඟවා ඔවුන් දිරියෙන් ජීවිතයට මුහුන දේ. ඒ සියලු චන්ද කින්නරියන්ගේ සිත් සුවපත් වේවායි අපි එක්වන්ව පතමු.

හැමදාම වගේ සුන්දර පැදි පෙළක් අදත්...හරිම ලස්සනයි
ReplyDelete"අන්ධ වූ අතිර සසරෙහි
ReplyDeleteවින්ද දුක් ඉතින් නම් ඇති
යන්න එතෙර වී සසරින්
කින්නරී මගේ"
ඒක නම් හිතට දැනුනා ගොඩක්.... ලස්සනයි....
කාලීන වටිනාකමක් තියෙන අදහසක්.
ReplyDeleteපහුගිය සමයේ මේ රටේම කොයිතරම් කිඳුරන් අහිමි වු කින්නරාවන් බිහිවුණාද? උමතු මිනිසුන්ගේ ක්‍රියාදාම වල ප්‍රතිඵල විදියට.
අද ඒ තරමටම අස්ථිර වෙලා ජීවිතය පවත්වා ගැනීම. එකම නිදුක් බිම තිබිය හැක්කේ සසරින් එතෙරයි.
ගොඩක් හදට දැනෙන පැදි පෙලක්.