-->

Tuesday, April 20, 2010

නඟේ නුඹට

කුඹුක් මලේ සුවඳට බඹරුන් ලං නොම වඤ්ඤයි
ගං දෑලේ කළු කුමාර බැල්ම නොම වැටෙඤ්ඤයි
හඳපානක් මෙන් රෑ සිරි දින දින බබලඤ්ඤයි
නඟේ නුඹට තුන් සරනේ පිහිට ලබා දෙඤ්ඤයි

පාන් පැලට අවදි වෙලා මුහුන දොවා ගඤ්ඤයි
කොබෝනීල මලක් වගේ හිනා පුරෝ ගඤ්ඤයි
බුදු පානට මලක් තියල දවස පටන් ගඤ්ඤයි
කුල කතකගෙ සිරියාවෙන් ගමම බබලවඤ්ඤයි

සද්ද විද්ද තේජස් බල කුමාරයෙක් එඤ්ඤයි
කන්දෙ විහාරෙට අවුදින් වැඳ අවසර ගඤ්ඤයි
හිච්චි නගා සහේට ගෙන යහතින් වැජඹෙඤ්ඤයි
කන්ද කතරගම සාමිනි ‍රැකවරණය දෙඤ්ඤයි

3 comments:

  1. ela ela. andare kenek nemeyne e kumaraya

    ReplyDelete
  2. එළම තමයි..
    කොබෝ නීල් මල් නම් දැකල නෑ... මම..

    ReplyDelete
  3. අපූරු කවිය..... හිතේ ලස්සන රූපයක් ඇදුනා.....

    ReplyDelete