කුඹුක් මලේ සුවඳට බඹරුන් ලං නොම වඤ්ඤයි
ගං දෑලේ කළු කුමාර බැල්ම නොම වැටෙඤ්ඤයි
හඳපානක් මෙන් රෑ සිරි දින දින බබලඤ්ඤයි
නඟේ නුඹට තුන් සරනේ පිහිට ලබා දෙඤ්ඤයි
පාන් පැලට අවදි වෙලා මුහුන දොවා ගඤ්ඤයි
කොබෝනීල මලක් වගේ හිනා පුරෝ ගඤ්ඤයි
බුදු පානට මලක් තියල දවස පටන් ගඤ්ඤයි
කුල කතකගෙ සිරියාවෙන් ගමම බබලවඤ්ඤයි
සද්ද විද්ද තේජස් බල කුමාරයෙක් එඤ්ඤයි
කන්දෙ විහාරෙට අවුදින් වැඳ අවසර ගඤ්ඤයි
හිච්චි නගා සහේට ගෙන යහතින් වැජඹෙඤ්ඤයි
කන්ද කතරගම සාමිනි රැකවරණය දෙඤ්ඤයි

ela ela. andare kenek nemeyne e kumaraya
ReplyDeleteඑළම තමයි..
ReplyDeleteකොබෝ නීල් මල් නම් දැකල නෑ... මම..
අපූරු කවිය..... හිතේ ලස්සන රූපයක් ඇදුනා.....
ReplyDelete