මගේ හැම සැප දුකම සම සිතින් දරමිනා
සෙවනැල්ල වගේ මා පසුපසම ගැවසෙනා
කඳුළු පිසලන ඇසේ හිතට නිවනක් වෙනා
වෙන කවුද ඔබම හැර දෙවියන්ව ගැවසෙනා
අපහාස උපහාස සුළඟ සැඩ වෙස් අරන්
වියරු වෙයි විටෙක හිත් අහස දෙවනත් කරන්
දනිමි මේ ලොව එකම එක හිතක් මා නමින්
පවතිනා බව බියක් කුමට වනුදෝ ඉතින්
ගිලන්වී සිටින කල නිදි නැතිව මා රකින
වරදකට කිසි විටක ඉඩක් හසරක් නොදෙන
ඔය දෑස මා යනෙන සියළු මඟ තනි රකින
දයාබර මවුනි ඔබ දෙවියන්ය මට සිටින

අම්මා.........කවදාවත් ලියලා ඉවර කරන්න බැරි ගුණ කද..
ReplyDeleteහරිම ලස්සන වචන.හදවත ඇතුලටම දැනුනා...
කොහොම වුණත් ඔයා වාසනාවන්තයි වගේ..
ReplyDeleteමොන තරම් අපහාස උපහාස සැඩ සුලං වෙස් අරන් ආවත් අම්මා කෙනෙක්ට ඒ හැමදෙයකින්ම තමුන්ගේ දරුවා බේරාගන්න ශක්තිය ලැබෙනවා..... මෙලොව කිසි දෙයකට සම කරන්න බැරි අපූරු ආදරයක් තියෙන්නේ ඈ ලඟ විතරමයි.......
ReplyDeleteඒක ඇත්ත පුංචි සමනලී. මොනව වුනත් අන්තිමට දරුවෙකුට ඉතිරි වෙන්නෙ අම්මගෙ ආදරය විතරයි
ReplyDelete