පොඩි දෝණිගෙ මල් හිනාවෙ
ගලා හැලෙන ගී සද්දෙට
වක්කඩ ලඟ තිත්ත පැටව්
උඩ පනිනව එක පොදියට
තිත්ත මලේ කහ පාටට
ගවුම් පොඩිය ඇඳ නැටුවට
පාන් කිරිත්තෝ තාලම්
ගහන්නෙපා මහ සද්දෙට
බොරු තරහක් හිතේ මවන්
කතා නොකර දැන් හිටියට
කොක්කු රෑන වගේ ඉතින්
සිල් රකින්න බැහැනෙ ඇයට
-->
අනේ...........හරිම හුරතල් පද ටිකක්
ReplyDeleteතිත්ත මලේ කහ පාටට
ගවුම් පොඩිය ඇඳ නැටුවට
පාන් කිරිත්තෝ තාලම්
ගහන්නෙපා මහ සද්දෙට
මේ ටිකට මම හුගාක් ආසයි
දිල් ඔයාට ස්තුතියි. හැමදාමත් ඔයා ලියන ඒවත් කියවනවා. ඒත් හැම එකක්ම අත්‍යවශ්‍යයි කියල තියන නිසා මොකුත් ලියන්න විදියක් නැහැ. තරහ වෙන්න එපා මම එහෙම කරන්නෙ මම කැමතියි ටිකක් නිදහසේ ලියන්න.
ReplyDeleteගැමි ජීවිතේ රසය පොඩි දෝණි මගින් කාන්දු වෙනව..
ReplyDeleteඒත් පොඩි දෝණි ඉක්මණට ලොකු වෙයි...
ලස්සනයි පද පෙල....... පොඩිකාලෙ මතක් වුනා මේ ටික කියවලා...... මේ පොඩි දූ වාසනාවත්නයි අද කාලේ බොහෝ දූවරු එක්ක සසඳන කොට.....
ReplyDeleteසුදු වතුසුදු මලේ සුඳයි
ReplyDeleteමුදු මල් පෙත්තක මෙලෙකයි
පිනි බිඳුවක සුනිල බවයි
ඈය ලෝකෙම එළිය කරයි
හරිම ලස්සනයි.... සමනලීටත් ඒ කියන නංගි වාගේ වෙන්න හිතුනා
ReplyDeleteවිශ්මි, වත් , පුංචි සමනලී outsider ඔයාලා හැමෝටමත් ස්තුතියි.
ReplyDelete