-->

Monday, April 5, 2010

ඔබ ලඟින්


සඳ නැගෙන යාමයට්
ඔබ ඇවිත් හිත ලඟට
මුමුනන්න එපා කවි
නිදි නැතිව ‍රැය ගෙවෙයි.

පිනි වැටෙන යාමයට
සුළඟක්ව දැවටෙමින්
කොඳුරන්න එපා මට
මගේ හිත හිරි වැටෙයි.

ඉර මුදුන් යාමයට
හෙවනැල්ල වගේ විත්
දැවටෙන්න එපා ලඟ
දෙපා පැටලී වැටෙයි.

6 comments:

  1. මේක කියවද්දි මට දැනෙන්නෙ හිමි කරගන්න බැරි දෙයක් ළංවෙද්දි දැනෙන බියත් සංතාපයත් මුසුවූ හැඟීමක්. කොහොම වුණත් පෙළ ගැස්ම ලස්සනයි.

    ReplyDelete
  2. හිමි නොවන ආදරය සුන්දරයි. ඒක බොහෝ විට අපේ ජීවිතයෙන් එහාටත් සංසාරය පුරාමත් යනවා.
    සුළඟ

    ReplyDelete
  3. සද නැගෙන යාමයට
    ඔබ ලගින් උන්නාට
    දුරස් බව දැනෙද්දී
    මට බයයි හිනහෙන්න

    මුවාවී තරු ඇසට
    කෝපි මල් සුවදක්ව
    දැවටුනත් හිත ගාව
    මම බයයි උණුහුමට

    ඉර එබෙන යාමයට
    සෙවනැල්ල ලෙසින් හිද
    දෙපා ලග දැවටෙමින්
    ඇදෙන්නම් හැමදාම

    ReplyDelete
  4. ලස්සන පද වැලක්. ලොකේටම හොරෙන්,බයෙන් පෙම් කරන අහින්සක ආදරයක් කියලයි මට හිතෙන්නෙ සද නැගෙන යමයත්,පිනි වැටෙන යාමයත් දෙකම එක වගේ වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති වෙලාවන් තමයි මේ. මේ වෙලාවෙදි හිතට දැනෙන ප්‍රේමයේ සුවය කිසිදු බියසන්කාවකින් තොරව විදින්න හැකි වුනත් ඉර මුදුන් යාමයට එහෙම නෙවෙයි කොයි මොහොතෙ කවුරු දකීද කියන සිතුවිල්ල හිත පුරාම හොල්මන් කරනව 'පය පැකිලී වැටෙයි' කියල කියන කියමන හරහා හිතේ තියන බය පැහැදිලි වෙනව

    ReplyDelete
  5. ලස්සනයි. ඇත්ත. සංසාරෙදි කොහේදි හරි ආයෙ හමුවෙනවා නම් ..මේ අහිමි වීම එදාට හිමිවීමක් වෙනවා නම්..

    ReplyDelete
  6. ආදරය එහෙමමයි
    හිත ගාව ඉගි කරයි
    ඔබ නැතුව
    ගෙවෙන එක
    මොහොතකුදු කල්පයයි....

    ලස්සනයි පද පෙළ..
    (පබලු)

    ReplyDelete