සඳ නැගෙන යාමයට්
ඔබ ඇවිත් හිත ලඟට
මුමුනන්න එපා කවි
නිදි නැතිව රැය ගෙවෙයි.
පිනි වැටෙන යාමයට
සුළඟක්ව දැවටෙමින්
කොඳුරන්න එපා මට
මගේ හිත හිරි වැටෙයි.
ඉර මුදුන් යාමයට
හෙවනැල්ල වගේ විත්
දැවටෙන්න එපා ලඟ
දෙපා පැටලී වැටෙයි.
ඔබ ඇවිත් හිත ලඟට
මුමුනන්න එපා කවි
නිදි නැතිව රැය ගෙවෙයි.
පිනි වැටෙන යාමයට
සුළඟක්ව දැවටෙමින්
කොඳුරන්න එපා මට
මගේ හිත හිරි වැටෙයි.
ඉර මුදුන් යාමයට
හෙවනැල්ල වගේ විත්
දැවටෙන්න එපා ලඟ
දෙපා පැටලී වැටෙයි.

මේක කියවද්දි මට දැනෙන්නෙ හිමි කරගන්න බැරි දෙයක් ළංවෙද්දි දැනෙන බියත් සංතාපයත් මුසුවූ හැඟීමක්. කොහොම වුණත් පෙළ ගැස්ම ලස්සනයි.
ReplyDeleteහිමි නොවන ආදරය සුන්දරයි. ඒක බොහෝ විට අපේ ජීවිතයෙන් එහාටත් සංසාරය පුරාමත් යනවා.
ReplyDeleteසුළඟ
සද නැගෙන යාමයට
ReplyDeleteඔබ ලගින් උන්නාට
දුරස් බව දැනෙද්දී
මට බයයි හිනහෙන්න
මුවාවී තරු ඇසට
කෝපි මල් සුවදක්ව
දැවටුනත් හිත ගාව
මම බයයි උණුහුමට
ඉර එබෙන යාමයට
සෙවනැල්ල ලෙසින් හිද
දෙපා ලග දැවටෙමින්
ඇදෙන්නම් හැමදාම
ලස්සන පද වැලක්. ලොකේටම හොරෙන්,බයෙන් පෙම් කරන අහින්සක ආදරයක් කියලයි මට හිතෙන්නෙ සද නැගෙන යමයත්,පිනි වැටෙන යාමයත් දෙකම එක වගේ වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති වෙලාවන් තමයි මේ. මේ වෙලාවෙදි හිතට දැනෙන ප්‍රේමයේ සුවය කිසිදු බියසන්කාවකින් තොරව විදින්න හැකි වුනත් ඉර මුදුන් යාමයට එහෙම නෙවෙයි කොයි මොහොතෙ කවුරු දකීද කියන සිතුවිල්ල හිත පුරාම හොල්මන් කරනව 'පය පැකිලී වැටෙයි' කියල කියන කියමන හරහා හිතේ තියන බය පැහැදිලි වෙනව
ReplyDeleteලස්සනයි. ඇත්ත. සංසාරෙදි කොහේදි හරි ආයෙ හමුවෙනවා නම් ..මේ අහිමි වීම එදාට හිමිවීමක් වෙනවා නම්..
ReplyDeleteආදරය එහෙමමයි
ReplyDeleteහිත ගාව ඉගි කරයි
ඔබ නැතුව
ගෙවෙන එක
මොහොතකුදු කල්පයයි....
ලස්සනයි පද පෙළ..
(පබලු)