පුනර්ජන්මය සහ අධිමානසික ක්ෂේත්‍රය සම්බන්ධව පරීක්ෂණ කටයුතු වල නියැලෙන ජිනා සර්මිනාරා කතුවරිය විසින් රචිත The World Within නම් කෘතිය පණ්ඩිත කන්නිමහර සුමංගල හිමිපාණන් විසින් ආධ්‍යාත්මික ලෝකය ලෙස පරිවර්ථනය කරන ලද අතර 2002 පෙබරවාරි මස ප්‍රථම මුද්‍රණය රත්න පොත් ප්‍රකාශකයන් විසින් එළි දැක්වීය. මෙම කෘතියට 2002 දී විවිධ විෂය පරිවර්තනය යටතේ රාජ්‍ය සම්මාන හිමිවිය. මෙම කෘතියෙහි සඳහන් එක් කොටසක් මම මෙසේ උපුටා දක්වමි.
"සෑම ජාතියක්ම එයට අයත් මතවාදයන්, සංස්කෘතික රටාවන් හා ආගමික සම්ප්‍රදායයන් තුළින් මනසේ සංවර්ධනයට, මෝක්ෂයට, වෙනස් චින්තන රටාවන් ඇති කිරීමට සුදුසු වටපිටාවක් සපයා දෙයි. පුනර්ජන්ම වාදය පිළිගන්නා කිසිවෙකුට අන් කිසිම වෙනස් ජාතියකට හෝ වෙනස් වර්ගයකට ගර්හා කිරීමට නොපිළිවන. ඔහු එසේ කරන්නේ නම් අතීතයේදී හෝ අනාගතයේදී එය ඔහුටම කරගන්නා අවමානයකි.
ශරීරය හුදෙක් ආත්මයේ අනිත්‍ය වූ වාහනයක් ලෙස හඳුනා ගැනීමේදී මනුෂ්‍යයාහට ඔහුගේ ජාතිය වර්ගය හෝ සමෙහි පැහැය ආදී දේ නිසා තවකකු හෙළා දැකීම කෙනෙකු හැඳ සිටින වස්ත්‍රය නිසා ඔහු හෙළා දැකීම පමණටම හාස්‍ය ජනක දෙයක් බව හැඟෙනු ඇත.
මෙම කරුණ පිළිබඳ දීර්ඝ වශයෙන් කල්පනා කිරීමේදී තමා අනුන්ගෙන් වෙනස්ය. තමා අනුන්ට වඩා වැදගත්ය යන හැඟීම පහව යන්නේය. මගේ ආත්මය අතීත ජීවිත වලදී කළු, සුදු, රතු, දුඹුරු හා කහ සිරුරු තුළ තිබුණේ නම්, එම ජාතීන්ට අයත් සංස්කෘතීන් හා ශිෂ්ටාචාර වල හැදී වැඩුනේ නම් මා දැනට ඉපදී සිටින ජාතිය, සංස්කෘතිය හා ශිෂ්ටාචාරය අනිකුත් සංස්කෘතීන්ට හා ශිෂ්ටාචාරවලට වඩා උසස් යයි හෝ නිර්මල යයි පවසන්නේ කෙසේද? අප සියලු දෙනාටම හඬනගා කිව හැකි දෙයක් තිබේ.
මා සියලුම ජාතීන්ගේ එකතුවකින් සැදුනෙක්මි. මම මා තුළ සිටින්නාවූ සෑම ජාතියක්ම, සෑම මනුෂ්‍ය වර්ගයක්ම වැළඳ ගනිමි. මන්ද මා සියලු දෙනාගේම කොටසක් නිසාද සියලු දෙනාම මගේ කොටසක්ද නිසාය" (පිටු අංක 179-180)
ඉහත සඳහන් කොටස මා විශේෂ කොට උපුටා දැක්වූයේ අප ජාතියෙන් ආගමෙන් රටෙන් හා වෙනත් නොයෙක් සීමාවන් තුළ බෙදෙමින් කුලල් කාගැනීම කෙතරම් නිරර්ථක ක්‍රියාවක්දැයි පෙන්වා දීමටය. මේ මිහිතලය මත අප කොතැන, කවර අයුරකින් සිටියත් අප ඒ මොහොතේ එතැන සිටින්නේ අප විසින් සිදු කළ යුතු කිසියම් මෙහෙවරක් උදෙසාය. ඉතින් අප කළ යුත්තේ අනිකුන්ගේ වැරදි අඩුපාඩු සහ උස් පහත් කම් සොයමින් කාලය කා දැමීම නොව ඒ මොහොතේ අපට හිමිව ඇති මෙහෙවර නිම කිරීම නොවේද?.

No comments:
Post a Comment