ඊයෙ කතාව වැඩි දෙනෙක් කියවල බව තේරුන නිසා අදත් ඔන්න ඒ වගේම කතාවක්. අපේ ගම් පලාතේ ඉන්න සුනිල් පොල්ගස් කීපයක් තියන හැම දෙනාටම නැතිවම බැරි කෙනෙක්. මේ දවස් වල ගස් නගින්න පුළුවන් අය සීමිතයිනේ. ඉතින් සුනිල් තමයි මේ රාජකාරිය කාලයක් තිස්සේ නොකඩවා කරන්නේ. සුනිල් හොඳට දන්නවා ගමේ තියන පොල් ගස් වල ගෙඩි කඩන්න ඕනෙ කාලේ. කල් යල් බලල ඇවිත් සුනිල් අයිතිකාරයන්ට මතක් කරනවා පොල් පැහිල බව. ඉතින් අයිතිකාරයා එදාට පොල් කඩන්න කැමති නම් සුනිල් තමන්ගෙ කුලිය අරන් ගෙඩි ටික කඩල දීල යනවා. කුලිය කියන්නේ එක ගහකට මෙච්චරයි කියලයි. පොල් ගනන් යන්න පටන් ගත්තට පස්සේ කුලියත් බලා ඉද්දි නගින්න ගත්තා. කුලියෙ නැගිල්ල කොහොමද කියනව නම් දැන් නම් අයිතිකාරයො වැඩි දෙනෙක් පොල් ඉබේ වැටෙනකම් බලා ඉන්නවා.
දැන් අවුරුදු දෙක තුනකට කලින් ජංගම දුරකතන බෝවී ගෙන යන කාලෙ අපේ සුනිල් අතටත් කොහෙන් හරි ජංගමයක් ලැබිල තිබුනා. මුල් දවස් වල පොල් කඩන්න යන හැම ගෙදරකින්ම පොල් කඩන්න කලින් ගෙදර නොම්මරේ ඉල්ලගන්නවා. මොකටද නොම්මරේ කියල ඇහුවම කියන්නේ,
"හදිස්සියකට කතා කරන්න මහත්තයො"
කියල. හදිස්සිය තේරෙන්නේ ගහට නැග්ගට පස්සේ. ගහ උඩ ඉදන් මිනිහ ගෙදර නොම්මරේට කතා කරනවා. මහත්තයා පොල් ගහ ගාවා ඉඳල ටෙලිපෝන් එක ලඟට දුවනවා.
"මහත්තයා, පොල් එක වල්ලයි තියෙන්නේ. ගෙඩි දෙක තුනක් පැහිල මදි වගේ. එකක් කඩන්නම්. පැහිල ඇතිනම් කතා කරල කියන්න"
"වෙනදත් පොල් කැඩුවෙ ගහ උඩට ගිහින් මගෙන් අහලද. කඩපන් මනුස්සයෝ"
මහත්තයට කේන්ති ගිහින් කෑ ගහනවා. ඔන්න ඒ ගහේ කඩල අනිත් ගහට නගිනවා. ආයෙමත් කලින් වගේමයි. ඉතින් පොල්ගස් දහයක් දොළහක් තිබුනොත් දුරකතනයට උත්තර බැඳලම ගෙදර අය හති වැටෙනවා. ඒත් මේක මේ මනුස්සයට ගානක් නැහැ. කොහොම කොහොම හරි ගමේ මිනිස්සුන්ට මේ වැඩේ නිසා පොල් කැඩිල්ලත් එපා වුනා. පැහෙන පොල් ටික නොකඩත් බැරි නිසා අන්තිමට ඉතින් සුනිල්ගෙ ජංගම දුරකතන භාවිතය නවත්තගන්න හොඳ උපක්‍රමයක් ගමේ අය හොයා ගත්තා. මේකයි උපක්‍රමය. පොල් කඩන්න එනකොටම සුනිල්ට කියනවා ගහ උඩ ඉඳල ටෙලිපෝන් කළොත් ගහකට දෙන කුලියෙන් රුපියල් දහයක් අඩු කරනවා කියල. යන්තම් ඒ වැඩෙන් කොහොම හරි සුනිල්ගෙ ජංගම පිස්සුව නැතිවෙලා වෙනදා වගේ තමන්ගෙ රාජකාරිය කරන්න පටන් ගත්තා.

තාක්ෂණය දියුණු උනාම වෙන දේවල්.......:)
ReplyDeleteලංකාවේ අපේ ඇත්තන්ගේ වැඩ
ReplyDeleteහිකිස්.....
ReplyDelete