-->

Wednesday, March 23, 2011

"දෑස් අඳ කන්‍යාව"

සමබරව ගෙනෙන්නට
නීතියේ තීරණය
දෑස් බැන්ඳේ ඇයිද
තරාදිය දී අතට

ඇසේ මට තොපේ ඔය
විසුළුවූ හිනා හඬ
දෑස් නොපෙනෙන නිසා
කරන්නෙද විසම වැඩ

අසමබර බව දැනේ 
මට මගේ තරාදිය
නිල බලය ධන බලය
සිනාසෙයි අඳ බවට

නොපෙනේද මේ කඳුළු
මගේ දෑසින් ගලන
අහන්නේ කවුරුන්ද
මගේ මේ අවනඩුව

3 comments:

  1. ඕක අහන්න බල්ලෙක්වත් නෑ හැමදාම.

    ReplyDelete
  2. අපූරු අදහසක්

    ReplyDelete