-->

Saturday, March 5, 2011

"පාරමී"

නිසසලය මේ බිම් කඩ
නැත කිසිවෙකුත් අහලක
පන්හිද සුරත ‍රැඳි
තනි රකී නොවෙනස් ලෙස

කුරුලු කූජන මිස
කුමටදෝ සත් සර හඬ
අවසර නැත ඔබට
ඇතුලු වන්නට අරණට

සෙවනැල්ල පමණකි
ඇවැසි මගෙ තනි රකිනට
විඩාබර සිතකට
වෙනත් කිසිවක් වුවමනා වෙද?

සැනසුමෙන් හිඳිනට
පෙරුම් පුරණෙමි මේ ලෙස
වහංවී ලෝකෙන්
මහද පත්ලෙහි කිඳී ඉන්නට

මරණයේ සීතල
දෑත ලංවී ආ කළ
නොකියා කිසිවෙකුට
පිටව යන්නෙමි නිසලව

3 comments:

  1. ලස්සනයි...

    ReplyDelete
  2. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතMarch 7, 2011 at 1:22 PM

    හුදෙකලා ගමනෙක
    තනි නොතනි රකින්නට
    ඇවැසි පිරිවර කැල
    මැවේ නිති පන්හිඳ අගින් සොඳ

    සිතෙහි නැගි පීඩා
    දුක් සුසුම් සෝ වේදනා
    පන්හිඳ තුඩ'ග දවටා
    මුදාලනු මැන හද විල කලඹා

    අකුරු මත ඒ නැගී ගිලිහෙන
    වේදනා බර කළකිරුණු සිත
    දෙස බලන ඔබ මුව'ග සිනහව
    නිවාලනු ඇත ඔබේ හද විල

    ReplyDelete
  3. @නිම්ශා: ස්තුතියි නිම්ෂා
    @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත: ලස්සනයිනෙ ඔයාගෙ කවිත්. අන්තිමට මට
    ඔයාගෙන් කවි පොතක්ම ලැබෙයි වගේ. ස්තුතියි.

    මැණික්

    ReplyDelete