මේ කියන්නෙ යන්නෙ ජංගමය නිසා වුන පටලැවිල්ලක් ගැනයි. එළුගාලක්, කුකුල් කොටුවක් එහෙම තියෙන අවුරුදු 70ක් විතර වයස සින්නයියට ඉන්නවා යාළු මහත්තයෙක්. යාළු මහත්තයා එක්ක තනි නොතනියට ඇවිදින එකත් සින්නයියගෙ එක රස්සාවක්. එහෙම ගියාම කෑම බීම එක්ක කීයක් හරි සින්නයියගෙ අතට ලැබෙනවා. දවසක් යාළු මහත්තයා එක්ක සින්නයියා දුර ගමනක් ගියා. එදාම ආපහු එන්න අමාරු නිසා රෑ නැවතිලා පහුවදා උදේ එමු කියල යාළු මහත්තයා කිව්වා. මොනව කරන්නද? අකැමැත්තෙන් උනත් සින්නයියත් නැවතුනා. ඒත් කල්පනාව තමන්ගෙ එළුගාලයි, කුකුල් කොටුවයි ගැන. සින්නයියගෙ පුතා බැඳපු ලේලි ගෙදර ඉන්නවා. සින්නයියට හිතුනා ලේලිගෙන් අහන්න සත්තුන්ට හරියට කෑම බීම දුන්නද කියල.
"මහත්තයෝ, මේ නොම්මරේට මට කෝල් එකක් අරන් දෙනවද?"
සින්නයියා යාළු මහත්තයට කිව්වා. මහත්තයා නොම්මරේ ඔබලා සින්නයිය අතට ජංගමේ දුන්නා.
"අලෝ.. අලෝ.... උඹට මං කියන එක ඇහෙන්නෙ නැද්ද? මොකක්... උඹ ඒ පාර ඉන්ගිරිසියෙනුත් කතා කරන්න පටන් ගත්තද? ඈ බං උඹ මාව විහිළුවකට ගත්තද. මං කියනදේ අහගෙන හිටු දොඩවන්නේ නැතිව. හැබෑට මේකිට මම......හහ්..."
සින්නයියට හොඳටම කේන්ති ගිහින් යාළු මහත්තයා අතට ජංගමේ ආපහු දුන්නා. යාළු මහත්තයා තක්බීර් වෙලා බලා ඉන්නවා.
"මොකද සින්නයියා වුනේ?"
"බලන්ට මහත්තයා... මේකි මං නැති ටිකට ඉන්ගිරිසිත් ඉගෙන ගෙන. ඒක පෙන්නන්ට මං කියන එකට ඇහුන් කන් නොදී මේකි ඉන්ගිරිසියෙන් කියවනවනේ. මං බලාගන්නම්කො හෙට ගෙදර ගිහින්. පුතා නැති අතරෙ මේකි නටන නාඩගං"
කෝකටත් කියල යාළු මහත්තයා ආපහු නොම්මරේ ගත්තා. අර වෙලාවකට අපිට ඇහෙන්නේ "ප්‍රතිචාරයක් නැත. පසුව අමතන්න" කියල. ඔන්න ඒක සිංහලෙන්, ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් යනවා. ජංගමයකින් කතා කරල නැති සින්නයියා ඕක කොහෙ දන්නවද?. ඒකනෙ මේ පටලැවිල්ල.
"බලන්ට මහත්තයා, මේකි මට පසුව අමතන්න කියලත් කිව්වනේ",
යැයි විස්සෝප වෙමින් සිටින සින්නයියා දුටු යාළු මහත්තයා බඩ අල්ලාගෙන හිනාවෙන්නට පටන් ගත්තා.

හෆොයි.......
ReplyDeleteha ha
ReplyDeletepatta patta saho grt wrk
හොද වෙලාවට යාළු මහත්තයා අයෙත් රී ඩයල් කරලා බැලුවේ... නැත්නම් මොනව වෙයිද දන්නෑ........
ReplyDeleteane paw
ReplyDelete@හා පැටික්කි , Sachin , Dinesh, ayesha
ReplyDeleteම්.. ස්තුතියි හැමෝටම. මේක ඇත්ත කතාවක්.
මැණික්