මම ලඟදි කියවගෙන යන පොතක් ගැන මම කලින් සඳහනක් කලානේ. අද ලියන්නෙ ඒ පොත ගැන. හිමාල වනයේ ජීවත්වූ විස්මිත යෝගීන් සහ සෘෂිවරු ගැන අපි නොයෙක් විට අහල තියනව. මේ පොතේ සඳහන්ව ඇත්තේ එවන් යෝගියෙකුවූ ස්වාමි රාමා පිළිබඳවයි. එතුමාගේ ශ්‍රාවකයකුවූ ස්වාමි අජය විසින් රචිත Living with the Himalayan Masters - Swami Rama නම් කෘතිය තිලක කුඩාහෙට්ටි මහතා විසින් "භාරත යෝගී ස්වාමී රාමා" ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස 2010 පෙබරවාරි වල පලකොට ඇත. විස්මිත හා සිත් ඇද ගන්නා තොරතුරු ඇතුලත් එම පොතින් උපුටා ගත් ඡේදයක් පහත දැක්වේ.
"මිනිසා යනු කුඩා පරිමාණයේ විශ්වයකි. මේ බව අවබෝධ කරගත් කෙනෙකුට සමස්ත විශ්වයම හඳුනා ගත හැකි වන අතර අවසානයේදී පරමාත්මයද අවබෝධ කරගත හැකි වන්නේය. ශුද්ධ ලියවිලි බොහොමයක් පරිශීලනයෙන් හා විවිධ මාර්ගයන් ඉගෙනීමෙන් පසුව මගේ ගුරුතුමා ශ්‍රී විද්‍යා පුහුණුව තෝරා ගැනීමට මට උපකාර කළේය. ශ්‍රී විද්‍යාවේදී කුණ්ඩලනී ශක්තියේ ප්‍රාථමික තත්වය අවදි කර එය ඉහළම චක්‍ර දක්වා එසවේ. චක්‍ර යනු ජීවිත රෝද නම් වන අතර ඒවායින් අපේ ආධ්‍යාත්මික ශරීරය නිර්මාණය වී එමඟින් අපේ විඥානයේ (දැනීමේ, සිහි ඇති බවේ) ගලා යාම සම්බන්ධීකරණය වේ.
චක්‍ර විද්‍යාව බෙහෙවින්ම සංක්ෂිප්ත නමුත් කෙනෙකු මෙය දන්නේ නම් එය හැම මට්ටමකදීම ඔහුට උපකාර වනු ඇත. මෙම චක්‍ර භෞතික, කායික, උද්යෝගී, මානසික හා ආධ්‍යාත්මික තලයන්හි දී ක්‍රියාත්මක වෙයි. මෙම ශක්ති මධ්‍ය ලක්ෂයන් ශරීරයේ සුෂුම්නාව ඔස්සේ ඇති ලක්ෂයන් හා සම්බන්ධතා පවත්වයි. මේවායින් පහළම චක්‍රය පිහිටා ඇත්තේ අනුත්‍රිකාස්ථියේ වන අතර දෙවැන්න උකුල් ඇටය හා සම්බන්ධ ත්‍රිකෝණාකාර කොටස ආශ්‍රිතවත්, තෙවැන්න නාභියේත්, සිව්වැන්න හෘදය වස්තුවේත්, පස්වැන්න උගුරු දණ්ඩ පාමුලත්, හයවැන්න ඇහි බැම අතරත්, හත්වැන්න හිස් මුදුනේත් පිහිටා ඇත.
පහළම චක්‍ර යනු පහළ සිත වේගයෙන් ගමන් කරන කට්ටයන් (Grooves) ය. හෘද චක්‍රය හෙවත් අනාහත චක්‍රය, ශරීරය ඉහළ කොටස හා පහළ කොටස ලෙස කොටස් දෙකකට බෙදයි. අනාහත චක්‍රය දිව්‍යමය සංසුන් බවේ මධ්‍ය ලක්ෂය ලෙස සැලකේ. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා යුදෙව් ආගම්ද මෙය පිළිගනියි. හින්දු ආගමේ හා කිතු දහමේ දී මෙය පිළිවෙලින් ඩේවිඩ්ගේ තරුව හා ශුද්ධ වූ හෘදය (Sacred heart) ලෙස සැලකේ.
ඉහළ තලයේ චක්‍රයන් ශක්තිය ඉහළට ගමන් කෙරෙන මධ්‍ය ලක්ෂයන්ය. හෘද චක්‍රයේ සිට හිස් මුදුන තුළ පිහිටි පෙති දහසේ නෙළුම් මල දක්වා විඥාන මට්ටම් බොහොමයක් තිබේ. කෙනෙකු භාවනාව සඳහා සෘජුව හිඳගත් විට මේවා හරි කෙළින් පිහිටයි. ශක්තිය එක චක්‍රයකට හෝ වෙනත් චක්‍රයකට හෝ එල්ල කළ හැක. ශක්ති ගලනය ඉහළ චක්‍රයන් වෙත ගමන් කරවීමේ හැකියාව වර්ධනය කර ගැනීම ආධ්‍යාත්මික වර්ධනයේ එක් අරමුණකි. මෙකී හැම චක්‍රයක්ම අත්විඳීම සඳහා ප්‍රාණ මාධ්‍යයන් (Pranic vehicles) පිළිබඳ අවබෝධයක් අත්‍යවශ්‍යය.
චක්‍ර සම්බන්ධයෙන් ලියැවී ඇති හින්දු ආගමික හා බෞද්ධ ආගමික පත පොත විශාල ප්‍රමාණයක් ඇති අතර මේවායින් සමහරක් බටහිරටද හඳුන්වා දී ඇතත් ඒවායින් බොහොමයක ඇත්තේ සත්‍යය විකෘති කිරීම්ය. ඒවා බොහොමයක් නොමග යවන සුළුය. එපමනක් නොව ඒවාට ඇතුළත් කර ඇත්තේ එහෙන් මෙහෙන් එකතු කරගත් කරුණුය. තරමක් හෝ නිවැරදි තොරතුරු ඇතුළත්ව ඇත්තේ සර් ජෝන් වුඩ් රෝෆ්ගේ කෘතිවල පමණි."
(පිටු අංක 188 - 189)

මට නම් මේ පොත තවම කියවන්න බැරි වුනා ..
ReplyDeleteකියවල බලන්නම්කො.
ස්තූතියි මල්ලි...
බ්ලොග් ඵකේ ටෙම්ප්ලේට් ඵක ලස්සනයි මචන් දිගටම ලියමු සුභපැතුම්
ReplyDeleteචක්‍ර සම්බන්ධව බුදු දහමේ එතරම් පැහැදිලි විස්තර දකින්න ලැබෙන්නෙ නෑ. බුදුන් වහන්සේගේ දර්ශනය නිර්මාණය වී ඇත්තේ හින්දු සහ යෝග වල ආභාෂයන්ගෙන් වුවද උන්වහන්සේ චක්‍ර හෝ දෙවියන් වැනි දේවල් තමන්ගේ ඉගැන්වීම් වලට ඇතුළත් කරගෙන නැති තරම්ය. පියවි සිහියත්, යහපත් පැවැත්මත් සහිතව කෙනෙක් තියුණු සංවේදීතාවයෙන් "මම" යන්න විමසා බැලීම බුදුන් වහන්සේගේ දර්ශණයේ සහ භාවනා තාක්ෂණයන්ගේ අරමුණයි.
ReplyDeleteඑහෙත් මහයානික සහ වජ්‍රයානික ඉගැන්වීම් වල චක්‍ර ගැන සඳහන් වී ඇති තැන් දැක ඇති නමුත් එහි ප්‍රභේදනයන් සහ නාමකරණයන් මෙහි දැක්වෙන හින්දු ඉගැන්වීම් වලට භාෂිත වශයෙන් වෙනස් බව පෙනී ගියේය.
භාවනා තාක්ෂණයන් සඳහා චක්‍ර සංකල්පය වැදගත් වන නමුදු බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල දැක්වෙන මේ මොහොතේ ජීවත් වීම සහ පිවිතුරු සිහිය පවත්වා ගැනීමේ වැදගත්කම අන් සියල්ලටම වඩා සියල්ලන්ටම පොදුවේ භාවිතයට ගත හැකි විමුක්ති දර්ශන මාර්ගය ලෙස පුද්ගලිකව මම පිළි ගනිමි.
@kumaraya : ආවට ස්තුතියි. මම මල්ලියෙක් නම් නෙවෙයි.
ReplyDelete@lkgossipnews: ස්තුතියි. වැරදීමක් වෙලා නේද? මම මැණික්. ඔයාලගෙ යාළුවා නම් නෙමෙයි
@``` Outsider``` : ඔව් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තමයි වඩා ඉදිරියෙන් තියෙන්නේ. ඒත් ආගම් වලට මිනීමරාගන්න ලෝකය නොදන්නා දෙයක් තමයි ඒ ආගම් කොයිතරම් එකිනෙකට සම්බන්ධද කියන එක. අවසානයේ හැම ආගමකම පරමාර්තය එකයි
මැණික්