පිච්ච මල් රේනු අරගෙන
පච්ච මල් මාල බැඳගෙන
නිච්චියක් නැතිව මම
කරකාර බැඳුනනේ
සොච්චමක් අතේ නැතිවත්
කොච්චි කරල වාගේ දැන්
පාච්චල් මොකද මේ හැටි
සද්ද කරමිනේ
හිච්චි මේ මගේ තුන් හිත
පුච්චමින් නිතර මේ ලෙස
ලෙච්චමී ලඟට මේ ලෙස
යන්නෙ ඇයි පනේ
මේච්චල් කරන් මගෙ හිත
කොච්චරක් තවත් ඉන්නද
කච්චතිව් යනව මං හෙට
ඉන්න බෑ අනේ
පච්ච මල් මාල බැඳගෙන
නිච්චියක් නැතිව මම
කරකාර බැඳුනනේ
සොච්චමක් අතේ නැතිවත්
කොච්චි කරල වාගේ දැන්
පාච්චල් මොකද මේ හැටි
සද්ද කරමිනේ
හිච්චි මේ මගේ තුන් හිත
පුච්චමින් නිතර මේ ලෙස
ලෙච්චමී ලඟට මේ ලෙස
යන්නෙ ඇයි පනේ
මේච්චල් කරන් මගෙ හිත
කොච්චරක් තවත් ඉන්නද
කච්චතිව් යනව මං හෙට
ඉන්න බෑ අනේ

ලස්සනයි අක්කේ......
ReplyDelete"අක්කා, මේං මේක අන්නා දෙන්න කීවා... අපෙ අම්මා මේ වඩේ ටිකත් අක්කට දෙන්න කිව්වා..."
ReplyDeleteපිච්ච මල් බැඳන් ආවට
පිච්චියක් අතේ නැති විට
කොච්චි කාපු උන්දැ වගේ
මොකද සැර වුනේ
ලෙච්චමී හොයන් ගියාය
හිතිච්ච දේ නුඹ කීවට
තංගච්චී ඒ මගෙ
නැන්දගේ දෝණිනේ
හිච්චි නුඹේ පුංචි හිතට
පිච්චෙන තරමට ගින්දර
දෙන්න හිතුවෙ නෑ මේ මම
සමා වෙයන්නේ
ලෙච්චමී අතේ ලියමන
පාච්චල් නොකර අරගෙන
හීන් සැරේ කියවාලා
හිනා වෙයන්නේ
කච්චතිව් නොයා ඉඳින්න
තැලිච්ච ඔය හිත හැදෙන්න
සාරි කච්චියක් අරගෙන
මං මේ එන්නේ
@Dinesh : ස්තුතියි මල්ලියෝ.
ReplyDelete@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:
ම්.. වඩේ හරිම රසයිනේ. ඔන්න තංගච්චි හිනාවුනා කවි කියවල හොඳටෝම. සාරි නම් මොටද අනේ. කවි කිව්වනෙ හිත හැදෙන්න. ඒ මදෑ හොඳටෝම.
ගොඩක් දවසකින්. ස්තුතියි කවි වලට.
මැණික්(සුළඟ)