-->

Friday, February 18, 2011

"...... විදූ..... අවදි වන්න"

"වටිනාකම කියනවද
අම්මෙ නුඹෙ ......."
"එක එක දවස් වල
එක එක ගනන්
සමහරදාට නම්
බිංදුවයි මගෙ පුතේ"

"වැටිල බිම පෑගිලා
රිදුන මනු සතුන්ගේ
වටිනකම කවුරුන්ද
මෙහෙම හොරකම් කළේ ???"

"මුරුගසන් වරුසාව
වහින එක හොඳයිනේ
කාටවත් අපි අඬන බව
ඇහෙන් නැති වෙන්න"

"වැහි බිංදු එක්ක අපෙ
කඳුළු යයි හේදිලා
උන්ට කොහෙ ඇහෙන්නද
නාඩා ඉඳපන් අම්මෙ"

"මගෙ පුතේ උඹ වගේ
පුතුන් හිග මේ ලොවේ
නරුමයන් අතින් ලොව
යටිකුරුව කැරකෙතේ"

"අම්මෙ උඹ වාගෙ අය
අසරණයි උන් ගාව
වසා ඇත බොරු වලින්
ලෝකයම යස රඟට"

"දෑස් කන් පියාගෙන
නිදා සිටිනා පුතුනි
අවදිවී එන තුරා
තව කෙතෙක් බලන්නද ????"


"විදූ" සිනමා පටය මට දැනුන හැටි
අශෝක හඳගම ඔබට ස්තුතියි.

4 comments:

  1. අපි ඉතින් ලංකාවෙන් පිට ඉන්න නිසා සින්හල චිත්‍රපටි බලන්න ලැබෙන්නේ නැහැ.. ගොඩක් දෙනක් මේක හොදයි කියලා තියෙනවා.. අන්තර්ජාලයේ දාලා තිබුනොත් අනිවාර්යෙන් බලනවා..

    ReplyDelete
  2. හොඳ චිත්‍රපටියක් නෙමෙයි අලුත් එකක්...

    ReplyDelete
  3. මට නම් තාම බලන්න බැරි උනානේ

    ReplyDelete
  4. @ චිත්‍රපටියක් එක එක අය විඳින්නේ එක එක විදියටනේ. මට නම් එහි මතු පිට පෙනෙන අර්ථයට වඩා වෙනස් දෙයක් හැඟුනා. ස්තුතියි හැමෝටම.
    මැණික්(සුළඟ)

    ReplyDelete