අහන්නෙපා මගෙන් ප්‍රියේ වරින් වරේ
නොහිම් සෙනේ කියම්ද මා කෙසේ ලයේ
වසත් කලේ ගෙවී ගොසින් සිතත් සැලේ
ගයන්න පෙම් කවක් නොකිව් මෙලෝ තලේ
මිලාන හිරු නිදන්න සිඳු කුසේ ගිලේ
සියොත්හු යයි පියාඹමින් වරින් වරේ
රැයක් ඇවිත් කියයි හොරෙන් රහස් ලයේ
කියන්න ඇයි නිදන්නෙ සීතලෙන් මෙසේ
සඳත් ඇවිත් සිනාසෙමින් හිඳී බලා
කුමාරි රෑ මලින් පිරී සුගන්ධවී
බිඳෙන් බිඳේ වැටේවි මල් වැසිත් අනේ
හිඳින්නෙ ඇයි දුරස්ව නෙතු පියන් වසා
නොහිම් සෙනේ කියම්ද මා කෙසේ ලයේ
වසත් කලේ ගෙවී ගොසින් සිතත් සැලේ
ගයන්න පෙම් කවක් නොකිව් මෙලෝ තලේ
මිලාන හිරු නිදන්න සිඳු කුසේ ගිලේ
සියොත්හු යයි පියාඹමින් වරින් වරේ
රැයක් ඇවිත් කියයි හොරෙන් රහස් ලයේ
කියන්න ඇයි නිදන්නෙ සීතලෙන් මෙසේ
සඳත් ඇවිත් සිනාසෙමින් හිඳී බලා
කුමාරි රෑ මලින් පිරී සුගන්ධවී
බිඳෙන් බිඳේ වැටේවි මල් වැසිත් අනේ
හිඳින්නෙ ඇයි දුරස්ව නෙතු පියන් වසා

මහගම සේකරයන්ගේ, මීමන ප්‍රේමතිලකයන්ගේ නිර්මාණයක් රසවින්දා වගේ... හරිම ලස්සනයි... පිළිතුරු පැදි පෙළක් අමුණගන්න ඉඩක් ලැබුණොත් පසුවට දාන්නම්... ඔබට ජය!
ReplyDeleteහැගෙන්නේද දුරින් වුනත් ළඟින් වගේ
ReplyDeleteහැදින්නේද සෙනෙහස මල් පිපුන මගේ
රැඳෙන්නේද ඇඳි සීතළ සිහින දිගේ
පෙනෙන්නේද මම නුඹ ළඟ රැදෙන අගේ
අපූරුයි
ReplyDeleteඔන්න පිළිතුරු පැදි පෙළක් අමුණගන්න යන්තම් ඉඩක් ලැබුණා:
ReplyDeleteමෙලෝ තලේ නොකීව පෙම් කවක් සොයා
හිරුත් සඳුත් සොයා ඇදේ සිතත් මගේ
සඳේ එළිය වැටී නැගෙන සයුරු රළින්
කියා නොහේ මගේ සෙනේ ඔබේ නමින්
සඳුත් ඇවිත් බලන් හිඳියි ඔබේ දිහා
පොළෝ තලේ පිපී දිලෙන සඳක් කියා
මෙතෙක් කලක් නොගැයූ පෙම් කවක් සොයා
කුමට යම්ද දිවමන් කවි පෙළකි නුඹා
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:- ස්තුතියි අගැයීමට. ඒත් අර කවියන්ගෙ නම් අහල මායිමක වත් මම ඉන්නවද කියල මට සැකයි. පිළිතුරු කවියත් අපූරුයි.
ReplyDelete@විහඟ ගීතය : - ම්.. කවිකාරයටත් ස්තුතියි.
@ayesha : - ඔයත් ඉතින් අපූරු කවියක්නේ.
මැණික්(සුළඟ)