"සන්තූරී.... කෝ මේ කෙල්ල? කොහේ ගියාද උඹ?"
"ආච්චි අම්මේ... මං මෙහේ ...."
" අනේ දෙයි හාමුදුරුවනේ, උඹට අමතක වුනාද උඹ කෙල්ලක් කියල. ඔය ගහ උඩට වෙලා මොනව කරනවද? බැහැපන් බැහැපන් ඉක්මනට කළේ වතුර කඳුලක් නැහැ.""ආච්චි අම්මගෙ දෙයි හාමුදුරුවෝ තමයි මට කිව්වේ ගහට නැගල බලපන් කියල. මේ මී අඹ හරි රහයි ආච්චි අම්මේ. උඹටත් ගෙඩියක් දාන්නද?"
"උඹ ඔය තකහනියක් ගහට නැග්ගේ අඹ කන්ටමද? ඇයි බං මේ ටිකේම අර කොල්ලෝ කුරුට්ටෝ ගහට නැග්ගමත් උඹ හිටියේ ඔය ගහ යටම නේද?""හ්ම් ... හිටියා නේන්නම් ගහ යටට වෙලා ........උන් ඇති පදම් කාල උන්ටම ඇතිවෙලා වීසි කරන එකක් ඇහිඳගෙන කාලා. ඉතින් දෙයියෝ මට කිව්වා "සන්තූරී" නැගපන් ගහට බලපන් ලෝකය දිහා. උඹ ඔය එක එකා කියන ඒවා අහන්න එපා. උඹට හිතෙන තරම් අඹ කඩා ගෙන කාපන්. ඕවා මම මැව්වේ උඹල හැමෝටම කන්න පංගු පේරුවක් නැතිව. එක එකා එක එක කතා කියල උන්ට විතරක් අයිති කර ගන්න බලයි. අහු වෙන්න එපා ඕවට. ඉතින් මං නැග්ගා ගහ උඩටම"
" අනේ කෙල්ලේ, උඹෙ අතක් පයක් කැඩුනොත් මම කාට කියන්නද? බැහැපන් දුවේ ගහෙන් බිමට""හ්ම්.. අරුන් නැග්ගමත් ආච්චි ඔහොම කියනවද? ඇයි උන්ට අතපය නැද්ද? ආච්චි අම්මේ... හරි ලස්සනට මෙතනට ලෝකෙම පේනවනෙ. උඹට ඒක හිතා ගන්නවත් බැහැ. අනේ ඇයි උඹල ඒක දකින්නෙ නැත්තේ?. ඇයි උඹලා මාව "කෙල්ලෙක්" කියලා කූඩු කරල මට මේවා දකින්න දෙන්නේ නැත්තේ? ඒත් උඹේ දෙයි හාමුදුරුවෝ හොඳයි ආච්චියේ. ඒකනෙ මට "සන්තූරී.." උඹ, උඹ කැමති දේ කරපන් කියන්නේ. දෙයි හාමුදුරුවනේ..., උඹට ඇහෙනවද? උඹට ගොඩක් පිං සිද්ද වෙනවා. උඹ මවපු ලෝකෙ කොටසක් මම අද දැක්කා. හී..... හී.... හී.... මං සන්තූරී ..... "
දෙවියන්ට 'උඹ' කියනවද?
ReplyDeleteදෙයියන්ට මොනව කිව්වත් තරහ වෙන්නේ නැහැ කියල "සන්තූරි" දන්නවා.
ReplyDeleteමැණික්(සුළඟ)