-->

Friday, December 10, 2010

"ලඟින් ඉන්න"

සඳ එලිය ගලා යන නිහඬ නිසසල ‍රැයක
ඔබ එන්න සඳ එලිය දිගේ හිමිහිට ලඟට
ලොවම දෑසම පියා සුව සිහින දකින විට
මුමුනන්න කවි ගීත ලෝකයට නෑහෙන්න

ඉර එලිය වගේ යලි හෙට උදේ පායන්න
හෙමින් හොර රහසේම සිනාවක් ගෙන එන්න
පිපෙන්නට මල් කැකුලු සිත් අඹර හැඩ වෙන්න
එපා වැස්සක් වගේ කඳුළු හෙම ගෙන එන්න

අඳුරකදි නොහැකි නම් ආලෝකයක් වන්න
නෑවිඳින් හිටියාට මම තරහ නැහැ ඔන්න
මල් සුවඳ වගේ සිත මිහිරකින් පුරවන්න
ඔබ ඉන්න ආකහේ මගෙ තනිය නැතිවෙන්න

No comments:

Post a Comment