-->

Thursday, December 9, 2010

"කුවේනී සාපය"

සිහසුනක හිඳුවන්නට
නසා පරපුර කිත්ගොස
සුවාමිනි මා කළ
වරදටද මේ දඬුවම?

වසා මාපිය ඇස් දෙක
පලා ආයෙමි තුන්යම
කලේ හැම වෑයම
කිරුල ඔබටම පළඳවන්නට

විජය මහ රජුනේ
අද මේ කිමද වන්නේ
දෙදරුන් ලද පසුද
මගේ ඇද කුද ඔබට පෙනුනේ

කුමරියන් සොයමින්
අද ඔබ සිහි විකාරෙන් ...
පිටව යන්නෙමි මම
දෙදරුන් සමඟ සෝකෙන්

අවමනට සිදුකල
සාප කරනෙමි හඬමින්
ඔබේ මතු පරපුර
"කුවේනින්" ටත් මෙදුක වන්නට

1 comment:

  1. කුවේනිලා අදටත් ජීවත් වෙනවා මැනික්. සමහරක් දුක සමග සාප කරමින් ජීවත් වෙනවා,සමහරක් හදවත පුපුරා යන තරමේ දුකක් දරාගෙන ඒ සෙනෙහසේම ගිලී ජීවත් වෙනවා

    ReplyDelete