-->

Tuesday, December 21, 2010

"දුයිශෙන්ට"

ආදරණීය දුයිශෙන්
මම ඔබේ අල්තීනායි
අමතක මතක මැද
පැමිණ යලි "අයිලය" වෙත
ළදැරියකසේ සැතපෙන
ඔබගේ විසල් හද තුල

තලා හප කර පොඩි කල
සියුම් ලා තණපත් මෙන්
අකාරුණිකව විසිකල
මහදේ කඳුළු පිසිනට
මන්ද පැමිණුන කාරණ
මෙතරම් පමාවී ගෙන

මහද තුල ඔබ පැල කල
පොප්ලර් පැලය නැලවෙන
නගන සිලි සිලි හඬ
ඇසේ මට මේ මොහොතෙද
ආදරණීය දුයිශෙන්
මම ඔබේ අල්තීනායි
වෙන්ව යන යලි හමුවන

6 comments:

  1. ගිය හැටියෙම ගුරු ගීතය හොයාගෙන බලන්න ඕනෙ.

    ReplyDelete
  2. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතDecember 21, 2010 at 4:25 PM

    ඔබේ කවි දැක දුයිෂෙන් මෙසේ කියනු ඇතැයි මට සිතුණා:

    වෙන්ව ගොස් යළි හමු වුවත්
    කාලය පියඹා ගොස් ඇත
    අපට එය හඹා යා නොහැක
    මන්ද,
    පොප්ලර් පැල අසළින් ඇරැඹුනු
    අපේ මාවත්
    දෙ අතක විහිදී ගොස් ඇති නිසාවෙන්.
    දුක් නොවන්න,
    ඒ පොප්ලර් පැල
    අද විසල් තුරු බවට පත්ව ඇත.
    ඔබේ මාවතත් මගේ මාවතත්
    ඒ තුරු හිස් වලින්
    සෙවණ වනු ඇත.
    ඔවුන් අප දෙස බලා හිඳිනු ඇත.
    අප වෙන් වුවත්
    ඔවුන් කිසිදා වෙන් නොවනු ඇත...

    ReplyDelete
  3. කලෙකින් ආවෙ.
    අපුරු සිත්තමක්..
    මෙක චිත්‍රයක් මට නම්

    ReplyDelete
  4. නැහැ අපේ හමුවීමක්
    ඔබ හිඳී මා පැතු ලොවේ
    ප්‍රේමයෙන් පැරදුමක් නොමැතියි
    දිනූයෙන් සිත තැනු ලොවේ

    ReplyDelete
  5. @dinesh : ඔව්, කියවන්න වටින පොතක්. අමතක නොකර කියවන්න.
    @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
    ලස්සනයි ඔයාගෙ කවියත්. මට නම් හිතෙන්නේ ඇත්ත පොප්ලර් පැල විතරක් නෙවෙයි හිත් වල හැදුන පොප්ලර් පැලත් හැමදාම එකිනෙකා දෙස බලා හිඳීවි කියලයි. හැම වෙන්වීමක්ම තාවකාලිකයි. යලි යලිත් නොසිතූ ලෙස ඔවුන් හමුවේවි.
    @රවා
    ඔව් ඉතින් අමතක වෙලානේ තිබුනෙ මේ පැත්තෙ එන්න. ස්තුතියි ආවට.
    @ස්වප්නා
    ස්වප්නා, ඔයා තමයි ආයෙමත් මට මතක් කලේ ගුරු ගීතය නැවත කියවන්න. ස්තුතියි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  6. අමතක වෙන දෙවල් ගැන මම දන්නෙ මෙන්න මෙදෙ .. මිනිස්සුන්ට අමතක වෙන්නෙ නැහැ.. යන පාර වැරදෙනවා විතරයි..

    ReplyDelete