දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන සරෝජා ගීය ආයෙමත් ඊයෙ මගේ දෙසවනට පාවෙලා ආවා. මේ ගීයත් එක්ක තියන මගේ නොමැකෙන සම්බන්ධය ගැන මීට පෙරත් මම ලියා තියෙනවා. හැමදාම වගේ ඊයෙත් පුරුදු විදියට ගීයේ අවසානය මගේ ඇසට කඳුලක් එක් කළා. වෙඩි හඬට අකුරු ඇදවී හඬන සරෝජලා දැන් අපට දකින්න නොලැබීම ගැන සතුටු වෙන්න පුළුවන්. ඒත් ....... ඒ සරෝජලාගේ ඇස්වල කඳුළු සැබැවින්ම වියලී සිනාවක් දකින්න තරම් තවමත් අපි වාසනාවන්ත නැහැ නේද කියලා මට හිතෙනවා. ජාති ආගම් කුල මල වලින් මිදී එකම මනුෂ්‍ය ජාතියක් ලෙස සරෝජලාටත් අපටත් අත්වැල් බැඳ එකට සිනාසිය හැකි දවසක් ඉක්මනින් එනවා නම් ...!!!
මා තොටින් එන උතුරු සුළඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුලු හංගන - සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි - මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ - ඒත් අපි එක පංතියේ
කරවටේ අත දමා හිනැහුන කෝ නුඹේ පොඩි යාලුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින්
මංදිරේ දොර නුඹව කැඳවයි බේබිලා හඬනා හඬින්
මායිමේ වැට හඬ ගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවා ගන්නට දුවේ ඩිංගක් හිනැහියන්
(ගායනය : විශාරද දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය)
මෙතනින් අහන්න

"ගුරුතුමී මා සිසුවියයි නුඹ - ඒත් අපි එක පංතියේ".......මම ආසම සින්දුවක්...ස්තුතියි......
ReplyDeleteමමත් !!
ReplyDeleteකවදා කොතැනකදි හෝ සිදු වුන වරද
ReplyDeleteහැමදාමත්ම ඒලෙස තැබුවම හරිද
පිසදා කඳුලු වියලෙන්නට හැර නිබඳ
පහදා දෙන රජින්දෙක් එන මඟ දුරද?