-->

Tuesday, August 10, 2010

"ප්‍රහේලිකාව"


සීගිරි කුරු‍ටු ගීයක්
වගේ යැයි ඔබ සිතමින්
කියවා ගනු පිණිස
අනේ වෙහෙසුන තරමක්

අනුරපුර ඉපැරණි
සෙල් ලිපියකැයි සිතමින්
එහි අරුත් සොයනට
කලෙමි නොතරම් වෙහෙසක්

ගැට පද විවරනය
ඇසුරු කොට විසඳන්නට
තුන් තේරවිල්ලක්
වුනිද ?... නැත ඔබ එහෙමත්

ඒ කිසිවක්ම නොව
ඊටත් ගැඹුරු පැටලිලි
දිනෙන් දින පෙන්වන
දකිමි ඔබ මෙලෙසින් මම

හරස් පදයකි ඔබ
නෙක නෙක අරුත් ගෙන දෙන
ඉතින් කෙලෙසින් මා
ඔබව තේරුම් ගන්නද

9 comments:

  1. "හරස් පදයකි ඔබ
    නෙක නෙක අරුත් ගෙන දෙන
    ඉතින් කෙලෙසින් මා
    ඔබව තේරුම් ගන්නද"........
    lovely post yaar......;D

    ReplyDelete
  2. හදවතට අයිති දේවල් ඔඵවෙන් තේරුම් ගන්න බැරි වීම ලෝක ස්වභාවයයි.
    ලස්සනයි...

    ReplyDelete
  3. අපට අපිවත් හරියට තේරුම් ගන්න බැරිකොට අන් අය ගැන කුමන කතාද මැණික්...

    ReplyDelete
  4. ලස්සණයි සිතුවිලි අකුරු කල හැටි....

    ReplyDelete
  5. චමීදේවා කියන්න වගේ අපිට අපිවත් තේරුම් ගන්න බැරිකොට අන් අය ගැන කවර කතාද ..
    ලස්සනම ලස්සනයි මැණික්.......

    ReplyDelete
  6. සීගිරි කුරු‍ටු ගී, සෙල්ලිපියක ‍රැඳුන
    ගැටපද විවරමෙන්,තෙරුම් ගත නොහෙන
    හැමදා එකට හිටියත් සිරිතට බැඳුන
    කවදාකවත් නැත නුඹ මගේ හිත හැඳින

    ReplyDelete
  7. තෙරුම්ගැනිමට නොහැකි දෙයක් හමුවුණාම මම නම් කරන්නෙ එල්ලිලාම ඉන්නවා කවදා හරි තෙරුම් ගන්න හැකි වෙවි කියලා, 10 වසරෙදි කියවපු නඩරාසර් සර්ගෙ ශුද්ධ ගණිතය පොතෙ පිටු 5ක් විතර හැම කියවනවා, එතනින් එහාට තෙරුම්ගන්න තරම් මොලයක් තිබුන්නෙ නැහැ, නමුත් 12, 13 වෙනකොට එක හොදටම තෙරුම්ගත්තා. නමුත් එ දවස් වල පුදුම වෙදනාවක් මෙය තෙරුම්ගන්න බැහැනෙ කියලා. නමුත් අත හැරියෙ නැහැ.

    එක හින්දා තෙරුම්ගන්න බැහැ කියලා අතහරින්න එපා. ඔනැම දෙයක් එක්ක එල්ලිලා ඉන්න, එ වෙදනාව අසහනය යම් කිසි සිමාවකට ඔබව ගෙනියනවා. සිමාව පැන්නුවට පස්සෙ ඔබට යම් දෙයක් තෙරුම් ගැනිමට අපහසුවක් වෙන්නෙ නැහැ.

    මැනික්ව වැඩිය දන්නෙ නැහැනෙ.

    ReplyDelete
  8. ලස්සනයි පද ටික ....

    තෙරුම් ගන්නාමරුනම්....
    හිත නිදහස් කරන්න...
    එතකොට ...හැමදේම..
    මුල ඉදලම හිතන්න පුලුවන්..
    අයෙමත්..
    තෙරුම් යන කල්ම......

    ReplyDelete
  9. රවා, ගණිතය තර්කානුකූලයි. ඒ නිසා නඩරාසර් පොත සිම්පල්නෙ. මම ගැන ඉතින් මම ලියන දෙයින් තේරුම් ගන්නකෝ. ඒ හොඳටම ඇති. ඇත්ත හොඳම දේ තමයි හැකි පමනින් අපි අපිවම තේරුම් ගැනීමට උත්සාහ කිරීම. හැමදාම ලියන විහඟගෙ කවියටත් අදහස් දැක්වූ අනිත් අයටත් ස්තුතියි.
    මැණික්(සුළඟ)

    ReplyDelete