දෙතොලින් ගලා ගිය සුවබර ගී නාදේ
හදවත කොනේ තවමත් පෙර මෙන් විහිදේ
ලංවිය නොහැක සිහිනෙකි අප කල කීදේ
සුදු ඔබ වෙරළ මම වෙමි සිතිජය මුහුදේ
හදවත කොනේ තවමත් පෙර මෙන් විහිදේ
ලංවිය නොහැක සිහිනෙකි අප කල කීදේ
සුදු ඔබ වෙරළ මම වෙමි සිතිජය මුහුදේ
ඔබ මා ලඟ සිටින විට මුදු සිනහ පපා
ආදර හැඟුම් පිබිදෙයි සිත හඬනු එපා
සොඳුරිය හලන විට මුතු පිනි කඳුළු අපා
මට බැහැ ඉන්න පිටුපා පසු තැවෙන්නෙපා
අත්වැල් බැඳන් ජීවන ගමනේ එන්නම්
හැකි හැම ලෙසින් ඔබෙ සතුටට කැප වෙන්නම්
හද බැඳි කුමරියක් ඇති බව සලකන්නම්
ඔබ හට සදා සුව සහනය සලසන්නම්
හැකි හැම ලෙසින් ඔබෙ සතුටට කැප වෙන්නම්
හද බැඳි කුමරියක් ඇති බව සලකන්නම්
ඔබ හට සදා සුව සහනය සලසන්නම්
නිළුපුල් දෙනෙත් සැනෙකින් රතුවට හැරුනා
දෙකොපුල් ඔබේ සුදුමැලි වනසේ පෙනුනා
සිරුරම මගේ සීතල වී හිරි වැටුනා
ඔබගෙන් එදා වෙන් වන්නට දුක හිතුනා

ප්‍රේමයනම් මනරම්...
ReplyDeleteඅතහැර ගියොතින්..
කදුලුවල ගනකම්...
බලනු හැක ..
රුරා වැටෙන අබිමන්.....
අතීතය බවට පත්වුනු වර්තමානය....ආදරය අකාලිකයි.......සුන්දර පදපෙළක්......
ReplyDeleteවෙන්වීමක තිබේ එක්වීමක ලකුණු
ReplyDeleteඅපගේ මතක හිත් බැඳගත් යුරු කුළුනූ
ගිලිහෙන්නට නොදී අත නොහැරම ඉදිනූ
සිත ළඟ මම තවම , මේ උණුසුම බලනූ!