ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලට පරිවර්තනය කරන ලද තිව් ඤතාන් යතිවරයාණන් ලියූ La Serenite De L'instant නම් ග්‍රන්ථය මණ්ඩාවල පඤ්ඤාවංස හිමිපාණන් විසින් "සංහිඳියාව කරා පියවරක්" ලෙස සිංහලයට පරිවර්තනය කොට ඇත. මෙම පොත සරල බසින් ලියවී තිබුණද එහි අදහස් ගැඹුරු හා දාර්ශනික නැඹුරුවකින් යුක්තය. එමෙන්ම වචනයෙන් දෙන අර්ථයට වැඩි භාවාර්ථයක් අන්තර්ගතය. සුන්දර කවියක් සේ රචිත පහත සදහන් කථාවෙන් (පිටු 121 - 122) ජීවිතය පිළිබඳ ඉතා ගැඹුරු දර්ශනයක් දෙනු ලබන බව ඔබටද පැහැදිලි වනු ඇත.
"එකෝමත් එක කාලයක කඳුවැටි, වනාන්තර හා තණබිම් හරහා ගලාගෙන ගියාවූ සුන්දර ගංගාවක් වූවාය. ඕ තම ගමන ආරම්භ කළේ ආහ්ලාදයෙන් පිරීගිය ජලධාරාවක් වශයෙනි. එම සන්තුෂ්ටිය ප්‍රකට කරනු වස් ඕ කඳු වැටි පහළට බැසගෙන එද්දී නිරන්තරයෙන් ගී ගයමින් රංගනයේ යෙදුනාය. එම අවස්ථාවේ ඕ ඉතා ළාබාල එකියක් වූවාය. ඈ පහත් බිම් කරා පැමිණෙද්දී තම ගමනේ වේගය බාල කළාය. ඇගේ පැතුම වූයේ සාගරය කරා ගලා යාමය. එම ගමනේදී ඕ වැඩුණාය. කඳුවැටි අතරින් සහ තණබිම් හරහා ඇදවෙමින් මනහර ආකාරයෙන් ගලා යමින් ඕ සුන්දර වන්නේ කෙසේදැයි ඉගෙන ගත්තාය.
එසේ ගමන් කරද්දී ඕ එක් දිනක තම සිරුර මතවූ වළාවක් දුටුවාය. එය සියලු වර්ණ සහ ආකාරයන්ගෙන් යුක්ත වලාවක් විය. එම දින ඈ ගත කළේ එම වළාව පසුපස දුව යෑම සඳහාය. ඇගේ අරමුණ වූයේ ඈටම වළාවක් අයිති කර ගැනීමය. එහෙත් වළාවෝ අහසේ පාවෙමින් ඇවිදිමින් සිටියෝය. ඔවුහු නිරන්තරයෙන් තම ස්වරූපය වෙනස් කරමින් සිටියෝය. වළාවන් තුළවූ අනිත්‍ය ස්වභාවය හේතු කොට ගෙන, ගංගා තොමෝ අනන්තවත් දුකට, වේදනාවට පත් වූවාය.
එක් දිනක් මහා සුළි සුළඟක් හමා ගෙන විත් ඈට ඉහළින් අහසේ පාවෙමින් තිබුණු සියලු වළාපටලයන් පලවා හැරියේය. අහස මුළුමනින්ම හිස් බවට පත්වූයේය. ගංගාවට පසුපස යාමට වළාවක් නොපැවති බැවින් තව දුරටත් ජීවත්වීමෙන් පලක් නොවෙතියි සිතන්නට වූවාය. ඈට මිය යන්නට ඕනෑ විය.
එදින රාත්‍රියේ පළමුවැනි වතාවට ගංගාවට තමා කරා යාමට අවස්ථාවක් ලැබුණේය. එතරම් දිගු කාලයක් තිස්සේ ඈ තමන්ගෙන් පිටස්තරවූ දෙයක් පසු පස හඹා යමින් සිටියාය. ඈට ඈ සැබෑ ලෙස දකින්නට කිසිදාක අවස්ථාවක් ලැබී නොතිබුණි. පළමුවැනි වතාවට එම රාත්‍රියේ ඈට තමාගේම හැඬීමට සවන්දීමට අවස්ථාව ලැබුණි. එනම්, ගංගාවේ ඉවුරුවල තම ජලය හැපෙන හඬය. ඇගේම හඬට කන් දීමට පුළුවන් වූ බැවින් ඈට ඉතා වැදගත් වූ දෙයක් සොයා ගන්නට හැකි විය.
ඈ ලබා ගැනීමට දිවගිය දේ තමා තුළම පවතින බව ඕ අවබෝධ කර ගත්තාය. වළාවන් යනු වෙන කිසිවක් නොව ජලයම බව ඕ වටහා ගත්තාය. වළාවන් ජලයෙන් උපදින්නේය. නැවත වතුර කරා ආපසු එන්නේය. ඈ ඈත් ජලයම වන බව වටහා ගත්තාය.
පසු දින සූර්යයා අහසේ බබළන්නට පටන් ගත් සැනින්ම, ඕ පළමුවන වතාවට නිල් අහස දුටුවාය. ඊට කලින් කිසිම දාක ඈ එය දැක නොතිබුණි. ඈ උනන්දුවෙමින් සිටියේ වළාවන් පිළිබඳව පමණය. එහෙයින්ම ඈට සියලු වළාවන්ගේ නිවාසය වන අවකාශය දැක ගැනීමේ අවස්ථාව නොලැබී ගියේය. වළාවෝ අනිත්‍ය වෙති. එහෙත් අහස එකසේම පවතී. ආරම්භයේ පටන්ම අනන්තවූ අවකාශය ඇගේ හදවත තුළ පැවති බව ඕ වටහා ගත්තාය. එම ශ්‍රේෂ්ඨ දැකීම හේතුකොට ගෙන ඈ තුළ සාමය සහ සන්තුෂ්ටිය පහළ විය. අනන්ත වූ නිල් අහස දකිද්දී, ඇගේ සාමය සහ සංහිඳියාව නැවත කිසි දිනක ඈ අතහැර නොයන බව ඕ වටහා ගත්තාය.
එදින සන්ධ්‍යා භාගයේ පලවා හරින ලද වළාවෝ නැවත ආපසු පැමිණියෝය. එහෙත් මෙවර එයින් එකක්වත් අයිති කර ගැනීමේ ආශාවක් ඈ තුළ නූපන්නේය. ඈට හැම වළාවකම සෞන්දර්යය දැක හඳුනා ගන්නට පුළුවන් විය. ඈ ඒ සියල්ලම ආදරයෙන් පිළිගන්නට සමත් වූවාය. වළාවක් ඈ කරා පැමිණි කල, ඕ එයට කරුණා මෛත්‍රියෙන් පිරි හදින් ආශිර්වාද කළාය. එම වළාවට ඉවත යන්නට ඕනෑවූ කල්හි, ඈ ඉතා සතුටින් එම වළාව වෙත තම සුබ පැතුම් පිරිනැමුවාය. සියලුම වළාවන් තමාම වන බව ඕ වටහා ගත්තාය. ඈ සහ වළාවන් අතර වෙනසක් ඕ නොදුටුවාය. ඈ සහ වළාවන් අතර සාමය සහ සංහිඳියාව පැවතියේය."

දහමක් වුව ගැඹුරු,ලෙස සරළව සුඟම
ReplyDeleteයහමින් පෙන්නවා දෙන අයුරුයි පුදුම
ගංඟාවක තිබෙන ජීවිතයෙම දැකුම
හැංඟී තිබෙන හැටි නම් පුදුමෙකි අරුම
මේ පොත කියවල තියෙනව වගේ මතකයි..
ReplyDeleteම්ම්ම් හොයාගෙන කියවන්න ඕනෙ
ReplyDelete