-->

Thursday, August 19, 2010

"නොදනිමි"


සඳ එලියේ සීතලේ
මතක ඇහිඳිනා
සඳ සාවිය දෝ....  මා
තනිව වැලපෙනා

ඉර මල යට ගිම්හානේ
නියඟින් දැවෙනා
ඉර ගිරවිය දෝ ....   මා
අතර මං වෙනා

පිනි සැලෙනා හිමිදිරියේ
සිසිලස සොයනා
සඳ කිඳුරී දෝ .....  මා
සුළඟ සම වෙනා

5 comments:

  1. ලස්සන පද ටිකක්......

    ReplyDelete
  2. ලස්සන පබැඳුමක්...
    ජයවේවා!!!

    ReplyDelete
  3. ලස්සනයි මැණික්!!

    සද සිසිලයි මුත් හිත ගිනිගත්තා
    ඉර එළියයි මුත් හිත කලු වූවා
    නුබ සුවදයි මුත් මට දුක දුන්නා
    නුබ පැතුවා මුත් තනිකම ලැබුනා

    ReplyDelete