මේ දවස් වල නගරයේ ඉස්කෝලයේ උගන්වන වීරසේන සර්ට ලොකු ප්‍රශ්නයක්. වීරසේන සර් හුඟක් කැපවෙලා තමන් දන්න හැම ක්‍රමවේදයක්ම යොදාගෙන උගන්වන කෙනෙක්. හැම පාඩමක් අවසානයේම ළමයින්ගෙන් තේරුනාද ඇහුවම හැම කෙනෙක්ම ඔලුව හොලවනවා. ප්‍රශ්න තියනවද ඇහුවම පංතියේ ඉන්න දක්ෂ ළමයින්ගෙන් කෙනෙක් දෙන්නෙක් ඉඳහිට ප්‍රශ්නයක් අහනවා. ඉතින් හැමදාම වීරසේන සර් හිතනවා
"ආ.. එහෙම නම් ප්‍රශ්නයක් නෑ පාඩම හොඳට ළමයින්ට තේරිලා ඇති" කියලා.
ඒත් වාරවසාන විභාගයේදී පිළිතුරු පත්‍ර බලන කොට තමයි වීරසේන සර් කලකිරෙන්නේ. සමහර ළමයි ඉන්නවා කියලා දුන්න සමහර පුංචි දේවත් තේරුම් නොගත්. ඊලග අවුරුද්දේ ඉතින් වීරසේන සර් වෙන විධි ක්‍රම හොයනවා ළමයින්ට උගන්වන්න. ඒත් අවසාන ප්‍රථිපලය ඒකමයි. ලඟදි දවසක වීරසේන සර් ගමේ ගිය වෙලාවක එයාට මුනගැහුනා විශ්‍රාම සුවයෙන් ඉන්න ගමේ ලොකු ඉස්කෝල මහත්තයා. බොහොම හිත් අමාරුවෙන් වීරසේන සර් මේ ප්‍රශ්නය ලොකු ඉස්කෝල මහත්තයට කිව්වා. ඉතින් ලොකු ඉස්කෝල මහත්තයා කිව්වේ මේ ටික.
" මහත්තයෝ, උගන්නන්න කලින් ළමයි ටික අඳුනගන්න. එතකොට මහත්තයට තේරෙයි ළමයි කොට්ටාස හතරක් ඉන්න බව. එක කොටසක් හංසයෝ වගේ. ඒ අය ඉන්නේ ටික දෙනෙක් උනත් ඒ අය ගැන මහත්තයා වැඩිය නොහිතුවට කමක් නැහැ. මොකද... හංසයෝ ඉතින් දියෙන් කිරි වෙන් කර ගන්නවා වගේ මහත්තයා උගන්වන දේ සාරය උරාගන්න දන්නවා. ඒ දක්ෂ දරුවන්ට මහත්තයා පොඩි මග පෙන්වීමක් කලාම ඇති.
තව කොටසක් ඉන්නවා මහත්තයෝ ගිරව් වගේ. මහත්තයා කියන කියන දේ පුනරුච්චාරනය කරනවා මිසක් ඒකෙ සාරය උරාගන්න දන්නේ නැහැ. ඉතින් මහත්තයට සිද්ද වෙනවා මේ ගිරව් ටික හංසයෝ කරන්න.
ඊලඟ කොටස මහත්තයෝ.. වතුර වත් කලාට රඳන්නේ නැති හිල් උන කළගෙඩි වගෙයි. මහත්තයා අඩුම තරමින් මේ කළගෙඩි ටික පාස්ස ගන්න වත් බලන්න.
අන්තිම කොටසට මොකද කරන්නේ කියන එක ගැන මහත්තයාම තීරණය කරන්න. මොකද ඒ අය තේ පෙරන වගෙයි. හැම වෙලේම රොඩු ටික ඉතිරි කරගෙන හොඳ හරිය පෙරලා අරිනවා."
ඕක තමයි ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ උපදේසෙ. ඉතින් වීරසේන සර් මේ දවස් වල අහස පොළොව ගැට ගගහ කල්පනා කරනවා අන්තිමට කිව්ව තුන් කොට්ටාසයම හංසයෝ කර ගන්නෙ කොහොමද කියලා. මොකද.. ඒකනේ සිදුකරගන්න ඕනේ හොඳම දේ. අනේ ඉතින් කාට හරි පුලුවන් නම් වීරසේන සර්ට උදව්වක් කරන්න.

SF බළකාය කැඳවන්න වෙයි ඒ වැඩේට
ReplyDeleteඕක සත්තු වර්ග වලට කරන උපමාවකිනුත් පැදිලි කරනවා...
ReplyDelete1. ගිරව් - කටපාඩම් කරනවා...කෙලින් ප්‍රස්න වලට උත්තර දෙනවා...හිතීමක් නෑ....
2. වඳුරා - හැම එකටම ප්‍රතිචාර දකවනවා...දැන ගත්තත් නොදැන ගත්තත්...වෙලාවකට වදයක්....
3.අශ්වයා - වැඩිසද්දයක් බද්දයක් නෑ....අවශ්‍යවිට ඕනෑම බරක් ඇද ගෙන යනවා....විභාගවලදී බොහෝවිට සාර්ථකයි.....
ඔන්න ඔහොම ජාති 5ක් විතර මම අහලා තියෙනවා....හැබැයි හරියටම මතක නෑ....
හිල් වුණ කළගෙඩි එක අතකින් හොඳයි. කිසිම සර් කෙනෙකුට ඔවුන්ගෙ දේවලින් පුරවා දමන්න බෑ. කවද හරි දවසක තමන්ගෙ දෙයකින් පිරවෙන්න ඔවුන්ට අවකාශයක් ඉතිරිවෙලා තියෙනව.
ReplyDeleteලස්සන පෝස්ට් එකක්... ඒත් අපිට ලමයින්ගේ ඔලු පුරවන්න වලි කනවට වඩා කරනන් පුලුවන් යමක් නැද්ද? ඒක මගේ එක ප්‍රශ්නයක්...
ReplyDeleteoutsider කිවුව දේ හරි වටිනව. ඒත් තමුන්ම කියල මොනා හරි පුරෝ ගනන් හදන දාටත් ඒක හිල් කලය්ක් නම්, මොනවයින් වත් ලාවට හරි පිරිල නැත්නම් තමුන්වත් දන්නෙ නෑ කලේ හිල් කියල.....
මට නම් හිතෙන්නේ හංසයින් තමයි තමන්ගෙ දේ වුනත් සංසන්දනාත්මකව බලා සාරය උරා ගන්න දක්ෂ. බුදු හාමුදුරුවොත් හැම ගුරුවරයෙක්ගෙන්ම ඉගෙනගෙන එහි සාරය සංසන්දනාත්මකව පෙරා ගෙන තමයි තමන්ගෙ දෙයක් ලෝකයට ඉදිරිපත් කලේ. හිල් කළගෙඩි වලට ඒක කරන්න බැහැ. අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි.
ReplyDelete