-->
"අප්පච්චී"
පාන්දරින් පිබිදී ගෙන පිරිත් කියන ඔබේ හඬට
බෝධිය ලඟ පූජා විධි කරන ඔබේ නිමල සිතට
තිස්තුන් කෝටියක් දුවේ පිහිටයි දෙවි කියන හඬට
හැමදාමත් අප්පච්චී කඳුළු ආව මගේ ඇසට
රිලා රෑන එහෙන් මෙහෙන් එබිකම් කරනව දුටුවද
ඔබේ අතින් හැදුනු බෝග වනසන විට දුක හිතුනද
හිතේ දිරිය අහස උසට දරුවන් වෙනුවෙන් නොවේද
ඒ දරුවන් අප්පච්චී ඔබ අමතක කර යාවිද
හේනෙ පැලට නියර දිගේ ආවේ මම අප්පච්චී
ඔබේ පැරණි ගමේ කතා අහගන්නයි අප්පච්චී
ඔබේ දුවම නූනත් මම ඊට මොකෝ අප්පච්චී
ලේලියෙකුට දුවක් වෙන්න බැරි නැහැනේ අප්පච්චී
ලේලියෙකුට දුවක් වෙන්න බැරි නැහැනේ අප්පච්චී
ReplyDeleteඒකනම් මැක්සා..
මේවගේ ලෙලිලා තව තව බෝවෙවා......
ReplyDeleteඅනේ අපේ අම්මාටත් මේවගේ ලෙලියක් වාසනාවන්....
ලස්සනම ලස්සන කවි පෙළක්.......:)
ReplyDeleteසෑහෙන්න වටිනවා. ඕක අපේ සමහර එකියගාට පෙන්නන්න තියෙනවා නම් නොසෑහෙන්න වටිනවා.
ReplyDeleteවටින කියන කියමනක්.
"ලේලියෙකුට දුවක් වෙන්න බැරි නැහැනේ අප්පච්චී"
හරිම වෙනස්. රහ තියෙන්නේ ඒ වෙනස ඇතුලේ තමයි.
ඉහත කමන්ටුවේ වචනයක් "සමහර එකියන්ට" ලෙස වෙනස් විය යුතු බව සලකන්න. :)
ReplyDeleteලස්සනයි...
ReplyDeleteෂහ් හරීම ලස්සන කවියක්... පිරිමි කෙනෙක් වුනත් මට ඒ හැඟීම ඒ විදිහටම දැනුනා.... මම මේක මගේ මූණු පොතේ අලවනවා...
ReplyDeleteලස්සනයි
ReplyDeleteඇත්තටම ගොඩාක් ලස්සනයි.
ReplyDeleteහඳක් වී නිබඳ සොමි ගුණ ගති ආර
ReplyDeleteවලක් වනු නොහේ පොළොවට එනපාර
දුවක් වී අපිට, මපුතුගේ අතනෑර
හුඟක් ලංවෙයන් උපදින හැම වාර
අගය කිරීම ගැන බොහෝම ස්තුතියි.
ReplyDelete