උතුම් කුලවමිය නැණ, ගුණ, රුවද හිමී
ඉතින් වැටහුනිද සසරේ නොතිර බැමී
බුදුන් ගිය මගයි සැනසුම හදට හිමී
හිතෙයි මටත් යන්නට ඒ මගම නිමී
මෙම ඡායාරූපයෙන් පෙන්වන භික්ෂුණීන් දෙනම වන්නේ ස්වීඩනයේ පදිංචිව සිට ලංකාවට පැමිණ පැවිදි දිවියට ඇතුල්වූ මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසංනිවේදන අංශයේ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේත්ය.
මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේ කුමාරිහාමී පානබොක්කේ නමින් 1948දී මහනුවර ප්‍රකට පානබොක්කේ පවුලේ සිව්වෙනි දියණියව උපත ලබා මහනුවර උසස් බාලිකා විදුහලෙහි සිප්සතර හදාරා ලංකාවෙහි රෝහල් කිහිපයක වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිට පසුව විශේෂඥ පුහුණුව සඳහා විදේශ ගතව නළ දරු උපත් පිළිබඳව හදාරා විශේෂඥ වෛද්‍යවරියක් මෙන්ම මහාචාර්ය පදවියක්ද ලබා ගත්තාය. එතුමිය 1976 වසරේ ස්වීඩනයට ගොස් 2004 දී විශ්‍රාම ගෙන නැවත ලංකාවට පැමිණ පැවිදි දිවියට එක් වූවාය. දැනට මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ සිට ධර්ම ප්‍රචාරයේ යෙදෙයි.
කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේ නාවලපිටියේ 1973 දී උපත ලබා වයස 13 දී සසුන් ගතවී ඇත. එතුමිය පසුව පේරාදෙණිය සරසවියෙන් උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසංනිවේදන අංශයේ කථිකාචාර්ය තනතුරක් ලබා ගත්තාය.
මෑතකදී රංගිරි දඹුල්ල උපෝසතාගාරයේදී පැවති ශ්‍රි ලංකා භික්ෂුණී උපසම්පදා උත්සවයේදී මෙතුමියන්ද ඇතුලුව ධර්මය පිළිබඳ අවබෝධය ලැබූ භික්ෂුණීන් වහන්සේලා 31ක් නමක් උපසම්පදා විනය කර්මයෙහි පිහිටුවනු ලැබීය. භික්ෂුණී සාසනය පිළිබඳව දැනට ජනතා ඇල්මක් පවතින අතර වසර 900 අභාවයට ගිය ලංකාවේ භික්ෂුණී සසුන යලි පිහිටවූයේ 1988 මාර්තු 18 වනදාය. මේ වනවිට උපසම්පදා භික්ෂුණීන් 800 ක් සහ සාමනේරී භික්ෂුණීන් වහන්සේලා 3000ක් ලංකාව තුල ධර්ම ප්‍රචාරයේ යෙදී සිටින අතර මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේ සහ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේ මෙන් ධර්මය පිළිබඳ සැබෑ ඇල්මෙන් සහ අවබෝධයෙන් සසුනට පිවිසි භික්ෂුණීන් ශ්‍රි ලංකා භික්ෂුණී සාසනය බැබලවීමට සමත් වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැක.
(2010 ජූලි 25 දින පලවූ ලංකාදීප පුවතක් ඇසුරෙනි)

මේ සුදම්මිකා භික්ශුණිය ගැන විස්තරාත්මක ලිපියක් පසු ගිය සති අන්ත දිවයින පත්තරේ තිබිලා මයියා ට ඇස ගැටුණා...මොනව උනත් ටිකක් උගත්කමක් තියෙන කට්ටිය එන එක ශාසනයට හොදයි...
ReplyDeleteවටිනා ලිපියක්.....
ReplyDeleteහොඳ ලිපියක්..... ස්තුතියි මැණික්
ReplyDeleteහ්ම් කට්ටියම දැණුවත් කරපු එක වටිනවා..
ReplyDeleteජයවේවා!!!
අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි.
ReplyDeleteමැණික්(සුළඟ)