-->

Sunday, October 30, 2011

"ලොව පැරණිය අති රමණිය සිරියාව"

Trinity කියන්නෙ කැනඩාවෙ Newfoundland ප්‍රාන්තයේ තියන වරායක් ආශ්‍රිත කුඩා ඓතිහාසික නගරයක්. එතරම් ජනාකිර්ණ නොවුන මේ නගරයේ ඇතැම් ඓතිහාසික මෙන්ම සුන්දර තැන් නැරඹීම සඳහා වසරක් පාසා සංචාරකයන් දහස් ගනනක් ඇදී එනවා. දහසය වන සියවසේ 1501 දී පෘතුගිසීන් විසින් මෙම ස්ථානය මුල් වරට සොයා ගත් අතර 18 වන සියවසේදී මෙහි බ්‍රිතාන්‍ය ජාතිකයන් පැමිණ තිබෙනවා. තවමත් මෙහි පදිංචිව ඇත්තේ ඉතා සුලු පිරිසක් වන අතර 2006 කැනඩා සංගණනයට අනුව එය 191ක ජන සංඛ්‍යාවක් ලෙසයි දැක් වෙන්නේ.පහතින් පෙනෙන්නේ එහි ඇති පැරණි පල්ලියක ජායාරූපයක් සහ එහි ඇතුලත දර්ශනයි. 
අතීත සිරි විදහා දක්වන කෞතුකාගාරයක්ද මෙහි ඇති අතර එහි මගේ නෙත ගැ‍ටුන මෙම සිංගර් මහන මැෂිම දු‍ටු විට මට මගේ නෑදෑ ගෙදරකදීද මෙවැනිම පැරණි මැෂිමක් දු‍ටු මකකය අවදි වුනි. ඔවුන් අතීතයේ භාවිතා කළ වෙනත් උපකරන බොහොමයක්ද ප්‍රදර්ශනයට තබා තිබූ අතර ඒවා අපේ රටේ ඒවායින් වෙනස් නොවන බව පෙනුනි. 
පළමු ලෝක සංග්‍රාමයේ යුද සෙබලෙක් ඇඳි කබායක්ද ප්‍රද්ර්ශන භාණඩ අතර විය.
 
 
ආහාර සහ අනිකුත් දේ ගබඩා කර ගැනීමට ඔවුන් පොලොව යට ගුහා සකස් කර තබා ගෙන තිබී ඇති අතර තවමත් සමහර ඒවා එලෙසින්ම සංරක්ෂනය කර සංචාරකයන්ට දැක ගැනීමට තබා තිබේ.
මේ සියල්ල අවසන මට මෙසේ සිතුනි.
අතීතයේ එක් කාල සීමාවක ඔවුන්ද අපද එකම ජීවන රටාවක සිටියෙමු. එහෙත් පරිසර සාධක  ජය ගැනීමේ සටනේදි නව නිපැයුම් තුලින් ඔවුන් අප පසු කර මේ වන විට බොහෝ දුර ගොස් ඇත. පරිසරය අපට දෙවියන්ගෙන් ඉබේ ලැබුනක් වූ බැවින් අප තවමත් එදා හිටි තැනමද?

9 comments:

  1. ඒක නම් මටත් හිතිලා තියන දෙයක්...කටුක දේශ ගුණය නිසාමද මන්දා මේ මිනිස්සු මේ තරම් දියුණු උනේ...

    ReplyDelete
  2. මට හිතෙන්නේ මේ මිනිස්සුන්ගේ දියුණුවට හේතුව නිදහස් චින්තනය කියලයි.. අපේ මිනිස්සු නොයෙකුත් වැට කඩොලු ආකල්ප වලින් ඔලු පුරවාගෙන භේද බින්න වෙලා ඉන්න නිසයි අපි පස්සට යන්නේ. මේක මුළු දකුණු ආසියාවටම පොදු තත්වයක්..

    ReplyDelete
  3. බෙදා ගැනීම ගැන ස්තුතිය්, අපේ ආතම්මගේ සිංගර් මැෂිමත් ඔය වගේ කියල මතකය්

    ReplyDelete
  4. මේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඔය දේවල් වලට කෑගහනකොට මිනිස්සු හිතන්නේ අපිට පිස්සු කියලා. අපි වෙන රටවල ඉඳලා එන හින්දා විතරයි ඕවා කියන්නේ කියලා. වෙන එකක් තියා අපේ ගෙදර මිනිස්සු මගෙන් බැනුම් අහන තරමක් අහන්නේ මේ වගේ දේවල් වලට.

    ReplyDelete
  5. මට මතක් උනේ මා දුටු ඔය වගේම ගම්මාන කිහිපයක්. ඒවායේ තියන පැරණි දේවල් තාමත් අපේ නූතන ගම්වල බාවිතා වන බව කියන්ටත් කණගාටුයි.

    ReplyDelete
  6. කලින් දැනගෙන නොහිටපු විස්තර ටිකක් අක්කේ.. අපිටත් කිව්වට ස්තුතියි...

    ReplyDelete
  7. ඔය ඔක්කොම මිෂනාරි කුමන්ත්‍රණ :)

    ReplyDelete
  8. හරිම කදිම විස්තරයක් මැණික්. සුබ පතනවා ඉදිරි අනාගතයට.

    ReplyDelete
  9. ස්තුතියි හැමෝටම.
    මැණික්

    ReplyDelete