-->

Friday, October 7, 2011

"දෝණිගෙ පාඩම"

චුටි දෝණි කෙනෙක් එයාගෙ අප්පච්චිත් එක්ක ලස්සන වනන්තරයක් මැදින් කුරුළු ගීත අසමින් ලොකු  ගමනක් ගියා. වනන්තරේ මැද්දෙන් ගලාගෙන යන ගඟ උඩින් තිබුනෙ ලී පාලමක්. අප්පච්චිට පොඩ්ඩක් බය හිතුනා. දෝණිගෙ අත අත හැරිල ගඟට වැ‍ටුනොත්!!. ඉතින් අප්පච්චි දූට මෙහෙම කිව්වා,
"මගෙ රත්තරන් පැටියෝ,  ඔයා මගෙ අත හයියෙන් අල්ල ගන්න, එතකොට ඔයා ගඟට වැටෙන එකක් නැහැ"
දූ අප්පච්චිගෙ මූණ දිහා හොඳට බැලුව.
"නෑ අප්පච්චි, ඔයා මගෙ අත හයියෙන් අල්ල ගන්න".
අප්පච්චිට හිනා ගියා.
"මොකද්ද පැටියෝ ඒ කතාව? මොකද්ද ඒකෙ තියෙන වෙනස?
"ඇත්තටම ඔයා දන්නෙ නැද්ද?. ඒකෙ ඉතින් ලොකූම ලොකු වෙනසක් තියනවනේ"
දූගෙ ආඩම්බර කතාවට අප්පච්චිට පුදුම හිතුනා.
"මම ඔයාගෙ අත අල්ලගෙන මට මොනව හරි වුනොත් ඔයාගෙ අත මගේ අතින් අතෑරෙන්න ගොඩා...ක් ඉඩ වැඩියි. ඒත් ඔයා මගේ අතින් අල්ල ගත්තොත් ඔයාට මොනව වුනත් මගේ අත අතාරින්නෙ නෑ නේද අප්පච්චි?
ඇත්ත තමයි. අප්පච්චිගෙ ඇස් වලට කඳුළු පිරුනා. ලෝකෙ පෙරලුනත් කවදද අප්පච්චිල දූලව අමතක කලේ?

In  any relationship, the essence of trust is not in its bind, but in  its bond.
So  hold the hand of the person who loves you rather than expecting  them to hold yours...
This message is too short......but  carries a lot of Feelings.

10 comments:

  1. අනේ අප්පා... මෙහෙම ඒව කියවද්දි ඈඬෙනවා...

    ලස්සන කතාවක් !

    ReplyDelete
  2. ලස්සන කතාවක්....

    ReplyDelete
  3. දෙමව්පියන්ගේ ආදරේ මනින්න බැරිබව පුංචි දෝණි දැන්මම තේරුම් අරන් තියනවා..

    ReplyDelete
  4. මෙ කතාව මම මීට කලින් අහල තියනවා ඒත් මම මෙ කතාවට හරිම ආසයි නැවත් දකින්න සැලැස්වුවට ස්තුතියි

    ReplyDelete
  5. අනේ ඉතින් අප්පච්චියි මායි....

    ReplyDelete
  6. ඔන්න ඔහොම ගිහින් දෝනි අප්පච්චිගේ මානෙන් එහාට යනවා මගේ දෝනී වගේ.. එහෙම ගිහින් අප්පච්චීට අතින් අල්ලාගෙන යන්න බැරි වෙනවා.. එතකොට මන් වගේ උදේ හවා බඩ පපුව දනවා. මේ දවස්වල මගේ කෙල්ල නේපාලෙට ගිහින්.. ඒ මදිවාට අන්නපුර්ණ නැගලා ආපහු එනවා. මගේ බඩේ ගින්දර ඌට තේරෙන්නේ නැහැ.. විහිලු එස් එම් එස් එවනවා. අපොයි මෙකී පොඩියට හිටියානම් කියලා කඳුලක් එනවා.

    ReplyDelete
  7. තාත්තෙක් ගෙ ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියල පෙන්වන ලස්සන වඳන් පෙලක්. මගෙ තාත්තා මට තාම එදා වගේම ආදරෙයි, නංගි එයා දැන් මගෙ පුතාගෙ දරුවෙකුත් දැක්කා. සරත් ලංකාප්‍රිය කියනවා වගේ පේනවනෙ තියෙන සෙනෙහසක මහිම.

    ReplyDelete
  8. ජීවිතේ මල්, දිනේෂ්, රූ, outsider , ලොකු ජෝන්, පොඩ්ඩී, සරත් chandi ස්තුතියි මා ලියනදේ කියවන හැමෝටම. එක එක්කෙනාට වෙන වෙනම උත්තර නොලීවාට තරහ නැහැනේ.
    මැණික්

    ReplyDelete
  9. මගේ පොඩි දෝනි හැමදාම මට ඔහොම කියනව .

    ReplyDelete