-->

Sunday, October 2, 2011

"නූතනය නුඹේ වැඩ"

අයින්ස්ටයින් නුඹ
මගෙ පන්තියේ කොනක
අවධානයෙන් තොරව
නුඹ නුඹේ වැඩ අතර

නැගිට යයි නැවත එයි
අතිශයින් නිදහස්ව
නුඹට සිතෙනා විටදි
නුඹෙ සවන් මා වෙතට

අයින්ස්ටයින් අද
නූතනය නුඹේ වැඩ
විසුලු දුරකතනයට
කුමකටද මගේ රුව

කළු හමක් හිමි නමුත්
ගුරුතුමියි නුඹේ මම
විසල් මනසට නුඹේ
නොවටීද මගෙ දැනුම

4 comments: