"නවරාත්‍රී උත්සවයත් ලඟයි"
ඉන්දියන් මිතුරෙක් කිව්වෙ ලොකු සතුටකින්.
"ඔය ඉතින් අපේ රාවණ රජ්ජුරුවන්ට හැමෝම එකතු වෙලා දුන්නෙන් විදින දවස නේද"
මගේ ප්‍රශ්නයට ඔහු මහ හයියෙන් හිනා වුනා.
"නැහැ නැහැ, ඉන්දියාවේ සමහර පළාත් වල විතරයි එහෙම කරන්නේ. රාවණ රජ්ජුරුවො කියල කියන්නෙ නරක, නපුර. එහෙම හිතලයි ඒ අය දුන්නෙන් විදින්නේ"
"ඉතින් දුන්නෙන් විද්දම නරක, නපුර නැති වෙනවද?"
"ඒක ඉතින් කතන්දරයක් විතරයිනෙ"
ප්‍රභාන් මගේ මිතුරා බිම බලමින් පවසයි.
"ඔයාලට ඇත්තටම හිතන්නෙ නැද්ද කතන්දරයක් වුනත් රාවණ කියන්නෙ ගොඩක් ඥාණවන්ත දක්ෂ රජ කෙනෙක් කියල. සීතා පැහැර ගෙන ආවෙ ලක්ෂ්මන් අතින් රාවණගෙ සොයුරියට සිදුවුන අවමානයට පළිගැනීමක් විදියටනෙ. ඒත් සීතා කොයිතරම් සුන්දර කාන්තාවක් වුනත් ඇයට කිසි අතවරයක් රාවණා අතින් සිදු වුනේ නැහැනේ."
"ඔව් කතන්දරය කියවන වැඩි දෙනෙක් පිළිගන්නවා රාවණ කියන්නෙ ඥාණවන්ත රජ කෙනෙක් කියල. කොහොම වුනත් එයා සීතා පැහැර ගත්තනෙ. ඒත් ඔයා දන්නවද අර හනුමන්තා එයාගෙ වලිගෙන් මුලු ලංකාවම ගිනි තිබ්බ එක දැන් අපේ එදිනෙදා කතා බහේ තියන දේකට හැරිලා කියල.?"
"ඒ මොකද්ද?"
මම යුහුසුළුව ඇසුවා.
"කවුරු හරි කෙනෙක් යම්කිසි වැඩක් පවරලා ඒ වැඩේ කෙරිලා නැති බව දැක්කම ඉතින් ගිනි පිටවෙනවනෙ. ඉතින් එහෙම වෙලාවක අපි කියනවා, හ්ම්.. ඔන්න වැඩේ නොකෙරුනොත් අරය ඇවිත් "ලංකාව" තියයි, කියල"
"හා හා ඒ කියන්නෙ ඔයාල ලංකාවට දැන් කියන්නෙ ගින්දර කියලද?"
"අනේ සමාවෙන්න එහෙමම නෙවෙයි. ඒ කතාව ඉතින් ඇවිත් තියෙන්නෙ ඔය හනුමන්තගෙ ගිනි කෙලිය නිසා තමයි"
"ලංකාවටලු ගින්දර කියන්නේ??. අනේ හැබෑට හනුමන්තත් කරල තියන වැඩේ".
අපි දෙන්නම එකතු වෙලා හිනාවකින් කතාව නිම කලා.

ඔය හනුමන්ත කරපු වැඩේ නිසා නෙවෙයි පහුගිය කාලෙ ඉඳන් දැනුත් සිද්ධ වෙන දේවල් දැකලයි ඕක කියනව ඇත්තෙ. ඒකෙ වරදක් නෑ ඉතින් ඇත්තනෙ බල්ලට ගිය රටක හැමතැනම ඇවිලෙන්නෙ ගිනි තමයි.
ReplyDeleteකතාව ලියපු කෙනා එයාට ඔනි විදියට වෙනස් කරලා ලියලා කියලයි මන් දන්නේ.එ කතාව කොහොම උනත්,රාවනා ගේ දඩුමොනරේ තමයිලු බටහිර රටක් වාහන හදන්න ආදර්ශයක් විදියට අරන් තියෙන්නේ.ඔය දඩු මොනරේ අහසට නග්ගපු තැනක් කියලා විස්වාස කරන තැනක් තියනවලු ත්‍රිකුනාමලය පැත්තෙ. .......එහෙම බැලුවම සුද්දා වැද්දා කාලේ අපි වාහන වලින් ගිහින් තියෙන්න්.............
ReplyDeleteඅනේ අපේ සුන්දර රටට කියන දෙයක්....
ReplyDeleteමම ඉන්දියන් උන් එක්ක ඕන තරං ඇර ගෙන තියෙනවා ඔය රාම රාවණා කේස් එකට ..අදටත් උන් කියන්නේ ලොකුවට ලංකාවට ගිනිතිබ්බ එක..මම හනුමව පෙන්නලා ඌගේ මස් කන්වා කිව්වම මරා ගන්න එනව....හික් හික් හික්.....
ReplyDeleteමම බොම්බායේ ඉන්න කාලේ දැක්ක තව උත්සවයක් ඔය වෙනුවෙන්. එකේදී ඒ අය කන්දක් හදල එකට ගිනි තියනවා. එකට කියන නම මට දැන් මතක නැහැ.. ඒ කාලේට වාහන එහෙම සරසනවා. මගේ රියදුරා මගේ වාහනෙත් සරසන්න හැදුවා. ඇයි යකෝ අපේ රට ගිනි තිබ්බ එක සමරන්න මගේ වාහනේ සරසල ? මගේ මිනියට උඩින් තමයි.. මන් කොල්ලට එක කිවුවම මිනිහගේ අත් දෙක ඔලුවට ගියා. හැම හන්දියක් හන්දියක් ගානේ කඩදාසි කොළ අතු වලින් කන්දක් හදලා එදාට උත්සවශ්‍රීයෙන් ගිනි තියනවා.
ReplyDelete