හිටි ගමන් ඇද හැලුන ගත්ත පොද වැස්ස යට ඇයත් ඔහුත් නිශ්ශබ්ද කාලාන්තරයක. අහන්න ඇගේ යටිහිත මුමුනන මේ ගීය.
අහන් ඉන්න........... අහගෙන... ඉන්න.
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා
යාය පුරා නෙක නෙක පාටින්
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේනු අගින්
කෝඩුකාර මල් රේනු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා
සිලි සිලියේ හමන සුලඟ
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා
සිලි සිලියේ හමන සුලඟ
කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා
මේ ගීතය ගැන මගේ මිතුරෙක් ගෙන් ලැබුන විචාරයයයි මේ. ඉතින් මට හිතුනා ගීතයත් එක්කම ඒ විස්තරයත් ඔබට දෙන්න.
"මේ ගීතය අලුත් පරපුරේ ගීත අතරට පැමිණි උසස් මට්ටමේ වින්දනීය ගීතයක්. ගායනා කරන්නෙ මේකලා ගමගේ කියන නව ගායිකාවක්. පද රචනය කරල තියෙන්නෙත් මීට පෙර ගීත රචනා නොකල රචිකාවියක්. ඒ වගේම සංගීතයත් ගීත ක්ෂේත්‍රයේ මීට පෙර හරියට නමක් නොකියවුණ සංගීතවේදියෙක්ගෙ.
මේ මේකලා ගමගේ කියන ගායිකාව අන්ධ කෙනෙක්, ඇඹිලිපිටිය පැත්තෙනුත් එහා දුර ප්‍රදේශයක. ඒත් ඇය ආබාධිත අයට උගන්වන පාසලකින් බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගත්ත අයෙක්. ඇය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරුණත් ඇයට සංගීත අංශයෙන් ඉගෙන ගන්න ඉඩ දීල නෑ ඇය අන්ධ නිසා සංගීතයේ එන යම් යම් ස්වර ප්‍රස්ථාර වැනි දේවල් බ්‍රේල් ක්‍රමයට නෑ කියල. ඒත් ඇයගෙ දක්ෂතාවය හඳුනාගත් කෙනෙක් තමයි "අහන් ඉන්න... අහගෙන ඉන්න" කියන ගීතය කෙළින්ම ගායනා කරවල තියෙන්නෙ. ඉතින් ඇයගේ ගායන හැකියාව ඉහළයි. මේ ගීතයේ එතරම් සුමට නොවන පද ගැලපුම ඇය ගීතවත් කරල තියෙන්නෙ ඒ ඉහළ ගායන හැකියාව නිසයි. මෙතෙක් ඇය ගායනා කරල තියෙන්නෙ ගීත දෙකක් පමණයි වගේ. ඒත් ඒ දෙකේදීම ඉස්මතු වෙන්නෙ පද රචනයේ සුමට බවට වඩා උසස් ගායන විලාසය විසින් ගීතය ජීවත් කරනවන බවයි. ඒ සඳහාම අපූරු සංගීත නාද සංකලනයක් මේ සංගීතවේදියා යොදාගෙන තියෙනව. අඩු සංගීත භාණ්ඩ ප්‍රමාණයකින් යොදාගෙන ඉතාම සියුම් ගීතවත් සංගීතයක් තමයි මේ ගීත වලට මුසු කරල තියෙන්නෙ. මමනම් හිතන්නෙ සංගීතවේදියෙක් ගායකයාගේ හෝ ගායිකාවගේ කටහඞ, ගායන විලාශය හඳුනාගෙන ඊට සරිලන විදියට සංගීතය මුසු කිරීම තමයි ඉතාම සාර්ථක වෙන්නෙ. කොහොම වුණත් මේ ගීත දෙකේ සංගීතය එහෙම මුසු වුණාද මම දන්නෙ නෑ. ඒත් සංගීතය විසින් මෙහි ගීතය අයිතිකර ගැනීමට වඩා ගායනයට මියුරු සහයක් දක්වන බව තමයි මට හැගෙන්නෙ. නව පරපුරේ ඝෝෂාකාරී ගායනයන්ට, සංගීතයන්ට ලොල් නොකරන නව පරපුරේ රසිකයන්ට මේ ගීත දෙකම හොඳ රසාස්වාදයක් ගෙන එනව. කොහොම වුණත් මේ කවුරුත් ආරම්භයෙන් පසු තමයි සියල්ලන් අතරම ජනප්‍රිය වෙන්න ගිහින් තමන්ගෙ හැකියාව විනාශ කර ගනිමින් ආප්ප හදනව වගේ සිංදු කියන්න හදන්නෙ. කොහොම වුණත් අන්ධ බව කියන එක බොහෝ සියුම් දේවල් වලට උපත ලබා දෙනව. සාමාන්‍ය ඇස් පෙනෙන අයට වඩා අන්ධ අය සංගීතයේදී වගේම තවත් බොහෝ කලා ක්ෂේත්‍රවල ඉහළ හැකියාවක් දක්වනව. ඒක තමයි ඔවුන්ගෙ මුඵ අවධානයම කෙළින්ම ඒ වෙත නාභිගත වීම. ඒ නාභිගත වීම සම්පූර්ණ නොකරන්න පෙනෙන ඇස් හේතුවක් වෙනව."

ගීතය වගේම විචාරයත් අපූරුයි නේද. ගීතය අහන්න මෙතනින්.

ඇත්තටම මගේ හිතේ මම පලවෙනි වතාවට මේ ගිතය අහපු දවසේ සජිවිව අන්ධ නංගි කෙනෙක් මේක කියනකොට මගේ ඇස් වලින් කදුලු ආවා.. ඒ දවස ගැන මම දාපු පොස්ට් එකක් මෙතන තියනවා ගිහින් බලන්න කැමති නම්... පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඒ ගැහැනු ලමයාගේ නම සදරු ප්‍රයංවදා.. දෙන්නෙක්ද දන්නේ නැ මම ඉතින්
ReplyDeleteමගේ ප්‍රියතම බ්ලොග් එකකින් තවත් අපූරුතම ලිපියක්...
ReplyDeleteජය...
මම මේ සින්දුව කලින් යූ ටුයුබ් එකේ අහලා තියෙනවා..ඒක කියන්නේ ඉන්ද්‍රචාප ලියනගේ.හැබැයි ඒක රොක් තාලෙට යන විදිහට තියෙන්නේ.ඒකේ කියලා තිබ්බේ නැහැ මේ ගායිකාව ගැන.මෙතන මොකක් හරි අවුලක් තියෙනවා වගේ.
ReplyDeletehttp://www.youtube.com/watch?v=Ux8E4crycI4
oya sinduwema kasun kiyana ekak thuenawa ahala thiyanawada?
ReplyDeleteමමත් මේ ගීතයට මාරම ආසයි අක්කේ...
ReplyDeleteමේ ගීතය අහන්න මටත් ලැබුනා...අන්ධ උනත් ඇගේ හැකියාවට වැට බඳින්න නම් අන්ධබවට හැකියාවක් ලැබිලා නෑ.....
ReplyDeleteමෙ සින්දුවට අපි හැමොම මිට මාස ගනනාවකට කලින් ගොඩක් සංවේදි උනා. එදවස් කිපයෙ අපි හැමොම මෙ සින්දුවට ආසා කරා.. ඇහැව්වා.. අදටත් මමම නිතර අහන සිංශු ලැයිස්තුවෙ මෙ සින්දුව තියනවා. ඇත්තටම ලස්සන සින්දුවක්. මෙවා තව අවුරුදු ගාණකට පස්සෙ අහද්දි වුනත් දැනෙවී..
ReplyDeleteමාත් අහලා තියෙන්නෙ මේක මේකලාගෙ ගීතයක් කියලයි.ලක්බිම පත්තරේ මේ ගැන ලිපියක් ගියා.
ReplyDeleteපළමුවරට අහද්දිම හිතඇදිලා ගිය ගීතයක්..
ReplyDeleteමන් මේක අහල තියෙන්නෙ පිරිමි කෙනෙක් කියනවා.දැන් තමයි නියම එක ඈහුවේ.බෝහොම අපුරු ගීතයක්,ගිත අහන ඈහෙන කාලය ව්දින්න පුලුවන් සුමියුරු ගීතයක්,...සද්ද බද්ද නැති දයාබර ගීතයක්.ගායනය වගේම අපුරු ස0ගීත සන්යොජනයක්...ඔබට ස්තුතියි,මෙ ගැන දැනුවත් කලාට,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනවා.....................
ReplyDeleteසංගීතයත් ගායනයත් දෙකම එකවගේ අපුරුයි.. අයි අපේ මිනිසුඋන්ට මේ වගේ කනෙකුට ඇත හිත දෙන්න නීති රීති පැත්තකින් තියන්න බැරි ? මෝල් ගස් ගිලපු පිම්බුරෝ නිසා කොයිතරම් හැකියාවන් ඇති මෙවැනි ය පාරට වැටෙනවා ඇත්ද ?
ReplyDeleteමේ ගැන හරි (කියල හිතන්න පුළුවන් ) විස්තරයක් මෙතන තීනව.
ReplyDeleteකාලෙකට පස්සෙ මේ post එක වැඩි දෙනෙක් බලල තිබුනා. මට ඉතින් හැමදාම comments වලට උත්තර ලියන්න නම් බැරි වෙනවා. ඒකට අමනාප නොවෙනව ඇති කියල හිතනවා මම ලියන දේ කියවන අය. ඉතින් මට හිතුන අදවත් කම්මැලි නැතිව අඩුම ගනනෙ එක උත්තරයක් වත් ලියන්න ඕනෙ කියල. ඉතින් අද වගේම හැමදාම මම ලියන දේ අගය කරන හැම කෙනෙකුටම ස්තුතියි.
ReplyDeleteමැණික්
මේකනම් ඇත්තටම අහන් ඉන්න ආස හිතෙන සින්දුවක්. story, visuals මේ කිසිම දෙයක් ඕන නැහැ...ඇස් දෙක පියාගෙන අහන්න පුළුවන්. සංගීතඥයාටත් විශිෂ්ට හැකියාවක් තියනවා කටහඬ අපූරු විදියට ඉස්මතු කරලා ගන්න. කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් තමයි මටනම්.
ReplyDeleteස්තුතියි ඔයාට මේ ගැන විස්තර කිව්වට...
රීඩරේ හරහා ඔයාව කියවන හින්දා ඔයාගී ලිපි කලාතුරකින් මග හැරෙන්නේ. මොන හේතුවකද මන්දා මේ පෝස්ට් එක දැක්කේ නෑ නේ.
ReplyDeleteමේඛලා ගමගේ ගැන අහලා තිබුනත් මේ සින්දුව එයාගේ කියලා නම් දැනන් හිටියේ නෑ.
බ්ලොග් එක කියවලා දෙපාරක්ම සින්දුව ඇහුවම තමයි ඔයාගේ කතාවේ තියෙන විස්තරත් එක්ක අමුතු වටිනාකමක් ආවේ.
සයුරි, Il mondo di una povera pazza ස්තුතියි ඔයාලටත්. ඇත්තටම ගායන විලාශය තමයි මගෙත් ගොඩක්ම හිත ගත්තේ.
ReplyDeleteමැණික්
මේ සින්දුව කියන්නෙ මේඛලා ගමගේ තමා. ඒත් මුලින්ම ඇහුවෙ ඉද්‍රචාපගෙ රොක් වර්ශන් එක. ඒකෙත් පසුබිම් ගායනයට අන්ධ තරුණයෙක් එක්වෙනව. එකම පදවැල අන්තයන් දෙකකට ගෙනගියපු හැටි හරිම අපූරුයි.
ReplyDeletehttp://www.youtube.com/watch?v=Ux8E4crycI4