!!......මායාකාරය.....!!
හඳුනමි නුඹව මම
විජ්ජා මවා පෙන්වා
පාපයම මට පෙන්වන
මම හරි කියන්නට
නුඹට ඇති ඕනෑ කම
පෙරටුවට ගෙන මේ ලෙස
නෙක නෙක හේතු සපයන
අමන කම නොතරම් වෙද
සිතිවිලි සිත්තමින්
ගොතයි පවටම පක්ෂව
කපටියි නුඹ හරිම
සිනාසෙමි මම මටම
මේ ලෙස
!!......මායාකාරය......!!
මනස සේ නුඹ නම් වුන
රැවටුනත් එක මොහොතක
නුඹේ පව් හඳුනමි මම
පවට අනුබල දෙන නුඹෙ
විජ්ජා ඉතින් කුමකට
සිටින්නට හැකිනම්
නොකර කරදර මේ ලෙස
හඳුනමි නුඹව මම
විජ්ජා මවා පෙන්වා
පාපයම මට පෙන්වන
මම හරි කියන්නට
නුඹට ඇති ඕනෑ කම
පෙරටුවට ගෙන මේ ලෙස
නෙක නෙක හේතු සපයන
අමන කම නොතරම් වෙද
සිතිවිලි සිත්තමින්
ගොතයි පවටම පක්ෂව
කපටියි නුඹ හරිම
සිනාසෙමි මම මටම
මේ ලෙස
!!......මායාකාරය......!!
මනස සේ නුඹ නම් වුන
රැවටුනත් එක මොහොතක
නුඹේ පව් හඳුනමි මම
පවට අනුබල දෙන නුඹෙ
විජ්ජා ඉතින් කුමකට
සිටින්නට හැකිනම්
නොකර කරදර මේ ලෙස
මනස මා ඔබ තුලමය
ReplyDeleteනොයමිය කිසිත් හැරදා
හැකිනම් මා හෙලා
බැඳ තබනු සිර කුටියක !
මේ කතා කතා කරන්නේ 'මනස 'ගැනද?
ReplyDeleteලස්සන සිතුවිල්ලක් අක්කේ...
ReplyDeleteඅනේක ජාති සංසාරං
ReplyDeleteසන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරක ගවේසන්තෝ
දුක්ඛාජාති පුනප්පුනං
(සංසාරය තුළ නිතර නිතර ඉපදීම ඇතිකරන තෘෂ්ණාව නමැති වඩුවා සොයමින් අනාදිමත් කාලයක සිට සිය දහස් ගණන් භවයන් තුළ සැරිසැරූ බවත්, බුද්ධත්වය ලැබූ තමන් වහන්සේ ස්කන්ධය නම් වූ ගෙය හදනා තෘෂ්ණාව නම් වඩුවාගේ කෙලෙස් නමැති පරාල බිඳ දමමින් අවිද්‍යා නමැති කැණිමඩල අරහත් මාර්ග නමැති පොරවින් පළා විනාශ කර දමමින් මුළුමනින්ම තණ්හාව නැතිකොට උතුම් බුද්ධත්වයට පත් වූ බව)
[උපුටා ගැනීම: බුදුසරණ අන්තර්ජාල කලාපය]
බුදුරජාණන් වහන්සේගේ උදාන පාඨය මතක් උනා ඔයාගේ නිර්මාණය කියවද්දි. හරිම අපූරුයි මැණික්.
මගේ නමේ කෑල්ලකුත් දාලා නේද? :D :D :D
@ සිතුවිලි සිත්තටම නැගෙනා කවි පොත,
ReplyDeleteමේ කවි පෙළ ඔබ ගැන මිස වෙන කවරෙකුවත් ගැන නොවේ. (හෙහ්....හෙහ්)
පාපී සිතුවිලි වලට මනස මයි මුල් වෙන්නෙ, මනසින්මයි හැමදෙයම තීරණය කරන්නෙ, මනස මයි ප්‍රධාන, මනසින්මයි ඉවත් කරන්නෙත්. මනස පිරිසිදු වූ විට සියල්ලම පිරිසිදුව සිදුවේවි. හරිම සුන්දරයි මැණික්.
ReplyDeleteඔව් මනස ගැන තමයි කියල තියෙන්නෙ. අනේ "සිතිවිලි සිත්තමට නැගෙනා කවිපොතට" කවුද ඔය විහිලු කරන්නේ.
ReplyDeleteස්තුතියි හැමෝටම.
මැණික්
@ඔබ්සවර් මාමා
ReplyDeleteමගේ නමෙන් කොටසකුත් දාලා තිබ්බට ඒ මං ගැන විතරක් නෙවෙයි අනේ, අපි හැමෝම ගැනයි මැණික් ලියලා තියෙන්නේ... (හිහ්....හිහ්)
කළින් ලියපු කවියක් එකතු කරන්න මට අවසර දුන්නාට තාම ඒ සටහන ලියන්න බලාගෙන ඉන්නෙ. දැන් ලියන්න ලැහැස්ති වෙන එකකට මේ කවිය නියමෙට ගැලපෙනවා.
ReplyDeleteවිශිෂ්ඨ මනස වල් එක විදියට ම සිතති!!!!