සමන් වැලේ මල් පිරිලා. මුලු හිතම පිරෙන තරම් සුවඳයි. සන්තූරී ඒ සුවඳට ඉව අල්ලගෙන හිනා වෙනවා ආච්චි අම්මා දැක්කා.
"මයෙ කෙල්ලේ ...... දැන් ගොම්මන් වැටී ගෙන එනවා. බුදු පහන තියන්න අමතක වුනාද?. වරුවක්ම ඔතන ඉඳගෙන හිටිය මදෑ. දැන් ගෙට වරෙන් මයෙ පුතේ"
ආච්චි අම්මගෙ ඒ කතා සන්තූරිට ඇහුනා නෑහුනා ගානයි. සාෂා ඊයෙ ගම දාල රස්සාවකටෙයි කියල ගව් ගානක් ඈතට ගියා. කවදාවත් නොදැනුන තනි කමක් හිතට ඇවිත්. බඩවැටිය ලඟදි මුන ගැහිලා ගමෙන් ඈතට යනවා කිව්වම සන්තූරිගෙ හිත හූල්ලන හඬ ඇහිලා සන්තූරිටම පුදුම හිතුනා.
"අනේ .... මට දුකක් දැනෙනවා සාෂා"
එහෙම කිව්වම සාෂා හිනාවුනා.
"ඒ කියන්නෙ සන්තූරිට මාව මුන ගැහිලා තියෙන්නේ ඇස් වලින්ද?"
සාෂාගෙ ඒ කතාව තේරුම් ගන්න බැරිව සන්තූරී සාෂාගෙන්ම උත්තරයක් බලාපොරොත්තුවෙන් මොහොතකට ගොළු වුනා.
"සන්තූරී...... අපේ හිත් අතර පාලමක් තියනවා කියල කවදාවත් ඔයාට දැනුනෙ නැද්ද? හරියටම රිදීපාටින් ඇඳපු හීන් ඉරක් වගේ."
හැමෝම කියන පිච්ච මල් හිනාව සන්තූරිගෙ මූන පුරා ඇඳුනා.
"ඒ පාලම දිගේ අපි එහාට මෙහාට යන බව මට නම් දැනෙනවා. නොදකින එක දුකක් වෙන්නෙ ඇස් වලින් මුන ගැහුන අයට. ඇස් වලට පේන ශරීරය නොපෙනෙන කොට දුක හිතෙනවා. ඉතින් මම කොහේ හිටියත් මට නම් සන්තූරිව මුන ගැහෙනවා හැමදාමත් අපි අතර ඇති පාලමේ මේ විදියට. මරනයෙන් එහාට ගියත් ආයෙ ආයෙත් මුන ගැහෙන කොට අපිට එහෙම දැනේවි."
සාෂාගෙ කතාව ඇත්ත. ඒ රිදී පාලමේ හීන ඇයටත් පුරුදුයි. දුක් වෙන්න දෙයක් නැහැ නේන්නම්.
මේ වගේම සාෂා කිව්ව තවත් කතාවක් සන්තූරිට මතක් වුනා. ඒ ගැහැණු කම නිසා දවසින් දවස සිර ගත වෙන බව සන්තූරිට මුලින්ම තදින්ම දැනුන දවසේ. පුංචිම කාලේ ඉඳල එකට අත්වැල් බැඳගෙන සෙල්ලම් කළත් ගැහැණු කම ටිකෙන් ටික සිර ගත වන බවත් පිරිමි කම දිගටම නිදහස භුක්ති විඳින බවත් තේරුම් ගියාම සන්තූරි කෑගහල කිව්වා ඒක එහෙම වෙන්න දෙන්න බෑ කියල. මේ වෙනස මුලින්ම පුංචි සන්තූරිට දැක්කේ ශරීර වල වෙනසක් හැටියට. එදා පුංචි සන්තූරිට මේ වෙනස ලොකු කුතුහලක් වුනා. ඉන් පස්සේ එකට අත් අල්ලගෙන සෙල්ලම් කල හිත ටික ටික කඩතොලු වුනාද කියල සන්තූරිට හිතුනා. ඒත් ගැහැණු කම කියන්නේ මුලු ස්වභාව ධර්මයම එක් කළ පරිපූර්ණ නිර්මානය කියල සන්තූරි දැන් දන්නවා.
"සන්තූරී ... ශරීර වල වෙනස නිසා ගැහැණු කම සිරගත වීමෙන් ගැහැණු සිත පිරිමි සිත සමඟ සමාන්තරව ගමන් කරන්නෙ නැහැ. ඒ නිසා ගැහැණිය මුන ගැහෙන්න නම් පිරිමියාට ආපසු ගමනක් එන්න වෙනවා. හදවතින් වහා මුසු වන පාලමක් ගොඩ නැගෙන්නෙ එතකොට. නැත්නම් ඉතින් ගැහැණිය හැමදාම පිරිමියාට දුරස් සත්වයෙක් පමණයි"
පණ්ඩිතයෙක් වගේ එදා සාෂා එහෙම කියන කොට සන්තූරී හිනා වුනේ හරියටම වනන්තරේ මැද්දේ ඇද හැලෙන දිය ඇල්ල වගේ.
"මොකද කෙල්ලේ තනියම හිනාවෙන්නේ. කළු කුමාරයවත් වැහිලද?"
"ඔව් ආච්චි අම්මේ.... මම මේ එයාව පාලමෙන් එහාට එලවනවා"
සන්තූරී ආච්චි අම්මගෙ අත අල්ලගෙන රවුමට කැරකෙමින් හිනාවුනා.
"අනේ උඹට නම් ඇත්තටම පිස්සු".

"පුංචිම කාලේ ඉඳල එකට අත්වැල් බැඳගෙන සෙල්ලම් කළත් ගැහැණු කම ටිකෙන් ටික සිර ගත වන බවත් පිරිමි කම දිගටම නිදහස භුක්ති විඳින බවත් තේරුම් ගියාම සන්තූරි කෑගහල කිව්වා ඒක එහෙම වෙන්න දෙන්න බෑ"
ReplyDeleteඔය කියන විදියට ගැහැණුකම කියන එක ටිකෙන් ටික සිර ගත වෙන්න ඕනෙමද .....
ඒක වෙනස් කරන්න පුලුවන් නේද ....
වැරැද්ද තියෙන්නෙ අපේ සමාජ ක්‍රමේ නේද ...
කාලෙකින් ආයෙමත් සංතූරි ඇවිත්.....
ReplyDeleteහ්ම්ම්ම් කල්හාර අයියා/මල්ලි කියපු එක හරි. සමාජ ක්‍රෙමත් එක්ක තමා ඔය හිරවීම ඇති වෙන්නේ. හැබැයි ඒක එක අතකට හොඳයි කියලත් හිතෙනවා.
දැන්නම් ගැහැණිය මුණ ගැහෙන්න පිරිමියාට ආපසු ගමනක් එන්න වෙන්නෙ නෑ. මොකද දැන් ගැහැණියත් යමින් ඉන්නෙ පුරුෂයා ගිය දිශාවට ඒ මාර්ගයේමයි.
ReplyDeleteහුඟ කාලෙකින් සන්තුරිගේ කතාව අහන්න ලැබීම ගැන සතුටුයි
ReplyDeleteමෙන්න ආයි අපේ සන්තුරි ඇවිල්ලා ලස්සන කතාවකුත් එක්ක. දිගටම ඔයාගෙ කතා කියවන්න හරි ආසයි.
ReplyDelete@කල්හාර දිසානායක: වෙනස් කළයුතු නැහැ. කාලය සමඟ ඉබේ වෙනස් වෙනවා කියලයි මට හිතෙන්නේ.
ReplyDelete@හා පැටික්කි : ඔව් ඔයාල වෙනුවෙන් තමයි සන්තූරි එන්නේ. වෙනස් වීම කාලය සමඟ ගමන් කරයි.
@ Outsider```: හ්ම්.. හ්ම්.. වෙන්න ඇති.
@ayesha : ස්තුතියි අයේෂා. දැන් ලියනව අඩුයි නේද?
@ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත: ඔන්න ඔයාගෙ ඉල්ලීම සන්තූරි ඉෂ්ට කළා. ආයෙමත් ඔයාත් ලියන්න.
මැණික්
මන් හිතන්නේ ඔය මේ චරිතය දිගටම ඉදිරියට ගෙනියන්න ඕනේ කියල.. ඔය මේ පොස්ට් එකෙන් කියල තියෙනවා වගේම ගොඩක දේවල් සන්තුරි ඉදිරියට අපිට කියාවි එතකොට !
ReplyDelete