වාරිස් ඩයිරි නම් ජගත් නිරූපිකාව විසින් රචිත Desert Flower නම් කෘතියේ සිංහල පරිවර්තනය (පරිවර්තක රංජිත් කුරුප්පු) වන කාන්තාරයේ කුසුම කියවූයෙමි. එසැනින් මා සිතූයේ අප්‍රිකානු ගෝත්‍රික සමාජයක නොඉපදේවා යන්නයි. සෝමාලියාවේ එඩේර පවුලක උපත ලද වාරිස් ඩයිරි අනේක විධ දුක ගැහැට විඳ ඒ සියල්ල අභිබවා යමින් ලෝ පතළ නිරූපිකාවක් වූ අයුරු මෙම කෘතියේ විස්තර කරන්නීය. අද ඇය නිව්යෝක් නුවර ජීවත් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියකද වේ.
රටින් රට තැනින් තැන ඇති විවිධ සංස්කෘතීන් ලෝකයට සුන්දරත්වයක් එක් කළද සංස්කෘතියට අයත් යැයි හඳුන්වන සමහර චාරිත්‍ර කෙතරම් ම්ලේච්ඡ දැයි කෙනෙකුට අදහා ගන්නට පවා අසීරුය. ස්වභාවධර්මයේ නිර්මාණ මනුෂ්‍යත්වයට අනුචිත අයුරින් තිරශ්චීන ලෙස සංස්කෘතිය යන ලේබලය යටතේ වෙනස් කෙරෙන්නේ නම් ඊට එරෙහිව නැගී සිටිය යුතු නොවේද?
දිළිඳු කම සමග අනවරත අරගලයක යෙදෙන අතර තුර ස්ත්‍රියක් වීම හේතුවෙන්ම තමාට ලක්වන්නට සිදුවූ අනේක විධ ලිංගික හිංසන වාරිස් ඩයිරී මෙම චරිතාපදානයේ විස්තර කරන්නීය. ඉන් වඩාත් සිත කම්පා කරවන සිදුවීම වන්නේ ස්ත්‍රී චර්මඡේදනය පිළිබඳව ඇය කරන විස්තරයයි. ස්ත්‍රී යෝනියේ ඇති භගශිශ්නිකාව සහ යෝනි තොල් සුන්නත් නොකල සෑම යුවතියක්ම අපිරිසිදු අධම ස්ත්‍රියක් ලෙස අප්‍රිකානු සමාජයේ සැලකෙන බැවින් එවන් ස්ත්‍රියක් විවාහ කර ගැනීමට කිසිම පිරිමියෙක් ඉදිරි පත් නොවේ. මෙම චර්මඡේදනය සිදු කරන්නේද අපිරිසිදු තත්ව යටතේ අහිකුණ්ඨක ගැහැණුන් විසින් බැවින් බොහෝ යුවතියන් විශබීජ සිරුරට ඇතුලුව මරණයට පත්වේ. මෙම වනචාරි ක්‍රියාවේදී ස්ත්‍රී යෝනියේ ඇති භගශිශ්නිකාව සහ යෝනි තොල් කපා දමා එම අවයව කපා දැමූ ස්ථාන මසා දමයි. මින් පසු එය සිදුකළ ස්ත්‍රියට කිසිදා ලිංගික තෘප්තියක් ලබා ගත නොහැකි වන අතර ඇය විවාහ කර ගන්නා අයෙකුට නිසැකයෙන්ම කන්‍යාවියක ලබා ගැනීම සහතික කෙරේ. මෙම සිදුවීම ඇයගේම වචන වලින් මෙසේය.
"මම හිස හරවා ගල් පොත්ත දෙස බැලුවෙමි. සතෙකුගේ ගෙල කපා මරා දැමූ කලක මෙන් ගල් පොත්ත මත ලේ විසිරී තිබුන අතර, මගේ යෝනියේ කොටස්, මගේ ස්ත්‍රී භාවය පමණක් නොව මගේ මුළු ආත්මයම තද හිරු රශ්මියෙන් ගල් පොත්ත මත වියලී යමින් තිබෙනු මම දුටුවෙමි"
තමන් ලද කුරිරු අත්දැකීම් නිර්ව්‍යාජව ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙවන් ම්ලේච්ඡ ක්‍රියා වලට එරෙහිව වාරිස් ඩයිරීට ලෝක ජනමතයක් ගොඩ නැගීමට හැකිවූ අතර දැන් ඇය කාන්තා ජනනේන්ද්‍ර කොටස් සුන්නත් කිරීම තුරන් කරලීම සඳහා ක්‍රියාකාරී වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂ තානාපති වරියක ලෙස කටයුතු කරයි. මිල රුපියල් 375 වන මෙම සිංහල පරිවර්තනය මේ වන විට සත්වන මුද්‍රණයද නිකුත් කොට ඇති අතර වාරිස් ඩයිරීගේ මුල් කෘතිය 1999 වසරේ ලොව වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර් ජාතික කීර්තියට පත්විය. කියවන්න ඔබත් නොවැරදීම වාරිස් ඩයිරීගේ ජීවිත කතාව.

සමහර චාරිත්‍ර හා සමජ විධි ගොඩක් කුරිරුයි..
ReplyDeletehttp://www.btmon.com/Video/Unsorted/Desert.Flower.2009.BRRip.XVID-lOVE.torrent.html
ReplyDeleteමේ ඒ ගැන මම කලින් ලියූ ලිපියක් :
ReplyDeletehttp://adhahas.wordpress.com/2008/10/30/%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8-%E0%B6%A1%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83/
එක එක සමාජ පහත් හිංසනය එක එක විදියට ක්‍රියාත්මක වෙනව. ඉස්ලාමීය අප්‍රිකානු රටවල මේ සුන්නත් කිරීම් බහුලව සිදු කෙරෙනව. එය සම්පූර්ණයෙන්ම ආගමික වූවක්. ආගමට මුවාවූ කල මිනිස්සු හරි දේ ලෙස කරන තරමක් අමනුෂ්‍ය ක්‍රියා සිදුකරයි.
ReplyDeleteඉස්ලාමීය සමාජයක් නොවන බැවින් බලහත්කාරයෙන් සිදු කෙරෙන සුන්නත් කිරීම් රටේ සිදු නොවුණද විවිධ කඩතුරා වලට මුවාවී අතිඅමානුෂික ක්‍රියාවන් අදටත් සිදුවේ. විශේෂයෙන්ම අපේ රටේ පොලීසිය අදටත් එහෙම පිටින්ම වධකාගාරයි. එසේම රටේ විවිධ අවස්ථාවල ඇතිවූ කැරැළී වලදී වග විභාගයකින් තොරව දස දහස් ගණන් කුරිරු බන්ධනයන්ට ගොදුරු වුණා. ඒ දේවල් එක්ක බලන විට සුන්නත් කිරීම ඉතාම පුංචි දෙයක් වෙනව. ඒ සියල්ලටම කවදත් අපේ රටේ පැවැති රජයන්ගේ පූර්ණ සහය ලැබුණු අතර අදටත් ලැබෙනව. ඒ වගේම මේ ගෝත්‍රික ලක්ෂණ පවත්වාගෙන යන්නෙ ඇති නැති පරතරය ඉහළ මට්ටමක පවත්වාගෙන යාම පිණිස බව ගැඹුරින් විග්‍රහ කර බලන්නෙකුට පෙනෙනු ඇත. එසේම මේ හැම දේකටම කවදත් මේ රටේ ආගමික නායකයන්ගෙන්, විද්වත් පාර්ශ්වයන්ගෙන්ද නොමඳ සහයෝගයක් ලැබීම කණගාටුදායක තත්වයක්.
කෙසේ වුවත් ආගමික චාරිත්‍රයක් ලෙස සුන්නත් කිරීම වැනි හිංසනික දේවල් අද බොහෝ ඉස්ලාමීය සමාජ වුවත් අනිවාර්ය අංගයක් නොවන ලෙස පිළිගෙන තිබීම පැසසිය යුත්තක්.
ස්තුතියි හැමෝටම.
ReplyDeleteමැණික්
මගේ සිත්ගත් තව එක් පොතක් මේ. මම කාලයක් අප්‍රිකාවේ ජීවත් උන නිසා නංගියේ මේ කතාව මට හුඟක් සමීපයි. මගේ යෙහෙළියන් කිහිප දෙනෙක්ම මට මේ විස්තර කියා තිබෙනවා.මගේ යෙහෙළියන් මේ විස්තර මට කීවේ කඳුළු පිරි නෙතින්. අද වෙනකොට නම් තත්වය ගොඩක් හොඳයි කියල මම හිතන්නේ. දැන් ඒ තරමටම මෙවැනි දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මීට අවුරුදු විස්සකට කලින් මේ දේ ප්‍රබලව ක්‍රියාවේ යෙදුනා. මේ කෲර මිලෙච්ඡ ක්‍රියාව අද අප්‍රිකාණු සමාජයම හෙලා දකිනවා. මම මේ දේවල් කරන කාන්තාවකගෙන් වරක් ඇසූවිට ඇය කීවේ එහෙම කිරීමෙන් තම ස්වාමියා තමන්ට හොඳට සලකන බවයි. අප්‍රිකාවේ මෙවැනි ගැහැනුන්ට කියන්නේ විච් ක්‍රාෆ්ට් කරන අය කියලයි. ගැහැණියක් විදිහට මම නම් හිතන්නේ පිරිමියාගේ ලිංගික තෘප්තිය තකා කරන මේ කෲර ක්‍රියාව සමත්ත සමාජයම හෙලාදැකිය යුතු බවයි. වාරිස් ඩයරිටත් ඔබටත් මගේ ප්‍රණාමය.
ReplyDeleteමනුස්යය හැම සතෙක්ම වාලෙක් කරගත්ත වගේ ගැහැණියත් වහලෙක් කර ගත් බවට තවමත් ඉතිරිවෙලා තියෙන සාදකයක් මේක.. මනුස්ස පරිනාමේ ඉදිරියට යන්න නම් මේ වගේ වනචාරී පිළිවෙත් තුරන් කරන්න සටන් කරන්න ඕන..
ReplyDeleteගෑණුන්ගේ ලිංගිකතවය පාලනය කිරීම පුරුෂාධිපත්‍ය කියන සංකල්පේ තව චිරාත්කාලයක් ඉදිරියට ගෙනයන්න ඉතිහාසය පුරාම පාවිච්චිකල ආයුධය .ලෝකෙ හැම සමාජෙම ලිංගික කරුණු කාරණා වලදී පුරුෂයින්ට ප්‍රමුඛත්වය දෙනවා .ගෑණු ලිංගික කරුණු කාරණා වලදි බොහොම පසුගාමීව සිටියයුතුයි කියල නීති දානවා .ඒක පිරිමින්ට පමණක් උවමනා සැපතක් මිසක් ගෑණුන්ට උවමනා නැති දෙයක් විදියට තමයි සම්මත සමාජ සාරධර්ම හඳුන්වල තියෙන්නේ . මෙක මුස්ලිම් සමාජේ දරුණුවට තියෙනව කියලා ඔය වගේ practices නිසා අපි කියනව .නමුත් ඔහොම නැතුවත් කොයි සමාජෙ පිරිමිත් අඩු වැඩි විදියට ගෑනුන්ගේ ලිංගිකත්වය පාලනය කරන්න හරි කැමතියි .සත්‍ය ඒක
ReplyDelete