උඩු සුළඟට පාවෙලා යන වරා මල් දැකල තියනවද? යන එන තැනක් නොදැන ඔහෙ පාවෙන වරා මල් දිහා ඉතින් කවුරු බලනවද? කිසිම ලස්සනක් පාටක් නැති කාටවත් දැනෙන සුවඳක් නැති වරා මල් ඉතින් ඔහේ පාවෙනවා. ඒත් නිදහස... ඔව් නිදහස නම් මේ වරා මලට අපූරුවට තියනවා. කොහේද නොදන්න ගහක පිපුනත් සුළඟත් එක්ක යාළු වෙලා ඈතට ඈතට පියාඹන්න ගත්ත දවසේ ඉඳලම වරා මලත් ඉතින් නිදහසේ පාවෙනවා. පොළොවට උඩින් අහස අල්ලන් පාවෙන නිසා කොයිතරම් දේ බලන්න තියනවද? අතරමග මොහොතකට නැවැතිලා කාත් එක්ක හරි පුංචි කතාවක පැටලිලා ආයෙමත් පාවෙන්න ලැබෙනවනම් හැම මලක්ම කැමති වෙයි. නෑ නෑ සමහර මල් කැමති පිපුන තැනම පරවෙන්න. කැමති වුනත් ඉතින් හැම මලටම වරා මලක් වෙන්නත් බෑ නේ.
වනන්තරයක් උඩින් පාවෙලා පාවෙලා යනකොට දවසක් වරා මලට තාපසයෙක් මුන ගැහුනා. තාපසයා ඇස් පියාගෙන භාවනාවක.
වනන්තරයක් උඩින් පාවෙලා පාවෙලා යනකොට දවසක් වරා මලට තාපසයෙක් මුන ගැහුනා. තාපසයා ඇස් පියාගෙන භාවනාවක.
"පින් පව් කියන්නේ මොකද්ද ?"
වරා මලට තිබුන ප්‍රශ්නය අහන්න තාපසයා හැර වෙන කෙනෙක් කොහෙන් හොයන්නද? තාපසයා මොකද්දෝ උත්තරයක් දුන්නා. පැහැදිලි මදිනේ. අනේ මන්දා එයා පින් කියන ඒවම පව් වෙන්නත් බැරිද? කවුද මේවා මේ විදියට වෙන් කළේ.
"ඇයි ලෝකේ හැමදේම දෙක දෙක තියෙන්නේ?"
"එහෙම තමයි ලෝකේ හැදිලා තියෙන්නේ."
"කවුද එහෙම හැදුවේ? පින්-පව්, දුක සැප, හොඳ-නරක, ස්ත්‍රී-පුරුෂ, කළු-සුදු, මගෙ දෙයියනේ තව කොච්චර නම් තියනවද? කොහොමද මෙහෙම දෙකක් වෙන්නේ. ඒ හැම එකක්ම එකක් වෙන්න බැරිද?"
තාපසයා බයයි ඇස් අරින්න. කතා කරන්නෙ නාරිලතා මලක්ද කියල සැක ඇති. නාරිලතා මලක් නම් ඉතින් සිල් බිඳෙන්න පුලුවන්නේ. ඒත් තාපසයගෙ හිතේ නාරිලතා මල මැවිල ඇති. අපරාදේ .... ඇස් ඇරල බැලුව නම් ඉවරයිනේ. මම ඉතින් වරා මලක්. සිල් බිඳෙන්න විදියක් නෑ. ලස්සන නැති, පාටක් නැති, සුවඳක් නැති, මං දිහා බලල ඉතින් තවත් හොඳට අනිත්‍ය මෙනෙහි කරන්න තිබුනනේ කියල වරා මලට හිතුනා.
"ඔව් ... හැම කෙනෙක්ම ලෝකය දකින්නෙ ද්විත්ව ස්වභාවයෙන්. මම උත්සාහ කරන්නෙ ඒ ද්විත්ව ස්වභාවය ඉක්මවා යන්න. සැප කියන්නෙත් දුකටම තමයි. සැප ඇතුලේ දුක වගේම දුක ඇතුලේ සැපත් තියනවා. ඔය අනිත් කොයිවත් එහෙම තමයි. "
"කොයිවත් එහෙමයි?. ඒ කියන්නෙ ස්ත්‍රී කියන්නෙත් පුරුෂ, පුරුෂ කියන්නෙත් ස්ත්‍රීද? එහෙම වෙන්න බෑ නේ"
"ස්ත්‍රී, පුරුෂ කියල අපි හඳුන්වන්නෙ ශරීර වලට. ඒත් ඒ ශරීර ඉක්මවා ගියාම ස්ත්‍රී පුරුෂ කියල දෙකක් නෑ. ඒක පෙනෙන්නෙ තුන්වන ඇසින් දකින අයට"
"එතකොට ඇස් අයිතිත් ශරීරෙටම නේද? තාපසතුමනි.., ශරීරය ඉක්මවා ගොස් මං දිහා බලන්න. මම නාරිලතා මලක් වෙන්නෙ ඔබ ඔහොම ඇස් පියාගෙන හිටියොත් විතරයි."
තාපසයා ඇස් ඇරියා. වරා මල පාවෙලා පාවෙලා ඈතට ගියා. වරා මලක් වුනත් තාපසයන්ගෙ සිල් බිඳින්නෙ මොකටද?

ඇස් වහගෙන ඉන්න තාපසයට වඩා ඇස් ඇරගෙන නන්නත්තාරෙ යන වරාමල හොඳයි.
ReplyDeleteමම නම් වරාමල් දැකල් නෑ...
මේ ටිකේ අක්කත් වරා මලක් වගේ හිතේ නිදහස හොයාගෙන යන පාටයි..
ReplyDeleteබොහොම බර තේරුමක් තියෙන සටහනක්.. ඇස පියාගෙන සිල් රැකීමේ ප්‍රයෝජනයක් නැහැනේ.. ඇස අරගෙන පෙනෙන දේ වලට ආසාව නැති කර ගන්න එපාය.. මේ ලෝකේ එකක් විතරක් තියෙන දේ තමයි වෙනස් වීම.. වෙනස් නොවෙනා දෙයක් නැහැනේ !
ReplyDeleteස්ත්‍රී + පුරුෂ = මිනිස්
ReplyDeleteමේ කොට්ටාස දෙක ලෝකය දකින්නේ ආකාර දෙකකිනි. ඉතින් එලෙස ලෝකය දෙවිදියකට දකින දෙකොට්ටාසයක් සිටීමෙන් මිනිස් සංහතිය එක් නිවැරදි පොදු මගක ගමන් කරනු ඇත.
කෙසේදයත් ගැලක් අදිනා ගොනෙකු මාර්ගයේ කෙලින් දක්කාගෙන යාමට ලනුවේ පොටවල් දෙකක් ගැල්කරුගේ අත්ලේ තිබිය යුත්තාක් මෙනි.
ලස්සන හරබර කතාව මැණික්. මෙන්න වරා මලක පින්තූරයක් දැකලා නැති අයට.
ReplyDeletehttp://www.flickr.com/photos/arunasene/5061092071/
@``` Outsider``` : වරා මල් නම් ඉතින් ඔය කොහෙත් තියෙන්නේ.
ReplyDelete@Dinesh : නිදහස නම් ඉතින් කාටත් අගෙයිනේ මල්ලී.
@සරත් ලංකාප්‍රිය : ඔව් ඇස් අරගෙන කියල අපි වැඩි දෙනෙක් ඉන්නේ ඇස් වහගෙන.
@Hishan Melanga : ඒ ආකාර දෙකත් එකක්ම බව අවසන් විග්‍රහයේදී වැටහෙයි.
@arunishapiro : ස්තුතියි අරුනි. ඔයාගෙ හරබර කතා නම් මට හොඳටම බර වැඩියි. :)
මැණික්