මම මගේ නිවහනෙන්
පිටව ගොස් බොහෝ කල්
මග හසර නොම දැනම
අයාලේ පාවෙමින්
අතරමග නැවතුනෙමි
නාඳුනන මට නුහුරු
නවාතැන් පොළවල්හි
උරුම මනු සතුන් හට
නේක ව්‍යුහයන් තුල
ගැලී පැටලී නිතින
සෙවූයෙම් වෙද සතුට
ශෝක පරිදේව මිස
කිසිත් නැත උරුම උන
හති වැටී යලි යලිත්
අතරමං වුනා මිස
ඇතුලාන්තය නගන
හඬ ඇසෙයි පැහැදිලිව
හැරෙන්නට කාලයයි
නැවත නිවහන වෙතට
මම ඔබද
ඔබ මමද
කිසිත් වෙනසක් නොමැති
නිහඩතාවය පිරුනු
මගේ නිවහන වෙතට
පිටව ගොස් බොහෝ කල්
මග හසර නොම දැනම
අයාලේ පාවෙමින්
අතරමග නැවතුනෙමි
නාඳුනන මට නුහුරු
නවාතැන් පොළවල්හි
උරුම මනු සතුන් හට
නේක ව්‍යුහයන් තුල
ගැලී පැටලී නිතින
සෙවූයෙම් වෙද සතුට
ශෝක පරිදේව මිස
කිසිත් නැත උරුම උන
හති වැටී යලි යලිත්
අතරමං වුනා මිස
ඇතුලාන්තය නගන
හඬ ඇසෙයි පැහැදිලිව
හැරෙන්නට කාලයයි
නැවත නිවහන වෙතට
මම ඔබද
ඔබ මමද
කිසිත් වෙනසක් නොමැති
නිහඩතාවය පිරුනු
මගේ නිවහන වෙතට
අඩක් දිවියෙන් ගත වෙලා
ReplyDeleteසිතත් වෙහෙසට පත්වෙලා
හෙටක් එන තුරු සැපෙන් සපිරුනු
කොතෙක් ඉන්නද ඉවසලා
පතොක් කටු පිරි ජීවිතේ
මෙතෙක් ආ මග කෙලවරේ
කොතෙක් බිම් මල් පිපී තිබුනද
තෙතක් සිසිලක් එහි නැතේ
දවස් එක දෙක එකතු වී
තවත් වසරක් යයි ගෙවී
ලදොත් සතුටක් එක දිනක වත්
දහස් සැරයක් හිනැහෙමී
ආපසු යන්න හැකි වුණොත් එය තව දුරටත් "නිහඞතාවය පිරුණු මගේ නිවහන" නොවේවි. මොකද "මම" නැති නිසා.
ReplyDeleteඅපූරුයි
ReplyDeleteහරිම ලස්සනයි නංගියේ, සසර කතරේ අතරමං වූ අපි? නවාතැන සොයමින්ම ඇවිදිමු. සිත් ගත් වදන් කීපයක් තිබුනා. සෝක පරිදේව මිස කිසිත් නැත උරුම උන..........
ReplyDeleteහැරෙන්නට කාලයයි නැවත නිවහන වෙතට.....
@කතන්දර Kathandara: කතන්දර විතරක් නෙවෙයි කවිත් යස අගේට ලියන්නේ. නරකද කවි blog එකකුත් පටන් ගත්තනම්.
ReplyDelete@``` Outsider``` : ඔව් අපි හැමෝගෙම නිවහන.
@ayesha: ස්තුතියි අයේෂා
@Chandi: ඔව් අපි දුවන දිවිල්ලෙ හැටියට ඒක තේරෙන්න ගොඩක් කල් යනවා. දුවන අය අතරම අපිත් කොටසක් වෙන නිසයි අපේ අතරමංවීම නොතේරෙන්නේ.
මැණික්
ලස්සනයි අක්කේ...
ReplyDeleteඉස්සර තිබූ තේජස වියකීලා
ReplyDeleteමසුරන් සොයා දුර රටක තනිවීලා
මවු පියන්ට පිටුපාලා
අාසාව හබා ගොස් අතරමන්වීලා
නිවහනෙන් නිවහනට
ReplyDeleteයන ගමන නිමා නැත
ආසාද පොදි බැඳන්
යන ගමනෙ ඉම කොහිද ?