-->

Thursday, June 2, 2011

"ආකාස ජීවන"

සීතල
දැනෙන හිරි පොද මැද
මගෙ මල් කුඩේ යට
ඉන්නවා නම් ඔබ
කොයිතරම් සතුටක්
දැනේවිද මට

ගුගුරන අහස මැද
කැළඹෙන වැසි වලාවක්
වගෙයි නම් මගෙ සිත
ක්ෂනිකව අඳුර බිඳිමින්
විදුලියක් වී මේ ලෙස
සිනාසෙන්නේ ඇයි ඔබ

හිමිදිරිය ‍රැය දහවල
නෙක නෙක පාට ගන්වන
දිදුලන හඬන වැලපෙන
ගොරවන රවන කැළඹෙන
ආකාසය වගේ මයි
ජීවිතය දළුලා යන

අන්ධකාරය ඇවිදින්
ජීවිතය උකසට ගෙන
කඳුළු වැසි ගෙනෙනා කළ
ඉන්නවානම් ඔබ
මා හා සිනාසී ගෙන
මගෙ මල් කුඩේ යට
කොයි තරම් සුන්දර වෙද
ජීවිතය මේ කර්කශ

7 comments:

  1. ඇත්තටම කොයිතරම් සුන්දර වේවිද මැණික්...මට නම් හිතාගන්න බෑ...
    හරිම ලස්සන පද ටික......සුන්දර කම පිරිලා...

    ReplyDelete
  2. හරිම ලස්සන කවි පෙලක් අක්කේ...

    ReplyDelete
  3. නංගියේ හරිම ලස්සනයි පැදි පෙළ.
    කඳුළු වැසි ගෙනෙන කල
    ඉන්නවා නම් ඔබ මා හා සිනාසීගෙන
    මගේ මල් කුඩය යට.......
    ගොඩාක් හිතට දැනෙන වචන ටිකක්. මගෙ හදවතටත් සමීපයි කියල හිතුන. ඒ කියන්නෙ නිර්මාණයේ සාර්ථකත්වය නේද?
    ජයම පතනවා සෙනෙහසින්.

    ReplyDelete
  4. හ්ම් ඉන්නවනම් හොඳයි තමා.

    ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  5. ලස්සනට ලියලා තියනවා .......

    "අන්ධකාරය ඇවිදින්
    ජීවිතය උකසට ගෙන
    කඳුළු වැසි ගෙනෙනා කළ
    ඉන්නවානම් ඔබ
    මා හා සිනාසී ගෙන
    මගෙ මල් කුඩේ යට
    කොයි තරම් සුන්දර වෙද
    ජීවිතය මේ කර්කශ"

    ආදරේ තියනවනං ඕන දුකක් දුකක් වෙන එකක් නැහැ ......

    ReplyDelete
  6. ම්.. ඉන්නවානම් ඔබ
    මා හා සිනාසී ගෙන
    ස්තුතියි හැමෝටම.
    මැණික්

    ReplyDelete
  7. දුක් කඳුළු වැස්සේ
    යනු සසර මාවතේ
    දහම නමැති කුඩය
    යටට ගොස් සොයුරිය !

    ReplyDelete