බබාට මේ දවස් වල ටීචර් රචනාවක් ලියන්න කියලා. මාතෘකාව තමයි ඔය උඩින් ලියල තියෙන්නේ. "නායකයෙක් වෙන්නේ කොහොමද?". බබා බත් කන ගමන් TV බල බලා රචනාව ලියන හැටි හිතුවා. ළමයි නරක් වෙනව කියල අම්මයි අප්පච්චියි බබාට බලන්න දෙන්නේ TV එකේ කාටුන් සහ News විතරමයි. දැන් මේ බලා ඉන්නෙ නම් TV News. හැමදාම TV News බලන බබාට රටේ නායකයො ගොඩක් දෙනෙක් දකින්න ලැබෙනවා. ඔන්න බබා රචනාව ලියන්න ඉඳගත්තා.
1. නායකයෙක් වෙන්න නම් හමුදා පුහුණුවට යන්න ඕනෙ.ඔන්න මේ දවස් වල දකින්න තියන එක මුලින්ම ලිව්වා.
2. නායකයෙක් වෙන්න නම් හයියෙන් කෑගහල උඩ පැනල කතා කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
ඒකත් හරි. නායකයො කියන වැඩි දෙනෙක් කතා කරන්නෙ එහෙමනෙ.
3. නායකයෙක් වෙන්න නම් මල් වට්ටි අරන් නිතරම පන්සල් යන්න ඕනෙ.
අප්පච්චි නම් "ආගමට මුවා වෙලා මුන් අපේ ඇස් වහන්න හදනවා" කියල හැමදාම බැන්නත් බබා ඉතින් ලියන්නෙ බබාට පෙනෙන දේනෙ. තව ඩිංගෙන් බබාට හොඳම කෑල්ල අමතක වෙනවා. ඒක දැක්කෙ ගොඩක් ඉස්සර වුනත් බබා ඒ නායකයට හරි කැමතියි.
4. නායකයෙක් නම් බෝඩ් අරන් කෑගහගෙන ගිහින් උපවාස කරන්න ඕනෙ. තව කෙනෙක් ඇවිත් වතුර පොවන කම් නැගිටින්නත් බෑ.5. නායකයෙක් නම් චංඩියෙක් වෙන්න ඕනෙ.
බබාට මතකයි අර ගස් බැන්ද කතාව එහෙම. ම්... තව මොනවද කියල හිතල ලියාගෙන යනකොට ඔන්න අම්ම ඇවිත් පොතට එබුනා.
"අනේ දෙයියනේ මෙන්න ඇවිත් බලන්නකෝ මේ ළමය ලියල තියන රචනාව"කියල අම්මා කෑගහල අප්පච්චිට කතා කළා.
"හ්ම්.. ඔය කෙරිල තියෙන්නේ. මීට පස්සේ TV News තහනම්. මෙහෙම ගියොත් මේ ළමයා මොනව ඉගෙන ගනීද දන්නෙ නැහැ?. ඔය ඉගෙන ගන්න දේවල් නම් ඉතින් හමුදා පුහුණුවට යවල වත් මකන්න නම් බැරිවෙයි'
බබාට හොඳටම දුක හිතුනා. අඬන්න ඔන්න මෙන්න කියල හිටිය බබාට අම්මා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් අච්චු ගහලා බෙදා හැරිය කොලයක් ගෙනත් දුන්නා. ඒකෙ තිබුනෙ මෙහෙම.
"ලොක්කා තම පිරිස් දක්කනවා
නායකයා තම පිරිස් දිරිගන්වනවා
ලොක්කා බලය පතුරනවා
නායකයා හොඳ හිත පතුරනවා
ලොක්කා බය ඇති කරවනවා
නායකයා දයාව විහිදවනවා
ලොක්කාගේ කතාව නිතරම "මම" ගැන
නායකයාගේ කතාව නිතරම "අපි" ගැන
ලොක්කා සොයන්නේ වැරදිකරු කවුද කියායි
නායකයා සොයන්නේ වරද කොතැනද කියායි
ලොක්කා කාර්යය කළයුතු අන්දම හොඳින් දන්නවා
නායකයා කාර්යය කළයුතු අන්දම හොඳින් දක්වනවා
ලොක්කා තම පිරිස් ගැරහුමට ලක් කරනවා
නායකයා තම පිරිස් නිසි ලෙස කාර්යයෙහි යොදවනවා
ලොක්කා ගෞරවය බලෙන් ලබා ගන්නවා
නායකයා ගෞරවය ඉබේම ලබා ගන්නවා
ලොක්කා රාජකාරිය හිසරදයක් කරනවා
නායකයා රාජකාරිය ආස්වාදයක් කරනවා."
බබාට දැන් TV News තහනම්. අම්මා දුන්න කොලේ තියන දේවල් එහෙමම ලියන්න බබාට හිතෙන්නෙ නැහැ. බබා කැමති බබා දකින බබාට පෙනෙන දේ ලියන්න. පුලුවන් නම් මේක කියවන අක්කලා, අයියලා, මාමලා නැන්දලා බබාට ටිකක් උදව් කරන්න එයාගෙ රචනාව ලියා ගන්න.
බබා අලි බබාගේ ලචනවා බබා ට්ටට පෙල්ලල්ල
ReplyDeleteබබ්බු ඉස්කෝලෙ යන්නෙ නෑනෙ රචනා ලියන්න.:)
ReplyDelete"ලොක්කා තම පිරිස් ගැරහුමට ලක්කරනවා" කියන එක අපේ ලොක්කට අදාල නෑ. මොකද අපේ ලොක්ක වටේ ඉන්න තරමක් හොරු,කෛරාටිකයො, මැරයො තමයි ඉන්නෙ. උන්ට දරුවන්ට වගේ ලොක්ක සලකන්නෙ.
පට්ට ඇ
ReplyDeleteබබාගේ උනත් සිරාම කතාව...
ReplyDeleteබබා මොක බැලුවත් කොහොම හිතාවිද කියල අපි කොහොමෙයි දන්නෙ?
ReplyDelete"ලොක්කෙකු නොව නායකයෙකු වන්න" කියන වාක්‍යය අපේ පාසලේදී නිතරම අපිට මතක් කරපු දෙයක්. ඒ කාරණාව ගැන ඔයාගේ ලිපියෙන් සවිස්තරාත්මකව පෙන්නලා දීලා තියෙන හැටි හරි වටිනවා.
ReplyDeleteබෞද්ධ නායකයෙක්, විදිහට බබාව පුරුදුකරන්න නංගියේ. දයාව කරුණාව සමානාත්මතාවය අගයන රටේ නායකයො බිහිවුන දවසට අපේ රට දිනුම්. කාලයක් යාවි එහෙම වෙන්න. නමුත් දැන් දැන් උඩුගං බලා පිහිනන පිරිසක් තරුණයන් අතරේ ඉන්න නිසා එහෙම අය ඉදිරියට බිහිවෙයි කියල මට විශ්වාසයි.
ReplyDelete“If your actions inspire others to dream more, learn more, do more and become more, you are a leader.”
ReplyDelete-John Quincy Adams -6th US President
“ඔබේ ක්‍රියාවන් අනිත් අයට වඩා දැයක් පතන්නට, වඩා දේවල් ඉගෙන ගන්නට, වඩා දැයක් කරන්නට, වඩා සුදුස්සෙක් වන්නට දිරි දෙනවා නම් ඔබ නායකයෙකි.” -ජෝන් කුවින්සි ඇඩම්ස් -ඇමෙරිකාවේ හයවැනි ජනාධිපති
නායකයෙක් නම පගාව ගහල අහු නොවී ඉන්න හැටි ගෝලයින්ට උගන්නනවා
ReplyDeleteනායකයෙක් නම් අනුන් කල ගේත් තමන් කලදේ හැටියට ප්‍රසිද්ද කරනවා
නායකයෙක් නම් වැඩ කරන්න පුළුවන් තමුන්ට වඩා දැනුම ඇතී ඉහලට ඒමේ හැකියාව පෙනෙන හැම එකාම කපනවා.
නායකයෙක් නම් හොර වැඩ කරන උන් වට කරගෙන උන්ව ආරක්සා කරනවා
නායකයෙක් නම් ... ( අයියෝ වැරදුන.. මෙවුව කොහොමද පොඩි එකෙකුට කියන්න ලජ්ජා නැතුව ?)
@වැප්: නොතේරේ.
ReplyDelete@``` Outsider``` : මොන ලොක්කද ඒ හැබෑටම.
@buwa ස්තුතියි ඈ.
@ගයන්ත: බබාලට තමයි දකින දේ හරියටම කියන්නේ.
@Hishan Melanga : බබාම ඔය ලියල තියෙන්නේ.
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත: ඒත් අපිට ඉන්නෙ වැඩි හරියක් ලොක්කොනේ.
@Chandi: ඒත් ළමයි හැදෙන්නේ අවට පෙනෙන ඇහෙන දේ බලලා. විශේෂයෙන් TV එක ළමා මනසට ලොකු බලපෑමක් කරනවා.
@arunishapiro : ඒක හරි. ඒත් ළමයින් ඉගෙන ගන්නේ තමන් දකින ඇහෙන දෙයින් මූලිකව.
මැණික්