කරුනාහරන්ට භාෂාව නොතේරීම නිසා වුන වස වැරැද්ද ගැන ලියවුන කලින් කතාව මතක ඇතිනේ. ඉතින් මේ කරුනාහරන්ගෙ මාමා කෙනෙක් ඉන්නවා බම්බලපිටියේ. පේරාදෙනියට ඇවිත් මාසයකට විතර පස්සේ කරුනාහරන් මාමා බලන්න බම්බලපිටි ගියා. කොළඹට ඇවිත් දන්න ඉංග්‍රීසි පාවිච්චි කරලා බම්බලපිටියට යන බස් එකක් හොයාගෙන නැගලා රියදුරු මහතා ලඟම තියන අසුනේ වාඩිවුනේ ඉක්මනින් බැහැගන්න හැකි පහසු කම ගැන හිතලයි. මේ වෙන කොට කරුනාහරන් තව වැඩිපුර සිංහල වචන ටිකක් ඉගෙන ගෙන තිබුනා. බස් හෝල්ට් එකක් කිට්‍ටු වෙන කොට කොන්දොස්තර මහත්තයා "බහිනවා" කියල කෑගහන කොට රියදුරු මහත්තයා බස් එක නවත්තන හැටි කරුනාහරන්ට පෙනුනා.
දැන් ඉතින් කරුනාහරන් බහින තැනත් කිට්‍ටු වුනා. රියදුරු මහත්තයා ලඟට කිට්‍ටුවෙලා කරුනාහරන් "වහිනවා" කිව්වා. දෙමළ භාෂාවෙ "බ" ශබ්දය නැති නිසා කරුනාහරන්ට "බ" වෙනුවට තමයි "ව" කියවෙන්නේ. ඒ වෙලාවෙ හීං පොද වැස්සකුත් තිබුන නිසා රියදුරු මහත්තයා "හ්ම්" කියල කිව්වා. ඉතින් කරුනාහරන් හිතුවා "හරි දැන් හෝල්ට් එකේ බස් එක නවත්තයි" කියල. හෝල්ට් එකත් පහු කරලා බස් එක යනවා දැක්ක කරුනාහරන් ආයෙමත් හයියෙන් "වහිනවා.......... වහිනවා" කියල කෑගැහුවා. රියදුරු මහත්තයටත් දැන් ටිකක් තරහ ගිහින්.
"ඔව්... ඉතින් මොකද ? .... වහිනවා තමයි" කියපු රියදුරු මහත්තයා තව හයියෙන් බස් එක පදවන්න ගත්තා. සිද්දවුනදේ තේරුම් ගන්න බැරිවුන කරුනාහරන් අන්තිමට කොන්දොස්තර මහත්තයා ඊලඟ බස් හෝල්ට් එකේ "බහිනවා" කියල කෑගහලා බස් එක නැවැත්තුවම දඩිබිඩි ගාලා බස් එකෙන් බැහැ ගත්තා.
මට මේ කතාව කිව්වේ කරුනාහරන්ගෙ යාලුවෙක්. මේ කියන කරුනාහරන් දැන් ලොකු තනතුරක් දරන කෙනෙක්. කොහොම කොහොම හරි මේ අකරතැබ්බ ඔක්කොම වෙලා දැන් නම් කරුනාහරන්ට හොඳට සිංහල කතා කරන්න පුලුවන් කියලයි යාලුවා කිව්වේ. ඒත් තවම අර "බ" වෙනුවට "ව" කියන ප්‍රශ්නය නම් එහෙම්මමලු.

ඔය ව යන්න නිසා ලොකු විනාසයක් කොර ගන්නවා
ReplyDeleteඔය දෙමළ භාෂාවේ "බ" යන්න නැතිනිසා ඒ දවස් වල කලබල තිබුන කාලේ දෙමළද නැද්ද කියලා දැනගන්න මිනිස්සුන්ට " බාල්දිය " කියලා කියන්න කියනවා කියලා මම අහලා තියෙනවා..
ReplyDeleteපවු ඒ මනුස්සයා යන යන තැන ඇනගන්නවා නේ....... :D
ReplyDeleteකරුණාහරන්ට එහෙම හරි සිංහල පුළුවන්. සිංහල අපි කී දෙනාට ද දෙමල පුළුවන්?
ReplyDeleteමෙහෙමයි, අපි මහ ජාතිය (මම ඒ වචනෙට එච්චරම කැමති නෑ) නිසා දෙමළ ඉගෙන ගැනීම මඟහැරිලයි තියෙන්නෙ. ඒත් දෙමළ අය සිංහලත්, සිංහල අය දෙමළත් ඉගෙන ගන්නව නම් රටේ තියෙන ප්රශ්න වලින් බාගයක් නිකම්ම විසදෙනවා..
මේක මම නිකන් අදහසක් විදිහට කිව්වෙ..
ස්තුතියි මේ කතාව අපිට ගෙනාවට..
අපේ නoගියෙක් ඉන්නවා දැන් 8 වසරේ එයාට අඹ කියන්න බෑ. කියන්නේ අබ කියලා.මේක කියෙව්වාම මට එයාව මතක් වුනා
ReplyDeleteඔය "ව" යන්නෙ කේස් එක ගොඩක් දෙමල අයට, මුස්ලිම් අයට තියනවා නේ .....
ReplyDeleteස්තුතියි හැමෝටම.
ReplyDeleteමැණික්