ආරච්චි අත්තා ඉස්සර කාලේ ගම් වල හිටපු, විශ්‍රාම ගිය ආරච්චිල කෙනෙක් වුන නිසා ගමට විතරක් නෙවෙයි තමන්ගෙ ගෙදර අයට, නෑදෑ හිතවතුන්ටත් තමන් ආරච්චිල කියන තාලෙන් බොහොම තේජස පතුරගෙන තමයි ජීවත්වුනේ. අපේ අත්තම්මා ආරච්චි අත්තගෙ නංගී වුනත් "මයෙ ලොකු අයියණ්ඩි" කියල බොහෝම ගරු සරු ඇතිවයි කතා කලේ. ඒත් බොහොම සීමා සහිතව. කවමදාකවත් හරි හරියට ඉඳගෙන කතා කරනව නම් දැකලම නැහැ කියලයි අපේ අම්මා කියන්නේ.
අපේ ලොකු අම්මගෙ පුතා සේන අයියා අපේ අත්තම්මා ගාව නැවතිලා තමයි පුංචි කාලේ ඉඳල ඉස්කෝලෙ ගියේ. සේන අයියා හරිම දඩබ්බරයා. හිතුන දෙයක් කරනවා. ඒ වගේම කපටි මොල කාරයා. කරන හොර වැඩ අල්ලන එකත් ලේසි නෑ. මේ කියන කාලේ ඕන්නම් සේන අයියට වයස අවුරුදු දහයක් විතර ඇති. ඒත් ගස් බඩ ගාන්න රුසියා. හඳ පායන දවසට සේන අයියට රෑට ගෙදර ඉන්න හිත නෑ. සෙල්ලමට අනුන්ගෙ වතුවල කුරුම්බා කඩලා බොනවා. අනුන්ගෙ වතු කිව්වට ඒ ගමේම හිටියෙ ලඟ නෑදෑයො. දවල් කාලෙ ඉල්ලුව නම් කුරුම්බා ගෙඩියක් දෙකක් ඉල්ලගන්න අමාරුවක් නැති වුනත් මේ හොරෙන් කඩල බොන එක තමයි සේන අයියට විනෝදයක් වුනේ. ඒකටම හරියන්න බාලම පුංචි අම්මල දෙන්නත් එකතු වෙලා හිටියා.
ආරච්චි අත්තගෙ ගෙදර මිදුලෙ රන් තැඹිලි ගහක් තිබුනා. ඔය ගහේ ගෙඩි නම් ඉල්ලලවත් බොන්න විදියක් නැහැ. ගහේ ගෙඩි ටික ගමේ පන්සල වුන සගම රජ මහා විහාරයට වෙන් කරල තිබුනේ.ආරච්චි අත්තා නිතරම ඔය ගහට ඇහැ ගහ ගෙනමයි හිටියේ. ඉතින් කොහෙ රන් තැඹිලි බොන්නද? ඒත් ඉතින් අපේ සේන අයියට ඕක අතෑරල බෑ. එක හඳ තියෙන දවසක හිමින් සීරුවේ ඔන්න ගහට නැග්ගා. ගෙඩි දෙක තුනක් කඩන කොට ඒ වෙනකොටත් වයස හැට හැත්තෑවක් වෙච්චි ආරච්චි අත්තගෙ කන් දෙකට සිද්දවෙනදේ ඇහුනා. රෑ කාලෙට නිතරම අතේ තියාන ඉන්න ටෝච් එකත් අරගෙන
"කවුද යකෝ මේ රෑ ජාමේ මයෙ ගහේ නැග්ගේ?"
කියාගෙන එලියට දුවගෙන ආවා. ගහ යට රන් තැඹිලි ගෙඩි හතරක් වැටිල තියනවා. ටෝච් එක අල්ලලා උඩ බැලුවම කවුද කෙනෙක් ගහ උඩ ඉන්නවා යන්තමින් දැක්කා. ඇස් පෙනීමත් ඉතින් ටිකක් දුර්වලයි නොවැ.
"හ්ම්.. උඹ මගෙන් බේරෙන්නද? කොයි වෙලාවක හරි ගහෙන් බහින්නැතෑ"
කියල ඔන්න ඉතින් ගහ යටම ටෝච් එකත් අරන් හරි බරි ගැහිල ඉඳ ගත්තා. හැබැයි අපේ සේන අයියත් ඉන් විනාඩි දෙක තුනකට පස්සේ
"ලොකු අත්...තා... මොකද මේ මහසෝන් සමයම එලි බහින වෙලාවෙ මේ ගහ යට තනියම" කියාගෙන එතනට ඇවිත් ආරච්චි අත්තා ලඟම ඉඳ ගත්තා. අනේ ඉතින් ආරච්චි අත්තත් වෙච්චි සංගදිය සේන අයියට කිව්වා.
"ඒකනෙ ලොකු අත්තා මුන් තියන්න වටිනවද. ඉන්න මමත් අත්තට තනියට ඉන්නම්"

කියල බොහෝම ලෙන්ගතු විදියට කතා කරලා ආරච්චි අත්තගෙන් අර කඩාපු රන් තැඹිලි ගෙඩි ටිකත් ඉල්ල ගත්තා. "අනේ මට උදව්වට ආව මයෙ කොල්ලනේ" කියල හිතල වෙන්ට ඇති ආරච්චි අත්තත් හාහූවක් නැතිවම රන් තැඹිලි ගෙඩි ගෙනියන්න අවසර දුන්නා. තවත් ටික වෙලාවක් ඉඳලා සේන අයියා කිව්වළු
"අනේ ලොකු අත්තා තවත් නම් මට ඉන්න බෑ මයෙ කකුල් දෙකත් වෙව්ලනවා. කෝ ඉතින් ඔය ගහේ ගිය කෙනෙක් ආපහු බහින්න දැන් කාලේ හරිනේ. ඉන්තේරුවෙන්ම ඔය නම් මහසෝන් අවතාරය තමයි. මං යනවා යන්ට"
කියල අර රන් තැඹිලි ගෙඩිත් අරන් ගෙදර ඇවිත්. ඉතින් පුංචි අම්මලා අත්තම්මට හොරෙන් රස කර කර තැඹිලි බොන ගමන් අහලා
"කොහොමද ඉතින් ගහෙන් බැස්සේ?" කියල.

"ඇයි පුංචි අම්මේ ඔය තැඹිලි ගහේ ගෑවි ගෑවි ඔය යස අගේට දෙල් අත්තක් තියෙන්නේ. මං ඉතින් දවල් කාලේ ඔය විත්ති බලාගෙන තමයි කොයිදේත් කරන්නේ"
කිව්වළු. නරක නෑ නේද කපටි මොලේ. අඩුපාඩු නැතිව තවමත් ඒ මොලේ නම් ඕං එහෙම්ම තියනවා තවම.
ඒත් පහුවදා ඔය කතාව අහපු අත්තම්මා නම් කියල තියනවා
"අනුමා....නයක් නෑ මයෙ අයියණ්ඩි, ඔය වැඩේ නම් කොරල තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි අර අපේ එකාම තමයි" කියල.

හරිම ලස්සන කතාව. ඒ කාලෙට ගියා වගේ. ස්තූතියි මැණික්.
ReplyDeleteසේන අයියාගෙ නියම මොලේ...
ReplyDeleteමම ඔය පැත්තෙ ආවද..??
ReplyDelete