-->

Thursday, April 7, 2011

"සිංහල ගෙදර මටී බලී"

ඔන්න අදත් පැරණි රස කතාවක්. ඉස්සර ගම්වල ඉතින් වැඩ පල කෙරුනෙ කාගෙ කාගෙත් සහයෝගයෙන්. කුඹුරු ගොවිතැනේදි වුනත් හැම වැඩක්ම කෙරුනෙ අත්තමට. ඒ කියන්නෙ එක ගෙදරක ඔන්න ගොයම් කැපුමක් තියේ නම් ඒකට ගමේ හැම ගෙදරකින්ම අඩුම ගනනේ එක් කෙනෙක් වත් සහභාගි වෙනවා. මේ විදියට ගමම එකතු වෙලා තම තමන්ගෙ වැඩ පල කර ගත්තා. දැන් නම් මම හිතන්නෙ කිසිම ගමක මේ පැරණි එකමුතු කම තියනවද මංදා. හැම දෙයක්ම මුදලින් තක්සේරු කෙරෙන සමාජයකට අපි තල්ලු වෙලා ගිහින් ඉවරයි. ඒ නිසාම ඒ කාලේ කිසිදාක අහන්න නොලැබුන ගොවියන් වසබී දිවි නසා ගැනීම වැනි දේවල් දැන් නිතර නිතර අහන්න ලැබෙනවා.
ඒ වගේමයි ජාතික එකමුතුව ඇති කරන්න කවුරුත් පාද යාත්‍රා යන්න ඕනෙ වුනෙත් නෑ. දෙමළ, සිංහල, මුස්ලිම් හැම කෙනෙක්ම හරිම සහයෝගයකින් ජීවත් වුනේ. ගමේ හැම වැඩකටම හැම කෙනෙක්ම ජාති බේදයක් නැතිව සහභාගි වුනා. ඒ තමයි අපේ නියම සිංහල කම.
මේ කතාවත් බලි තොවිලයකට සම්බන්ධ එකක්. බලි තොවිලයක එක් ප්‍රධාන කාරියක් තමයි බලි ඇඹීම. එක එක බලි වර්ග තියනවලු. මම නම් අහලා තියෙන්නෙ මල් බලි හා මැටි බලි ගැන පමණයි. අහල තියනව නේද අර දස්කොන් ප්‍රමිලා පෙම් කතාව රජ්ජුරුවන්ට අහුවුනෙත් මේ විදියට අඹපු ප්‍රමිලා බිසවගෙ රූපයක අඩුවක් තියනවා කියල දස්කොන්  ඒ මැටි රූපයේ කලවයේ ලපයක් තියන්න උපදෙස් දෙන්න ගිහින්ලුනේ. අනේ මංදා දස්කොන්ටත් කට තියාගෙන ඉන්න බැරිවුන හැටි. මං හිතන්නේ අපේ කාලේ දස්කොන්ලා නම් එච්චර මෝඩ නෑ.
ම්...  වැල් වටාරම් කියන්න ගිහින් කතාව අමතක වුනා. ඉතින් ගමේ ගෙදරක තිබුන බලි තොවිලයකට ඒ ගෙදරට නිතර යන එන දෙමළ සහෝදරයෙකුත් රෑ නැවතී සහභාගි වුනා. ඒත් මේ අපේ සින්නසාමිට පොඩි දෙයක් අමතක වෙලා තිබුනා. ඒ තමයි තමන් එදා රෑ බලි තොවිල් ගෙදර නවතින බව ගෙදර උන්දැට කියන්න බැරිවීම. ඒත් ආපහු ගිහින් එන්න විදියක් තිබුනෙත් නැති නිසා එහෙම්ම නැවතිලා පහුවදා උදේම ගෙදර ගියා. රෑ පානේ ගෙදර එයි කියල බල බලා ඉඳල බැරි තැන ගෙදර ඈයෝ මගටත් ඇවිත්. ඉතින් දෝසයක් කියන්න කලියෙන් අපේ සින්නසාමි මෙන්න මේ විදියටලු විස්තරේ කියල තියෙන්නේ.

සිංහල ගෙදර ම...ටී    බ....ලී .....
යේක යෙතන යෙලි වෙන කං යෙක වදයයි
යෙක මුනියෙක් බෙර ගෙඩියක් බඩ බැඳගෙන
යේක යෙතන යෙලි වෙනකං යෙක වදයයි

යෙක මුනියෙක් කාෂි මල්ල ෂොලව ෂොලව
යේක යෙතන යෙලි වෙනකං යෙක වදයයි
සිංහල ගෙදර ම...ටී    බ...ලී

1 comment: