සිහිනයක සිටියෙමි - පිස්සන් සිටින ලෝකෙක
එක් එක් අය සතුව - නේක සිර කුටියන් ඇති
රන් රිදී පැහැයෙන් - දිදුලමින් පිටතින්
අඳුරුවූ සිර කුටි - මවයි සිත සන්තාපය
"මං ආදරෙයි ඔබට.." - පවසයි එකෙක් හඬමින්
"ඔබ නැතිව මේ ලොව - මට කිසි පලක් නැත".
"සෙනෙහස මගේ මේ - සාගරය පරදාවි"
"ප්‍රේමය කොතෙක්දැයි - නොදන්නෙහිදෝ ඔබ තව"
"ඔය නීල නෙතු යුග - කවදා මට ලැබේවිද"
"සිසිවන ඔය උවන - සඳවතද පරයනු ඇත"
" සොඳුරු ඔය තොල්පෙති - කෙතරම් සුන්දරද"
"දෙව්දුවක් බඳුවූ - සොඳුරු ඔය රුව මන ලොල්"
එකිනෙකා පරයා - නැගෙන මේ හඬ අතරේ
මුලාවක වෙලෙමින් - සිරකුටි වලට පිවිසෙයි
ඉනික්බිති කලකින් - හිනාහඩ වියැකී ගොස්
ඇසෙයි මට පිටතින් - නැගෙන සෝදුක් අඳෝනාවන්
අහෝ කිම මේ වූයේ - මා ද සිරකුටියක නොවැ
මටද නොදැනී ඇයි - මෙවන් විපතක් වූයේ
සිරුර හැරදා මම - නික්ම ආයෙමි සැනෙකින්
වෙව්ලයි මගේ සිත - අදහනු නොහැක මේ සැම
සෙනෙහසද ප්‍රේමය - ආදරය හා තව නෙක
නාමයන් දී සිරුරට - ලොබ බඳින මේ හීනය
කෙතරම් නිසරුදැයි - කියා දෙන්නේ කවුරුද
හීනයෙන් අවදිව - දැකිය හැකිවෙද ලෝකය
එක් එක් අය සතුව - නේක සිර කුටියන් ඇති
රන් රිදී පැහැයෙන් - දිදුලමින් පිටතින්
අඳුරුවූ සිර කුටි - මවයි සිත සන්තාපය
"මං ආදරෙයි ඔබට.." - පවසයි එකෙක් හඬමින්
"ඔබ නැතිව මේ ලොව - මට කිසි පලක් නැත".
"සෙනෙහස මගේ මේ - සාගරය පරදාවි"
"ප්‍රේමය කොතෙක්දැයි - නොදන්නෙහිදෝ ඔබ තව"
"ඔය නීල නෙතු යුග - කවදා මට ලැබේවිද"
"සිසිවන ඔය උවන - සඳවතද පරයනු ඇත"
" සොඳුරු ඔය තොල්පෙති - කෙතරම් සුන්දරද"
"දෙව්දුවක් බඳුවූ - සොඳුරු ඔය රුව මන ලොල්"
එකිනෙකා පරයා - නැගෙන මේ හඬ අතරේ
මුලාවක වෙලෙමින් - සිරකුටි වලට පිවිසෙයි
ඉනික්බිති කලකින් - හිනාහඩ වියැකී ගොස්
ඇසෙයි මට පිටතින් - නැගෙන සෝදුක් අඳෝනාවන්
අහෝ කිම මේ වූයේ - මා ද සිරකුටියක නොවැ
මටද නොදැනී ඇයි - මෙවන් විපතක් වූයේ
සිරුර හැරදා මම - නික්ම ආයෙමි සැනෙකින්
වෙව්ලයි මගේ සිත - අදහනු නොහැක මේ සැම
සෙනෙහසද ප්‍රේමය - ආදරය හා තව නෙක
නාමයන් දී සිරුරට - ලොබ බඳින මේ හීනය
කෙතරම් නිසරුදැයි - කියා දෙන්නේ කවුරුද
හීනයෙන් අවදිව - දැකිය හැකිවෙද ලෝකය

පිස්සන් අතර සිටින
ReplyDeleteමිනිසෙකු යනු.......
නිස්සන් අතර වෙසෙන
සුදුස්සෙකු යනු.......
අඳුර ඇති තැනක
එළිතිතක් යනු........
අසම්මතයේ තවත් එක
ආත්මයක්ම පමණක්ද?
මිනිසුන් අතර සිටින
උන්මත්තක්යෙක් යනු.......
සුදුස්සන් අතර වෙසෙන
නුසුදුස්සෙකු යනු.......
ආලොකය අබිමුව
අඳුරු මුල්ලක් යනු........
සම්මතයෙන් බැටකන
අසරණකමම පමණද?
මට අලුත් දෙයක් ..කියා දුන් පද පෙලක් ..ඔබ සාර්තකයි......
ReplyDeleteමැණික් පරණ දෙයක් අලුත් විදියකට හිතලා නෙද... ලස්සනයි..... කාලෙකින්නෙ ඔයාව මෙහෙම හමුවෙන්නෙ. හරිම ලස්සනයි මෙ වචන කිපය. මටත් අදහාගන්න බැහැ මම මෙ දකින්නෙ මගෙම ලොකයද කියලා වටෙ පිටෙ බලපුවාහම පුදුමත් හිතෙනවා.
ReplyDeleteහරිම අපූරු සිතුවිල්ලක් ලස්සනට ලියල තියෙනව.
ReplyDeleteනිසරු බව දැනුනත් ඒ හීනයෙන් අවදිවීම පහසු නොවේ. සිහිනයක් බව දැන දැනම ඒ තුළ ජීවත්වීමත් සිහිනයක් වගේ.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි අදහස් දැක්වූ හැමෝටම.
ReplyDeleteමැණික්(සුළඟ)
මේක නම් ඇත්තටම මාරයි..
ReplyDelete