-->
කවුරුන්ද ඔබ..??
සඳ සෙමෙන් මෝදුවී මගේ නළලත සිඹියි
ඔබ හෙමින් පාව විත් සිතේ තත්සර බිඳියි
පියාපත් ලැබී සිත ඉගිල්ලෙයිදෝ බයයි
සිහින් ස්වරයෙන් ගැයෙන ගීය ඔබදෝ සිතෙයි
සඳේ සිතුවම් රටා හිතේ කොනකද ඇඳෙයි
එහි පාට තැවරුවේ සුරගනන්දෝ සිතෙයි
මල් පියල්ලක සුවඳ සිත පුරා මෝදු වෙයි
පන්සිළුගෙ වෙන තතින් ආත්මය කිති කැවෙයි
සඳ සිසිල සීරුවෙන් සිත පුරා ගලා යයි
පුර හඳට පෙම් බඳින සිතේ කොඳ මල් පිපෙයි
කොඳුරනා මඳ සුළඟ කියන රහසක් ඇසෙයි
හදේ ගැඹුරින් නිදන ඔබ කවුරුදෝ සිතෙයි
ලස්සනයි අනේ
ReplyDeleteපුර හඳකට පෙම් බැඳ...
ReplyDeleteහිතින් හැමදාම.....
අඩ සඳ දුටු වනම......
හිත නුහුලණ අරුම.....
සිසි කැන් සිසිලසේ
අමතක වෙනවාද......
හිරු එලියම තමයි
ඔය සැඩ මුඩු කෙරුව......
හරිම ලස්සන ආදරණීය කවි පෙලක්.
ReplyDeleteසුන්දරයි..
ReplyDeleteගොඩක් ස්තුතියි අදහස් දැක්වූ හැමෝටම.
ReplyDeleteමැණික්(සුළඟ)
ම්ම්ම්ම්ම්ම් හරිම ලස්සනයි..:-)
ReplyDelete