බොහෝ කලකට ඉහතදී ස්ත්‍රී පුරුෂ ආත්මයන් ඒකාත්මිකව පැවතින. ඒ තුල ලොව තුල පහලවූ මිහිරිම සතුටද සුන්දරත්වයද දෝරේ ගලා යමින් තිබුනි. නමුත් එය මැවූ දෙවියන් ඒ වනවිට මුහුන දී සිටියේ නොවිසඳිය හැකි ගැටළුවකටය. එනම් ඒකාත්මික ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුනොවුන් හා එක්ව ආත්මීය සංතුෂ්ටියේ ගිලී සිටිනු මිස ජීවයේ පැවැත්ම ගැන අබ මල් රේනුවක හෝ තැකීමක් නොකිරීමයි. දෙවියෝ තීරණයකට එළඹුනහ. ඒකාත්මික ස්ත්‍රී පුරුෂ ආත්මයන් දෙකඩ කොට වෙන් කරන ලදී.
ඉදින් එදා සිට තම ආත්මයේ ඉතිරි අඩ (soulmate) සොයමින් ස්ත්‍රීන්ද පුරුෂයන්ද ලොව සැරි සරයි. සම්මත ලෝකයේ විවිධාකාර වූ මායාවන්ට හසුව තමන්ගේ ඉතිරි අර්ධය යැයි මුලාව ස්ත්‍රීන්ද පුරුෂයන්ද ඒකාත්මික වීමට එක් වෙති. දෙවියන් පැතූ ලෙස ජීවය උපදී. පැවත්ම ගලායයි. එහෙත් මුලාවෙන් මිදි සත්‍යය දකින විට ඒ තමා සෙවූ තමාගේ ඉතිරි අඩ නොවන බව අවබෝධ කර ගන්නා ඔවුන් දුක් වෙමින් පසුතැවෙමින් යලි සෙවීමේ යෙදෙයි. නමුත් එය නිරර්ථක උත්සාහයක් බව දන්නේ දෙවියන්ම පමණි.
ඒකාත්මික ස්ත්‍රී පුරුෂ බව දෙකඩ කරන විට දෙවියෝ තවත් අනිවාර්ය අංගයක් ඊට එකතු කලහ. එනම් කිසිවිටක මෙම සමාන අර්ධයන් නැවත මුන ගැසීමට හෝ එකතු වීමට ඉඩක් නොතැබීමය. පෙර අත්දැකිම් අනුව සමාන අර්ධයන් නැවත ඒකාත්මික වුවහොත් ජීවයේ පැවැත්මට ඉන් බාධා පැමිනිය හැකි බව දෙවියන් දැන සිටීම ඊට හේතුවයි. මේ බව නොදත් ස්ත්‍රීන්ද පුරුෂයන්ද තම තමන්ගේ ආත්මයන්හි ඉතිරි අර්ධය සොයමින් ලොව සැරිසරයි. සම්මත ලෝකයේ මායාවන්හි පැටලෙති. තම ආත්මයේ අර්ධය මෙන් පෙනෙන ඡායාවන්ට හසු වෙති. කලාතුරකින් යමෙකුට එය මුන ගැසුනද දෙවියන්ගේ තීරණය අනුව එක්කෝ එය පවතින්නේ අත නොපොවන මානයේය. නැතහොත් අතට හසුවී නැවත කිසිදා ඊට ලංවීමට නොහැකි අයුරින් අදෘශ්‍යමානව ලෝකයෙන් සැඟව යයි.
අනේ දෙවියන් කළ විපතක මහත???
ඉතින් තවමත් ඔබ ඔබේ ආත්මයේ ඉතිරි අර්ධය (soulmate) සොයමින් නිරර්ථක ගමනක යෙදෙන්නේද??

(සංකල්පනයක් පමණි)

තිත්ත ඇත්ත....
ReplyDeleteමේ සුළඟට ම හිතුනු දෙයක්ද? අනේ හරිම ලස්සනට පෙළ ගස්වලා තියෙනවා.
ReplyDeleteඑතකොට මයියා ට මුණ ගැසී ඇත්තේ හරියටම ගැලපෙන අඩ නොවේද?..සද්ද නොකර ඉන්න ඕනැ,,දේවියන්ට එක තැනක් වැරදිලා වගේයි..
ReplyDeleteඑතකොට දෙයියො වෙනත් ලෝකෙක කුමන්ත්‍රණකාරී බලවේගයක්ද?
ReplyDeleteහරියට අපේ රටේ හැම කැකිරි ගෙඩියටම විරුද්ධව කුමන්ර්‍ත්‍රණය කරනව කියන විදේශීය බලවේග වගේ.
කොහොම වුණත් තමන් තුල තියෙන අර්ධය තමන් තුලම සම්පූර්ණ කර ගත්තොත් හරිනෙ.
තමාගේම සමානයා මුණ ගැසුණු දිනයකදි
ReplyDeleteමියයන්න නියමිත බව සැබෑවක්ද???????
සිතුනි මට..........
හැමෝටම ස්තුතියි. ඇත්තටම මට කියන්න ඕනෙ වුනේත් outsider කියන්න අදහස් කළ දේමයි. පිටතින් පරිපූර්ණත්වය සෙවීම නිරර්ථක උත්සාහයක් පමණයි. අප පරිපූර්ණ විය යුත්තේ අප තුලමය.
ReplyDeleteලස්සන අදහසක් හරිම නිර්මාණශීලී විදියට කියල තියෙනව.
ReplyDeleteමහ බඹා කළොත් කරන්නෙ ඔය වගේ වැඩක් තමයි. කස්තුරි ඕනෙ නැති තැනක තිබ්බා කියන්නෙත් මහ බඹාමනෙ
ReplyDelete