රාවණා මහ රජුනි - හිස නමමි මම ඔබට
අනෙකෙකුට අයත් වූ - සිරුර වෙත ලං නොවූ .... !!
මගේ මුළු ආත්මය - ප්‍රේමයෙන් ඔබ වෙතට
එතැයි ඔබ එක සිතින් - බලා සිටි බව දනිමි
ඔබේ හිස රාමගේ - කගපතින් වෙන්ව ගිය
අසුභ හෝරාව තුළ - දැනුණි මට පැහැදිලිව
ආදරය මා පැතූ - ඔබ සතුව තිබුණු බව
රාමාට නොවැටහුනු - මසිත කියවූ බැවින්
සිතක් නැති සිරුර ගෙන - ගියෙමි රාමා සමග ...
රාවණා ...!! ඔබට මම - දැන් කෙසේ කියන්නද?
මගේ මුළු ආත්මය - ඔබේ මතකය සමඟ
මිහිදන්ව ගිය බවක් - සදාකාලික ලෙසට
රාම ...!! ඔබ මට සැදූ - චිතකයට නගිමි මම
ඔබට හැර මේ සිරුර - අනෙකෙකුට කිසි කලෙක
හිමි නොවූ බව කියා - පෙන්වන්න ලෝකයට
එයද පතිනියකවී - සපථ කළ යුතු ලොවට?
අනෙකෙකුට අයත් වූ - සිරුර වෙත ලං නොවූ .... !!
මගේ මුළු ආත්මය - ප්‍රේමයෙන් ඔබ වෙතට
එතැයි ඔබ එක සිතින් - බලා සිටි බව දනිමි
ඔබේ හිස රාමගේ - කගපතින් වෙන්ව ගිය
අසුභ හෝරාව තුළ - දැනුණි මට පැහැදිලිව
ආදරය මා පැතූ - ඔබ සතුව තිබුණු බව
රාමාට නොවැටහුනු - මසිත කියවූ බැවින්
සිතක් නැති සිරුර ගෙන - ගියෙමි රාමා සමග ...
රාවණා ...!! ඔබට මම - දැන් කෙසේ කියන්නද?
මගේ මුළු ආත්මය - ඔබේ මතකය සමඟ
මිහිදන්ව ගිය බවක් - සදාකාලික ලෙසට
රාම ...!! ඔබ මට සැදූ - චිතකයට නගිමි මම
ඔබට හැර මේ සිරුර - අනෙකෙකුට කිසි කලෙක
හිමි නොවූ බව කියා - පෙන්වන්න ලෝකයට
එයද පතිනියකවී - සපථ කළ යුතු ලොවට?

මේක නම් හරිම ලස්සනයි..
ReplyDeleteකොතනද කියල හරියට ම මතක නැති වුනත් මම
දවසක් බ්ලොග් එකක මේ කතාව ම දැක්ක.. කවියකින් නම් නෙවෙයි..
හ්...........ම් කොහේදිද කියල නම් මටත් මතක නෑ . මාත් කියෙව්ව මේ වගේම අදහසක් හරිම නිර්මාණාත්මකයි.
ReplyDeleteසීතාවට අඵත් අර්ථ කතනයක්. ඒත් පරණ සීතානම් රාවණා රජුට ඇළුම් කලේ නෑ. අනෙකුන්ට අයිති සිරුරකට ළං නොවුණත් අනෙකුන්ට අයිති සිරුරක් පැහැරගෙන යාම නොහොබිනා නිසා වෙන්න ඇති.
ReplyDeleteකවි පද ලස්සනයි.
ලස්සන පද පෙළක්......
ReplyDeleteකලින් ලියලා තිබුන පෝස්ට් එකේ තිබුනේ සීතාව රාවණා පැහැර ගෙන ගියා නෙවෙයි ඇය ඔහු සමඟ කැමැත්තෙන් ගියා කියලයි. මට මේක ලියන්න හිතුනේ සීතාව පරීක්ෂා කරන්න අන්තිමට රාම ඇයට චිතකයට නගින්න කිව්වේ ඇගේ සිත තේරුම් නොගත් නිසා නේද කියලා මට හිතුන නිසයි. එහෙම නම් පැහැර ගෙන ගියත් රාවණා ගෙන් ඇයට කිසිම බලපෑමක් නොවුන නිසා සීතා ඔහු ගැන මෙහි ලියා ඇති විදියට හිතන්න ඉඩ තිබුනා නේද කියලා මට හිතුනා.
ReplyDeleteඅදහස් පළ කල හැමෝටම ස්තුතියි.
මැණික්(සුළඟ)
ලස්සන පද ගැළපුමක්
ReplyDelete