ලෙලදෙන සුදු කොඩිය
ගොක් වැල් හා සිනාසෙයි
සුදුවතින් සැරසී
නෑසියන් පෙලගැසී පැමිනෙයි
නිසලව දෙ අත් බැඳ
නෙතු පිය වසා තරකොට
මහත් සැනසීමෙන්
වැතිරී සිටිමි මම අද
මා නැතිවූ සොවින්
හඬයි වැළපෙයි නෙක දන
කියමින් ඔවුන් හට
අහිමි වූ දේ මා නොමැති සඳ
මල බෙර වැයෙන කල
දනිමි මා යායුතු බව
සැඳෑ කළුවර මැද
තනිව වැතිරෙමි
සොහොන් බිම මත
මොහොතකට පෙරදී
හැඬූ ඒ නෑසිය කැල
යලි එක්ව හිනැහී
කතා බහ අරඹනු ඇත
පුරුදු වේගෙන් යලි
ලෝකය ගලායනු ඇත
මා ගැන මතකයන්
කාලය මකා ලනු ඇත
ගොක් වැල් හා සිනාසෙයි
සුදුවතින් සැරසී
නෑසියන් පෙලගැසී පැමිනෙයි
නිසලව දෙ අත් බැඳ
නෙතු පිය වසා තරකොට
මහත් සැනසීමෙන්
වැතිරී සිටිමි මම අද
මා නැතිවූ සොවින්
හඬයි වැළපෙයි නෙක දන
කියමින් ඔවුන් හට
අහිමි වූ දේ මා නොමැති සඳ
මල බෙර වැයෙන කල
දනිමි මා යායුතු බව
සැඳෑ කළුවර මැද
තනිව වැතිරෙමි
සොහොන් බිම මත
මොහොතකට පෙරදී
හැඬූ ඒ නෑසිය කැල
යලි එක්ව හිනැහී
කතා බහ අරඹනු ඇත
පුරුදු වේගෙන් යලි
ලෝකය ගලායනු ඇත
මා ගැන මතකයන්
කාලය මකා ලනු ඇත

යථාර්තය....:(
ReplyDeleteමරණය විසින් මෙලොවට බැඳි අයිතිය අහෝසි කරයි. එය අඵත් ලොවක් විවර කරනු ඇත. එබැවින් කිම සිතනු ඉන් අනතුරුව අයිතියක් නැති ලොවක සිදුවීම් ගැන.
ReplyDeleteලස්සනයි කවි පෙල...
මොකද එක පාරටම මරණය ගැන ලියන්න හිතුනෙ. කොහොම උනත් ලස්සනට ලියල තියෙන්නෙ.
ReplyDeleteඋපරිමයි..........
ReplyDeleteස්තුතියි හැමෝටම.
ReplyDelete